Sunday, May 11, 2014

ශනි මංගල යෝගය



* ශනි මංගල යෝගය ගැන නම ඇසූ පමණින් එය විවාහයට බාධා කරන්නක් බව ඇතැම් අය දනිති.
ශනි මංගල යෝගය ඇතිවන්නේ කුජ හෙවත් අඟහරු ග්‍රහයා සහ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කේන්දරයේ එක කොටුවක සිටීමෙන් හෝ දෙදෙනා සම සප්තමව එනම් එකෙකුගෙන් 7 වැන්නේ පිහිටීමෙනි.

මෙම පිහිටීම විවාහයට අසුබ ලෙස බලපාන නිසා සැලකිලිමත් වීම වටී.
කුජ-ශනි 7 සිටින්නේ නම් විවාහයෙදි නිවරදි ලෙස කේන්දර ගැලපීමද අදාල දෝෂ තිබේ නම් කලයුතු ශාන්තිකර්ම, යහපත් පැවැත්ම ආදියද මූලික වේ.

සෙනසුරු, කිලිටි ඇඳුම් අදින, කුදු ගැසුනු, ජීවිතය අපිලිවෙලට අපිරිසිදුවට ගත කරන කෙනෙකි. දුක අවබෝධ කරදෙන්නාය. ලිංගික ශක්තිය හා කාමය ආදියෙන් දුරස් කරවයි.
කුජ මුරණ්ඩු ගති ඇති වුවද පිරිසිදුවට සිටින, මනා රූසපුවක් ඇති යහපත් ජීවිතයක් අපේක්ෂිත කෙනෙකි. ලිංගික ශක්තිය හා කාමයට අධිපති වේ.
මේ දෙදෙනා එකට එක්වීම ප්‍රතිවිරුද්ධ අදහස් ඇති 2කුගේ එකතුවකි. යෝගය අසුබ වන්නේ එබැවිනි.

විවාහයට කුජගේ ඇති බලපෑම නිසා එනම්, ඉක්මන් විවාහයක්, විවාහ ප්‍රමාදය, විවාහයේ සාර්ථක අසාර්ථක බව මෙන්ම ලේ ධාතුවට කුජගේ බලපෑම නිසාද කුජ විවාහයෙදි අතිශයින් වැදගත් වෙයි. එනිසාම මංගල යනු කුජට යෙදෙන නමකි.

● නිසිලෙස කේන්දර ගලපා විවාහය නොකෙරුනි නම් ගිහි ජීවිතය හෝ විවාහ ජීවිතය ගැන කලකිරී තමන් කරන කටයුතු පමණක් කිරීමට සිත්දෙන යෝගයක් ලෙස අත්දැකීමෙන් දැක තිබේ.
පවුල් ජීවිතයෙදි අසමගිය ඇතිවීම, අවුල් ජාලයක් බවට පත්විමට ඇති හැකියාව, වැන්දඹු වීම හෝ දික්කසාද වීම ආදියද ඇතිවිමට ඉඩ ඇත.

* පොදු විස්තරයකි

ශනි මංගල යෝගය භංග වන තත්වයන් පොදුවේ ඊලග ලිපියෙන්....,

Iru Astrology

#Irusewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්‍ර, නම් තැබීම(පුද්ගල, ව්‍යාපාර), නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment