Tuesday, May 6, 2014

සතියේ ලග්න පලාපලය - (මැයි 5 සිට ඉදිරියට)

මේෂ
ශුභාශුභ පල අපේක්ෂිතය.
ආදායම් ලැබුනද වියදම ඊට වැඩිවිය හැකි කාලයකි. පවුලේ කටයුතු වෙනුවෙන් මුදල් වැයවනු ඇත. කෘෂිකාර්මික කටයුතු කරන්නේ නම් සුබයි. ආදායම් මාර්ග කීපයක් ඇති කරගන්නා කාලයකි. ව්‍යාපාර කරන අයටද සුබයි.
නව රැකියා අවස්ථා උදාවේ. රැකියාවේ කටයුතු වලදි සිතා බලා බුද්ධියෙන් කටයුතු කරන්න. කාර්යබහුල වේ.
පවුලේ සමගිය රැකේ. මංගල යෝග ඇතිවේ.

වෘෂභ
ශුභාශුභ පල අපේක්ෂිතය.
වියදමට සරිලන ලෙස මුදල් ලැබේ. අවශ්‍ය වූ විට ධනය ලැබේ. ගෙදර කටයුතු වෙනුවෙන් මුදල් වැය වේ. ව්‍යාපාර කරන අයට සුබයි.
රැකියාවේ වෙනස්විම් ඇතැම්විට ලැබිය හැක. රැකියාවේදි බාධා ඇතිවිමට ඉඩ ඇත. බාධා නිසාම කරන කටයුතු සපල කරගන්නා කාලයකි.
විදෙස්ගත විය හැකි කාලයකි.
දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් කැපවිය යුතු කාලයකි. බාධා ඇතිවේ. පෙම් සබදතා වලට නව අවස්ථා උදාවේ. මංගල යෝග යෙදේ. පවුල් ජිවිතයේ කටයුතු වලදි බුද්ධියෙන් කටයුතු කල යුතුමය.
උෂ්ණාධික රෝග, උදරාබාධ ගැන සැලකිලිමත් වන්න.

මිථුන
ශුභාශුභ පල අපේක්ෂිතය.
මුදල් සම්බන්ධ අපහසුකම් ඇතිවේ. ණය වීම ආදියට පවා ඉඩ ඇත. බුද්ධිමත් වන්න. ණය වී ඇත්නම් ගැටළු ඇතිවිය හැක. ව්‍යාපාර වලටද යම් බාධා තත්වයන් ඇතිවේ.
රැකියාවටද බාධා ඇතිවන කාලයකි. තමාගේ යුතුකම් වගකිම් නිසිව කිරිමට කටයුතු කරන්න. පවුලේ අය වෙනුවෙන් කැපවන කාලයකි.
අන් අය ඕනවට වඩා විශ්වාස නොකරන්න.
පෙම් සබදතා වලටද විවිධ බාධා ඇතිවේ. සතුට ලබාගැනිමට ඉවසන්න. මංගල යෝග ඇතිවන කාලයකි.
සෙම් රෝග, උදරය ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

කටක
විවිධ බාධා ඇතිවන සතියකි.
ආදායම් ලැබුනද සිතට සතුට අඩුවිය හැක. අලංකරණ කටයුතු වල නිරත අයට වාසිදායක කාලයකි. ව්‍යාපාර කරන අය ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කල යුතු කාලයකි.
රැකියාවේ බාධා ඇතිවිම ගතවන මහ දසා අනුව වෙනස්විය හැක.
ආවේගශීලි නොවි කටයුතු කල යුතු සතියකි. කලබලයට තීරණ නොගන්න. මංගල යෝග ඇතිවන කාලයකි.
ආගම දහමට සිත බරවන කාලයකි. දුර ගමන් යෙදේ.
රෝග තත්වයන් ගැන අවදානමත් වන්න.

සිංහ
මිශ්‍රපල අපේක්ෂිත සතියකි.
වෙනදාට වඩා වෙහෙසීමෙන් ආර්ථිකය සාර්ථක කරගත හැකිවනු ඇත. සිතා සිටි ආර්ථික වාසි ලැබේ. වියදම්ද අධික විය හැක.
රැකියා අවස්ථා උදාවන කාලයකි. රැකියාවේ කරදර බාධක දුරුවනු ඇත. කලා කටයුතු වල නිරත අයට සුබයි.
දුර ගමන් යෙදෙන කාලයකි. වචන භාවිතයෙදි හිතවත් අය අමනාප නොකරගැනිමට කටයුතු කරන්න. විනෝද අවස්ථා මෙන්ම, වන්දනා අවස්ථාද යෙදේ
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

කන්‍යා
බාධා, දුෂ්කරතා ඇතිවිමට ඉඩ ඇත.
වියදම් අධික වන කාලයකි. ආදායම් මාර්ග දුර්වල විය හැක. නව ව්‍යාපාර වලට යොමුවිමෙදි සැලකිලිමත් වන්න. අනවශ්‍ය දේට වියදම් නොකරන්න. බුද්ධියෙන් කටයුතු කිරිම අනිවාර්ය වේ.
රැකියාවටද විවිධ බාධා යෙදෙනු ඇත. රැකියාවේ දියුණුව පිණිස දැඩි කැපවීමක් අත්‍යාවශ්‍ය කාලයකි.
සිතේ කලකිරිම ඇතිවන කාලයකි. කරන කටයුතු වල දුර්වලතා ඇතිවේ. හිතවතුන් දුරස් විය හැක. පවුලේ සමගිය වෙනුවෙන් වෙනදාට වඩා කැපවිමට සිදුවනු ඇත. සිතා බලා කටයුතු කරන්න. සතුරු බාධා ඇතිවිය හැක.

තුලා
විවිධ බාධා යෙදෙන සතියකි.
මුදල් යෙදවීම් ආදිය කිරිමෙදි සැලකිලිමත් විය යුතු සතියකි. වියදම් නිෂ්ඵල ලෙස වන බවක් පෙනෙන නිසා බුද්ධියෙන් කටයුතු කරන්න. ආර්ථිකයට බාධා ඇතිවේ. දේපල ආදියද පරිස්සම් කරගැනිමට කටයුතු කරන්න.
රැකියාවට බාධා පෙන්වයි. ඉවසිමෙන් කටයුතු කරන්න. තම වගකීම නිසිලෙස ඉටු කරන්න. නව රැකියා අවස්ථා උදා නොවන බවක් පෙනේ.
කලබලයට ගන්නා තීරණ වලින් ගැටළු මතුවිය හැක.
හිතවතුන් නෑයන් සමග කටයුතු වලින් ගැටළු ඇතිවිමට ඉඩ ඇත. පවුලේ සමගිය වෙනුවෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.

වෘශ්චික
ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික මාර්ගයන්ට එතරම් සුබ නැත. මුදල් ගනුදෙනු වලදි ඉතා පරිස්සම් වන්න. අනවශ්‍ය ගමන් යෙදිමට ඉඩ ඇත, එසේම ඒ කාලයේදි අනවශ්‍ය වියදම් ඇතිවිය හැක. හිතවත් අය වෙනුවෙන් වියදම් ඇතිවිය හැක. ආගමික කටයුතු වලට පවා වියදම් යෙදේ.
රැකියාවේ දියුණුව යම් තරමක් අපේක්ෂිතය. නව රැකියා ලැබේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි.
සිතේ ගැටළු, කලකිරිම් ඇතිවන කාලයකි. බාහිර අයගේ කටයුතු නිසා තම ජිවිතය ගැන අනවශ්‍ය තීරණ නොගන්න. බුද්මිත් වන්න. ආගම දහමට සිත නැඹුරු වේ. අලංකරණ කටයුතු වලටද කාලය ඇතිවේ.
දෙඅත්, දෙපා පරිස්සම් කරගන්න.

ධනු
මිශ්‍රපල අපේක්ෂිත සතියකි.
ආර්ථිකය සරු වන සතියකි. නව ආදායම් උදාවන සතියකි. ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වලට සුබ කාලයකි. ලාභ ඇතිවිය හැක. වියදම් ආදියද අධික වන නිසා සිතා බලා කටයුතු කරන්න.
රැකියාවේ බාධා ඇතිවිය හැක. ස්ථාන මාරු ඇතිවිමට ඉඩ ඇත. විදෙස්ගතවිම් අපේක්ෂිතය. නව රැකියා ලැබිය හැක.
මංගල යෝග යෙදේ. හොද මිතුරන් ලැබේ. ඉවසීමද ප්‍රගුණ කරන්න. ආහාර නිසි වේලාවට ගන්න. සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න.

මකර
මිශ්‍රපල අපේක්ෂිත සතියකි.
ආර්ථිකයට යම් බාධා ඇතිවේ. එසේ වුවද කැපවීමෙන් කරන කටයුතු වලින් සුබ පල ලැබේ. බොහෝ වෙහෙසවීමට සිදුවනු ඇත. වියදම් ඇතිවන සතියකි.
තමාගේම රැකියා ව්‍යාපාර ආදියට යහපත් කාලයකි. නව රැකියා අවස්ථා බාධා සහිතව වුවත් ඇතිවිමට ඉඩ ඇත.
කලකිරිම්, කණගාටුවිම් ඇතිවිමට ඉඩ ඇත. ආගම දහමට සිත නැඹුරු වේ. මංගල යෝග යෙදේ. පෙම් සබදතා වලට යම් බාධා පෙන්වයි.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

කුම්භ
ශුභාශුභ අපේක්ෂිත සතියකි.
ආර්ථිකය යහපත් වුවද වියදම් අධික වේ. සතුරු බාධක ඇතිවිමට ඉඩ ඇත. සොරුන්ගෙන් පවා බාධක ඇතිවිමට ඉඩ ඇත. නිවසේ කටයුතු වලට වියදම් යෙදෙනු ඇත.
රැකියාවට බාධා ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියා වලදි බොහෝ පරිස්සම් වන්න. අනතුරු ආදියෙන් පරිස්සම් වන්න.
පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙස වේ. වියදම් ඒ වෙනුවෙන් බොහෝවිය හැක. යුග දිවියේ සතුටට බාධා ඇතිවිය හැක. ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කල යුතු සතියකි.

මීන
බාධාකාරි සතියකි.
වියදම් අධික වන, ආදායම් දුර්වල වන සතියකි. ව්‍යාපාර ආදියෙදි බොහෝ පරිස්සම් වන්න. ලාබ ලැබිම අපහසු විය හැක.
රැකියාවේ කටයුතු වලටද බොහෝ බාධා ඇතිවනු ඇත. ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. නව රැකියා වලට පවා බාධා ඇතිවේ.
සිතට දුක ඇතිවනු ඇත. කටයුතු වෙනදාට වඩා ප්‍රමාද විය හැක. කරන කටයුතු අතරමැද නතර නොකරන්න.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

Iru Astrology #Irusewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment