Thursday, May 1, 2014

සිකුරු උච්ච වීම ලග්න වලට මෙහෙමයි

( මෙය පොදු පලාපලයකි - තම කේන්දර සටහන අනුව වෙනස් වේ)

මේෂ
සිකුරු 12 වැන්නේ උච්ච වීම මිශ්‍ර පල ගෙනදේ. කෙසේ වුවද එතරම් අයහපතක් නැත. විවාහයට සූදානමින් සිටිෙය් නම් මදක් කල්ගත වන කාලයකි.
විෙද්ස ගතවිමට සුබයි. ෙවනදාට වඩා සමාජයට හිතැති කටයුතු වලට යෙදෙන කාලයකි. මේ කාලයේ සහකරුට සහකාරිට මදක් අපල කාලයකි. පවුලේ දියුණුව ඇතිවේ.
පැතුම් ඉටු කරගත හැක. බාධා යෙදෙන නිසා ඒවා මැදින් කරගත හැක.

වෘෂභ
සිකුරු 11 වැන්නේ උච්ච වීම බොහෝ සුබයි. රැකියා ව්‍යාපාර කටයුතු වලින් සාර්ථක වන කාලයකි. ආදායම් මාර්ග වැඩිවේ. නව මිතුරන් අතැිවන කාලයකි. සහෝදරයන්ට සුබයි. රැකියාවේ දියුණුව ඇතිවන කාලයකි. මුදල් අතට ලැබේ.

මිථුන
10 වැන්නේ සිකුරු උච්ච වීම විශේෂ සුභ පල ගෙනදෙනු ඇත. රැකියාවේ දියුණුව මෙන්ම උසස්විම්ද අපේක්ෂිතය. දරුවන් දියුණු වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.
මංගල යෝග ඇතිවේ. විවාහ කටයුතු වලටස සුබ කාලයකි. පවතින ප්‍රේමය ස්ථිර වේ.
ආයෝජන වලට සුබ කාලයකි. විදෙස්ගත විය හැක. සතුටින් සිටිය හැක.

කටක
9 වැන්නේ සිකුරු උච්ච වීම ඉතා සුබයි. මෙතෙක් පැවති කරදර දුක් දුරු වේ. සෞඛ්‍ය තත්වය යහපත් වේ.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. දුර ගමන් යෙදේ. විනෝද අවස්ථා යෙදේ.
උසස් අය ඇසුරට ලැබේ. දරුවන්ට සුබයි. විවාහ අපේක්ෂක අයට පැතුම් සඵල වේ. සිතට සතුට සැනසීම ඇතිවන කාලයකි.

සිංහ
8 වැන්නේ සිකුරු උච්ච වීම නිසා බොහෝ සුබ පල අපේක්ෂිත නැත. කෙසේ වුවද අනුන්ගේ ධනය ලැබෙන කාලයකි. බලාපොරොත්තු නොවු ආකාරයට ධනය ලැබිය හැක. විවාහක නම් සහකරු සහකාරිය නිසා ධනවත් වේ. විවාහයේ ඇතැම් කටයුතු වලට බාධා ඇතිවිය හැක.
රැකියාවේදි වෙහෙස ඇතිවනු ඇත.
දහමට සිත නැඹුරු වන කාලයකි.

කන්‍යා
7 වැන්නේ සිකුරු උච්ච විම බොහෝ සුබයි. අවිවාහක අයට මංගල යෝග ඇතිවේ. ව්‍යාපාර වලින් හවුල් ව්‍යාපාර වලින් දියුණුව ඇතිවේ.
පෙම් සබදතා වලට තිබූ බාධා දුරුවේ. නව ආදායම් මාර්ග ලැබේ. සෞඛ්‍ය තත්වය යහපත් වේ. නව රැකියා ලැබේ. විනෝද අවස්ථා හිමිවේ. ධනය අතේ රැදේ. විදෙස් ගතවිමටද සුබයි.

තුලා
6 වැන්නේ සිකුරු උච්ච වීම ශුභාශුභ පල දෙයි.
තම ගමනට බාධා කරන අයගේ බාධා ඇතිවන කාලයකි. එවායින් සිතට කණගාටුව ඇති වුවද ඒවා ජය ගන්නා කාලයකි. සෞඛ්‍ය තත්වය යහපත් වේ.
මුදල් අතට ලැබේ. ව්‍යාපාර හවුල් ව්‍යාපාර රැකියා දියුණු වේ. යම් යම් අය හා තරහ ඇතිවන කාලයකි. කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න.

වෘශ්චික
5වැන්නේ සිකුරු උච්ච වීම සුබය. මංගල යෝග ඇතිවේ. ආයෝජන වලට සුබ කාලයකි. පෙම් සබදතා තහවුරු වේ. විවාහ අවස්ථා යෙදේ. දරුවන්ට සුබයි.
දරුවන් අපේක්ෂා කල අයට මේ කාලයේ දරුවන් ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු වලට සුබයි. දරුවන්ගේ දියුණුව ඇතිවේ.
විදෙස් ගත විම් ඇතිවිය හැක.

ධනු
4 වැන්නේ සිකුරු උච්ච වීම ඉතා සුබයි. පවුල් ජිවිතය සාර්ථක වේ, සමගිය රැකේ. ගේ දොර අලුත් වැඩියාව, අලංකරණය කල හැකි කාලයකි. පොලව සම්බන්ධ කටයුතු වලින් ලාබ ලැබේ. වාහන සිහිනය සැබෑ කරගත හැක. විනෝද අවස්ථා යෙදේ. ආදායම් මාර්ග වැඩිවේ. ව්‍යාපාර වලටද සුබයි.

මකර
3 වැන්නේ සිකුරු උච්ච වීම ශුභාශුභ පල දෙයි. සහෝදරයන්ට යහපත්ය. මෙතෙක් අමනාපව සිටි අය හා යහපත් සබදතා ගොඩ නැගේ.
මංගල යෝග උදාවේ. කලා කටයුතු වලට සුබයි. සහකරුට, සහකාරියට සුබයි. රැකියාව, ව්‍යාපාර දියුණු වේ. යම් යම් බාධා ඇතිවුවද සමස්ථ ලෙස සුබයි.

කුම්භ
සිකුරු 2 වැන්නේ උච්ච වීම ඉතා සුබයි. පවුලේ සමගිය දියුණුව ඇතිවේ. මෙතෙක් ප්‍රමාද වූ කටයුතු අරඹන කාලයකි. ව්‍යාපාර වලට සුබයි. විදෙස්ගත වීමේ පැතුම් ඉටුවේ. මුදල් ලැබේ, ලැබෙන මුදල් අතේ රැදේ. අධ්‍යාපනයට සුබයි. මංගල යෝග ඇතිවේ. විනෝද අවස්ථා යෙදේ.
දහමට සිත නැඹුරු වේ.

මීන
සිකුරු 1 වැන්නේ උච්ච වීම ශුභාශුභ පල දෙයි. සහෝදරයන්ට සුබ කාලයකි. දරුවන් දියුණු වේ. අධායපනයට සුබයි. පෙම්වතුන්ගේ පෙම තහවුරු වේ. පවුල් ජිවිතයේ කටයුතු වලදි ඉවසීම අවශ්‍ය බව මතක තබාගන්න. මංගල යෝග යෙදුනද බාධාද ඇතිවිය හැක.
සිතට යම් යම් කරදර, හිස සම්බන්ධ ආබාධ ආදිය නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.

No comments:

Post a Comment