Monday, May 19, 2014

ශනි - මංගල යෝගය භංග වෙන්නෙ මෙහෙමයි

ශනි මංගල යෝගය 1 ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=234979060030439&set)

ශනි මංගල යෝගය යනු විවාහ බාධකයක් බව බොහෝ දෙනා දනිති.
විවාහයෙදි වැදගත් වන කුජ හෙවත් අඟහරුත්, ජීවිතයේ දුක කියාදෙන සෙනසුරු හෙවත් ශනිත් දෙදෙනා එකට එක්වීම එතරම් යහපත් නැති බව පොදු මතය වේ. ඒ ගැන පලමු ලිපිය බලන්න.

කුජ ශනි යෝගය හෙවත් ශනි මංගල යෝගය භංග වන ආකාරද පොදුවේ මෙසේ කිව හැක.
ශනි මංගල යෝගය එක් කේන්දර සටහනක ඇතිව, අනික් කේන්දර සටහනේ,

1. කුජ-ශනි යෝගව අනික් කේන්දරයේ කුමන හෝ ස්ථානයක පිහිටා ඇත්නම් දෝෂය භංග වේ.

2. අනික් කේන්දරයේ කුජ - ශනි දෙදෙනා ග්‍රහ දෘෂ්ඨීන් ලබයි නම් දෝෂය භංග වේ.

3. අනික් කේන්දරයේ කුජගේ ස්ථානයේ 4, 7, 8 තැන්වල ශනි/සෙනසුරු සිටීමෙන් දෝෂය භංග වේ.

No comments:

Post a Comment