Thursday, May 22, 2014

සතියේ ලග්න පලාපලය

මේෂ

සුබ සතියකි. සිතේ පැතුම් ඉටුවන සතියකි. වෙනදාටත් වඩා සිතට සතුට ලැබේ. නොසිතන ජයක් අත්විය හැක.
රැකියාවේ දියුණුව, උසස්විම් පවා හිමිවිය හැක. ව්‍යාපාර වලට සුබ කාලයකි.
දියර වර්ග හෝ ජලය ආශ්‍රිත රැකියා කරන අයට බොහෝ සුභපල ලැබෙන සතියකි.
සෞඛ්‍ය තත්වය යහපත් වේ.

වෘෂභ

සිතේ සැනසීම ඇතිවේ. ආගම දහමට සිත බරවේ. අලංකරණ කටයුතු කරන සතියකි. කැපවීමෙන් වැඩ කරන සතියකි.
පවුලේ දියුණුව, සමගිය ඇතිවන සුබ සතියකි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ.

මිථුන

මදක් ඉවසීමෙන් කටයුතු කල යුතු සතියකි. සිතේ සතුට සැනසීම අඩුවිය හැක. සිතා බලා කටයුතු කරන්න.
දේපල ලාභ, වස්තු ලාභ ඇතිවිය හැක.
පිනට සිත යොමුවෙන සතියකි. එයින් කලකිරිම් දුක් පහව යනු ඇත.
හදිසි අනතුරු වලින් විශේෂයෙන් පරිස්සම් වන්න.

කටක

සුබ සතියකි. කරන කටයුතු සාර්ථක වේ. විනෝද අවස්ථා සතුටු අවස්ථා යෙදෙන සතියකි. අලංකරණ කටයුතු වල යෙදිය හැක. මිතුරන් ලැබේ. විරුද්ධ ලිංගික අයගේ ආකර්ෂණයට ලක්වේ. උදව් ලැබෙන සතියකි.
සති මැදදී චන්ද්‍රයාගේ මාරුව සමග මදක් පරිස්සම් විය යුතුය.

සිංහ

කරන කියන කටයුතු සඵල වන මිශ්‍රපල සහිත සතියකි.
සිතේ පැතුම් ඉටුවේ. විනෝද අවස්ථා යෙදේ.
බොහෝ මහන්සියෙන් කරන කටයුතු වලින් පමණක් යහපත් වේ. වැඩ මදක් කල් යන ස්වභාවයක් ඇතිවේ.
හදිසි අනතුරු ගැන සැලකිලිමත් වන්න.

කන්‍යා

මුදල් ලැබුනද වියදම් අධික වනු ඇත. වෙනදාට වඩා ප්‍රීතිමත් විමට සිතයි. ආර්ථිකය සාර්ථක වේ. ව්‍යාපාර කටයුතු වලට සුබයි. රැකියාවේ වැඩි වෙනසක් නැත.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.

තුලා

පෙම්වතුන්ට සුබ සතියකි. මනසට යම් යම් කරදර ඇතිවිය හැක. රැකියාවේ, ව්‍යාපාරයේ දියුණුව ඇතිවන සතියකි. කරන කටයුතු වලින් ජය ලැබේ. අන් අය අතර කැපී පෙනෙන සතියකි.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න

වෘශ්චික

දෙගිඩියාවෙන් කල් ගෙවන සතියකි. ආර්ථිකය යහපත් වේ. උසස් අයගේ ඇසුර, උපකාර ලැබේ. බලාපොරොත්තු ඉටුවන සතියකි. ආගම දහමට සිත බරවන සතියකි.
නිදන්ගත රෝග ඇති අය එම රෝග වලට පිලියම් යෙදීමට කටයුතු කරන්න.

ධනු

තමන්ගේ තත්වය ගැන සිතා බලා කටයුතු කරන්න. වචන භාවිතයෙදි ඉවසීමෙන් කටයුතු කරන්න. පවුලේ අයගේ සෞඛ්‍ය ගැන අවදානමත් විය යුතු සතියකි.
මිතුරන් හිතවතුන් ගැන කලකිරිම් ඇතිවිය හැක. බොහෝ මහන්සි වුවද සිතට දුක කණගාටුව පාඩු ඇතිවිමට ඉඩ ඇත.
මේ තත්වයන් සති මැද සිට වෙනස් වේ. සියලු යහපත ඇතිවේ.

මකර

සිතට සතුට සැනසීම ලැබෙන සතියකි. අන් අයගේ උදව් ලැබෙන සතියකි. ප්‍රේමයක් සඵල වීමට ඉඩ ඇත. විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වන සතියකි. සිතන කටයුතු සඵල වේ.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න

කුම්භ

සති මුලදි සිතට කණගාටුව ඇතිවිය හැක. සිතේ ප්‍රිතිය නැතිවේ. කරන කටයුතු වලින් නොසිතු පාඩු ඇතිවිය හැක.
මේ තත්වයන් සති මැද හා අගදි වෙනස් වේ. ජය ලැබෙන සතියක් වන, අන් අයගේ උදව් උපකාර ලැබෙන සතියකි. ආර්ථිකය සාර්ථක වේ.
සෞඛ්‍ය තත්වය යහපත් වනු ඇත.

මීන
කරන කටයුතු සඵල වේ. රැකියාවේ ව්‍යාපාරයේ දියුණුව ඇතිවේ. සිතට යම් යම් දුක් බාධක ඇතිවනු ඇත. ඒවා මැඩගත හැකිවනු ඇත. අන් අය අතර කැපී පෙනෙන සතියකි.
සිතට සැනසීම ඇතිවන සතියකි.
සෞඛ්‍ය තත්වය යහපත් වේ.

#Irusewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment