Monday, May 26, 2014

සතියේ ලග්න පලාපලය - මැයි 26 සිට


මේෂ

මේ සතිය යම්කිසි ආකාරයකට යම් යම් පෙරලි ඇතිවන සතියකි. ඒවා ශුභ අශුභ දැයි කීමට පවා අපහසුය. ඉතාම දුර්ලභ සහ විපරීත ග්‍රහ යෙදුම් ඔබගේ ලග්නය හරහා මේ සතිය තුල පෙන්වයි.
ආර්ථික තත්වයේ ප්‍රබල වෙනසක් අපේක්ෂා කල නොහැකි නමුත් ධනය සහ ඉතිරි කිරීම සම්බන්ධව සතුටු විය නොහැකි බව කිව යුතුය. ලැබෙන මුදල් අරපිරිමැස්මෙන් භාවිත කිරිම නුවණට හුරුය.
තමාගේ මුදල් නොලැබිමට ඉඩ තිබේ.
ගෘහ ජීවිතය ඇතුලත විවිධ ප්‍රශ්න මතුවිමට ඉඩ තිබේ. අඹුසැමියන් අතර අසමගිකම සහ සිත් නොහොදකම ඇතිවිමට හේතුය. ඉවසීමෙන් කටයුතු කරන්න.
ඔබට මේ සතිය සෙම් අමාරු සහ විවිධ හිස සම්බන්ධ රෝග මතුවිමට ඉඩ තිබේ. එසේම නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමුවිය යුතුය. එසේම උදරය ආශ්‍රිත සැත්කම් හෝ වෙනයම් රෝගාබාධ ඇති අය සහ මුත්‍රාගල් ගැන ප්‍රතිකාර ගන්නා අය මේ රෝග වලින් ආරක්ෂා විමට වග බලාගන්න.

වෘෂභ
මේ සතිය එතරම් සුබ පල ලැබෙතැයි විශ්වාස කල නොහැක.  දින කීපයක සිට පවතින 12 වැන්නෙ ග්‍රහයන්ගේ බලපෑම නිසා ඔබට යම් යම් දෑ මගහැරී යා හැක.
ධනධාන්‍ය තත්වය ආදායම් තත්වය අයහපත් නොවුවත් මුදල් කලමනාකරණය කරගැනිමට වගබලා ගත යුතුය. එනම් ඔබගේ ලැබීමට සාපේක්ෂව වැය පාර්ශවය ඉහල යෑමක් පෙන්නුම් කරයි.
ගෘහ ජීවිතය තුල සාමාන්‍ය පරිදි කටයුතු කිරිමට ඔබට අවස්ථාව ලැබෙනවා ඇත. වෘෂභ ලග්නය හිමි ඔබට මේ මාසය පුරාවටම රවිගේ හා අනිකුත් ග්‍රහ යෝග ගැන සැලකිමෙදි ගෘහ ජීවිතය ඇතුලත ආධිපත්‍ය පතුරා ගැනිමට ඔබ දරන මහන්සිය නිසා පවුලේ සාමාජිකයන් අතර යම්කිසි අඩදබර සහ යම් ගැටුම් ඇතිවිමට ඉඩ ඇත. ‍ෙ
ඔබ මෙය තේරුම් ගත යුතුය.
සෞඛ්‍ය අංශයෙන් ගත් කල ප්‍රබල බාධක ඇතිවිය හැක. උෂ්ණාධික රෝග ඇතිවිය හැක.
තවද වෘෂභ ලග්නයෙන් උපන් ගර්භණී මාතාවන් මේ කාලයෙදි පරිස්සම් වීම මැනවි.
ශනි රාහු 6 වැන්නේ සිටිම නිසා යම් කිසි ගැටළුකාරි තත්වයක් ඇතිවිමට හේතු ඇත.

මිථුන
ඔබට මෙම සතිය වාසනාවන්ත බව කිව යුතුය. ආර්ථික තත්වය ගැන සැලකීමෙදි රදවාගෙන ආ ස්ථිර ආර්ථික තත්වය එලෙසම පවති. වෙලද ව්‍යාපාර කටයුතු වල නිරත අයටත් රැකියාවල නිරත අයටත් යම් යම් සුබ ආරංචි දැන් දැන් ලැබෙන්නට පටන් ගන්නවා ඇත. සියලුම තරාතිරමේ මිථුන ලග්න හිමියන්ට ඒ අයගේ තරාතිරම අනුව යම් යම් ප්‍රතිඵල ලැබිමට නියමිතයි.
ගෘහ ජීවිතය ඇතුලත මනා සංයමයෙන් කටයුතු කිරිමට ඉඩ ලැබේ. එමෙන්ම සැපවත්ව ජිවිතය ගත කිරීමට හැකිය. තමන්ගේ වැඩිමල් සහෝදරියකගෙන් කාන්තා පාර්ශව වලින් උදව් උපකාර ලැබෙන සතියකි. විශේෂ සෞඛ්‍ය ගැටළු නොපවති. උදරාබාධ ගැන සැලකිලිමත් වන්න.

කටක
ඔබට මේ සතිය මිශ්‍රපලදායකයි. ඉතාම දුක් මහන්සියෙන් සහ දැඩි කැපවීමෙන් ඔබට ජයග්‍රහණ ලබාගත හැක.
ආර්ථික තත්වය වෙලද ව්‍යාපාර කරන අයට හා විදෙස් රැකියා කරන අයට සුබයි. එසේම ගොඩනැගිලි ද්‍රවය වෙලදාමේ නියුතු හා භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන කටක ලග්න අයට වාසනාව හිමිවේ. තවද ඔබට මහා පරිමාණයෙන් කරදර බාධක ඇතිවන්නේ නැත.
ගෘහ ජීවිතය ගැන සැලකීමෙදි තරමක ආකුල ව්‍යාකූල තත්වයක් පැවතුනත් කටක ලග්නය හිමි ඔබට ඉදිරියෙදි ලබන්නාවු ග්‍රහ දසා හේතු කරගෙන එම තත්වයන්ගෙන් ඔබ මිදෙනු ඇත.
සෞඛ්‍ය  තත්වය අනුව දණිස් අාබාධ, උදරගත රෝග සහ එසේම උස් ස්ථාන වල වැඩ කරන අය අනතුරු වලින් පරිස්සම් වන්න.

සිංහ
ඔබට මේ සතිය මිශ්‍රපල පවති. එසේම ආර්ථික තත්වයේ කිසියම් ආකාරයක පසුබෑමක් පෙන්වන්නෙ 10 වැන්නේ රවිගේ පිහිටිම නිසාය.
ගෘහ ජිවිතය ඇතුලත කිසියම් ආකාරයක යම් යම් මතභේදාත්මක දේ ඇතිවිමට ඉඩ තිබේ. නමුත් වැඩිහිටි අයගෙන් උදව් උපකාර ලැබීමටද හැකියාව ඇත. දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයද ලැබේ. ‍
සෞඛ්‍ය තත්වයේද ප්‍රබල ප්‍රශ්න නැතත් දන්තාබාධ වැනි දෑ වැලදීමට ඉඩ තිබේ.

කන්‍යා
ඔබට මේ සතිය සැබැවින්ම සතියේ මුල් කොටස ගැටළුකාරි සතියකි. ආර්ථික තත්වයේ දුර්වලකම් මතුවේ. ප්‍රබල ලැබීමක් නැත. විශේෂයෙන්ම අනෙකුත් ග්‍රහ යෝග හා සැසදීමෙදි ලැබෙන මුදල් ඉතිරි කරගැනිම ඉතාම දුෂ්කරය. එය ගැටළුවක් බව කිව යුතුය. ඒ ගැන සැලකිලිමත් වන්න.
ලැබීමක් හෝ වෙනයම් ප්‍රතිලාභයක් නොමැති වුවත් එක්රැස්කොට තබාගත් යම් ධනයක් ඇත්නම් එය පරිස්සම් කරගැනිමට වග බලාගන්න.
ඔබගේ ගෘහ ජීවිතය පෙර පරිදිම ගතවේ.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු නිදන්ගත රෝග ඉස්මතුවීම්, මානසික ආතතිය ඇතිවිමට ඉඩ ඇත.

තුලා
ඔබට පෙර පරිදිම ලග්න ඒරාෂ්ඨකය සමග ප්‍රබල අපල පෙර පරිදිම පවති.
ධනය සහ මුදල් ලැබීම් අංශයෙන් විශේෂ ප්‍රතිලාභ නොමැති වුවත් උත්සහයෙන් උනන්දුවෙන් කල යුතු වල ප්‍රතිඵල ලැබෙනවා ඇත. ණය තුරුස් වලට හසුවීම හොඳ නැත. ඒවා නිසා නීතියෙන් ගැටළු ඇතිවිමට පවා ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල යම් යම් ගැටළුකාරි තත්වයන් මතුවිමට ඉඩ තිබේ. අඹුසැමියන් අතර ප්‍රබල ගැටුම් ඇතිවිමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ හිස සම්බන්ධ රෝග සහ මුත්‍රා ආබාධ ප්‍රධාන වේ.

වෘශ්චික
ඔබට මේ සතිය එතරම් සුබදායක නැත. විශේෂයෙන්ම විවිධාකාරවූ ගැටළුකාරි තත්වයන් වලට මුහුණ පෑමට සිදුවනු ඇත.  ගෙදරට ගෙනෙන මුදල් වාෂ්ප වන්නාක් මෙන් වියදම් විම නිසා යම් යම් අපහසුතාවයන් වලට ගොදුරුවීමට ඉඩ තිබේ. එම නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. එසේම ධනය ලැබීම කෙසේ වෙතත් වියදම නම් උපරිම ආකාරයට පවතී. වෘශ්චික ලග්න හිමි ඔබ මුදල් සම්බන්ධ ගනුදෙනු වලට මැදිහත්වීම් නොකල යුතුය. ඒවා නිසා පෙරකීවාක් මෙන් නීතිමය ගැටළු ඇතිවිමට ඉඩ තිබේ.
ගෘහ ජීවිතය ඇතුලත ඉවසීම තිබිය යුතුය. දුවා දරුවන්ට කිසියම් ආකාරයක ප්‍රශ්න ඇතිවිමට ඉඩ තිබේ.
සෞඛ්‍ය ගැන සැලකීමෙදි ආමාශ ගත රෝග සහ පිරිමි අයට යටි බඩේ යම් අපහසුතා සහ පුරුෂයන්ගේ වෘෂණ කෝෂ වල අපහසුතා ඇතිවිමට ඉඩ ඇත. එසේම උෂ්ණාධික රෝග තුන්දොස් කිපීම නිසා ඇතිවන රෝග මෙයින් ප්‍රධාන වේ.

ධනු
මේ සතිය ඔබට පවතින ග්‍රහචාරය හා සැසදීමෙදි සුභ බව කිව යුතුය.
එසේම රැකියා බලාපොරොත්තු වන අයටද යහපත්ය. කාර්මික ක්ෂෙත්‍රෙය් රැකියාවල නියුතු අයට ඉතාම සුබයි. ඔබට සුබ කාලයක් උදාවේ.
ආර්ථික තත්වය යහපත් වේ. විටෙකදී නොසිතු ආකාරයට මුදල් ලැබීමට හේතු වේ. ලොතරැයිපත් උරගා බැලිමට හොද කාලයකි.
ගෘහ ජීවිතය තුල තිබුනු පීඩනය මගහැරි අඹුසැමියන් සහ පවුලේ සාමාජිකයන් අතර ප්‍රිතියෙන් සිටිමට අවස්ථාව ලැබේ. විවාහ අපේක්ෂක අයට මංගල යෝජනා මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය තත්වය යහපත් වේ. මුත්‍රා අමාරු ඇතිවිමට ඉඩ තිබේ. නිදන් ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමු වන්න.

මකර
මේ සතිය ඔබට යහපත් යැයි කිව නොහැක. මධ්‍යපලයි.
ආර්ථික තත්වය යහපත්ව ගත කරගැනිමට නම් ආයාසයෙන් කටයුතු කල යුතුය. එයින් යම්කිසි දියුණුවක් ලබාගැනිමට පුලුවන. ණය තුරුස් ඇත්නම් ඒවා ගෙවිමට වග බලාගන්න.
ගෘහ ජීවිතය සාමාන්‍ය පරිදි වාසනාවන්තව ගත වේ. එතරම් සුබ පල නොලැබුනත් විටෙකදී ලැබීම් අංශයෙන් ප්‍රවණතා පෙන්නුම් කරගැනිමට පටන් ගනී.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල බාධක නැති වුවද බෝවන රෝග සහ ජලය ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.

කුම්භ
ඔබට සුබදායක සතියක් බව කිව යුතුය.

ප්‍රබල ග්‍රහ අපල මධ්‍යයේ ඔබගේ උත්සාහයේ හැටියට දියුනුව සලසා ගත හැකිය. ගෘහ ජීවිතය ප්‍රීතියෙන් ගත වේ. සහෝදර සහෝදරියන් හා පවුලේ අය සමග විනෝද ගමන් යාමටද අවස්ථාව ලැබේ. ගෙදර දොර අඩුපාඩුකම් සපුරා ගැනීමට අවශ්‍ය තරම් මුදල් ලැබේ. ඉගෙන ගන්නා අයගේ සහ වෙළද වයාපාර වල නියුතු අයට ලාබ ප්‍රයෝජන වාසි සහගත අවස්ථා ලැබෙනු ඇත. තම දක්ෂතාවය කීර්ති නාමය පැතිරි යන කාලයකි.
ආර්ථිකය යහපත් වේ. තමන්ට අවශ්‍ය වන මුදල් හදල් ලැබේ. ඔබට නිරායාසයෙන් ධනය ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොපවති. ලේ කෝපවන රෝග ගැන පරිස්සම් වන්න.

මීන
ශුභාශුභ මිශ්‍රපල ලැබෙන සතියකි.
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි ඇතිවේ. සතිය මැදදී සහෝදරයෙකුගේ හෝ හිතවතෙකුගෙන් උදව් උපකාර ලැබේ. කෙටි ගමන් යෙදේ.
ගෘහ ජීවිතය වෙනදා මෙන් සාමාන්‍ය පරිදි ගත කිරිමට ඉඩ ප්‍රස්ථා ලැබේ. විවාහ මංගල යෝග අපේක්ෂා කරන අයට එම යෝග උදාවේ. ප්‍රබල ගැටළු නොපවති.
උෂ්ණාධික රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

No comments:

Post a Comment