Tuesday, May 27, 2014

ලග්න 12ට අපල කරන ග්‍රහයන් කවුද ?

මෙලොව උපදින සියලුම ජන්මින්ට ලග්නයක් හා නැකතක් පිහිටයි.
එය තමන් උපදින වෙලාව අනුව ලග්න 12න් එකකුත් නැකැත් 27න් 1 නැකතකුත් හිමිවේ.

උපන්දා සිට මරණය තෙක් ජීවත් වන සත්වයා කාලානුරූපව විවිධාකාර ග්‍රහ බලපෑමට බදුන් වේ.
එය ජෝතිෂ්‍යය විශ්වාස කරන්නාටද නොකරන්නාටද පොදුවේ බලපායි.
නමුත් අප සියලු දෙනාගේම බලාපොරොත්තුව ග්‍රහ අපල නිවාරණය කර ග්‍රහයන්ගේ ආකර්ෂණය ලැබ සුඛිත මුදිත ජිවිතයක් ගත කිරිමටය.

මේ ආකාරයෙන් කල්පනා කරන විට අපට ග්‍රහ අපල වලින් බේරී සිටිමට විවිධාකාර උපාය මාර්ග සහ ශාන්ති කර්ම ජෝතිෂ්‍යයේ දක්වා ඇත. මේ කාරණා අතර ප්‍රධාන ග්‍රහයන්ගේ අපල දුරු කරගැනිමටද පුලුවන.

ජෝතිෂයට අනුව ලග්න 12ට අපල කරන ග්‍රහයන් පහත පරිදි වේ.

මේෂ - බුධ, සිකුරු, සෙනසුරු

වෘෂභ - චන්ද්‍ර, ගුරු, සිකුරු

මිථුන - රවි, කුජ, ගුරු

කටක - ශනි, බුධ, සිකුරු

සිංහ - ශනි, බුධ, සිකුරු

කන්‍යා - චන්ද්‍ර, කුජ, ගුරු

තුලා - රවි, කුජ, ගුරු

වෘශ්චික - කුජ, බුධ, සිකුරු

ධනු - චන්ද්‍ර, සිකුරු, ශනි

මකර - චන්ද්‍ර, කුජ, ගුරු

කුම්භ - ශනි, බුධ, රවි

මීන - බුධ, සිකුරු, ශනි

* මේ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන්ගේ අපල වලට ඕනෑම ග්‍රහයෙක්ගේ මාරක අපල වලට මෘතුංජය යන්ත්‍රය සුබයි.
* තවද ප්‍රබල අපල පිහිටා ඇතිවිටදී සත්ව අභයදාන පිංකම් සහ බෝධි පූජා පැවැත්වීම ඉතාම යහපත් බව දක්වමු.

ඔබ සියලු දෙනාටම දැනගැනිමට පහත පරිදි ශාන්ති කර්ම කල යුතු ආකාරය ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න_

No comments:

Post a Comment