Monday, May 19, 2014

රවි වෘෂභයේ සිටීම ලග්න වලට

රවි හෙවත් ග්‍රහ මඩුල්ලේ පියා, උච්ච මේෂ රාශියෙන් ඉවත්ව වෘෂභ රාශි ගතව මාසයකට ආසන්න කාලයක් වෘෂභයේ රැඳී සිටී. එය ලග්න 12ට බලපාන්නෙ මෙසේය.

මේෂ
මේෂ ලග්න අයගේ 2 වැන්නට රවි පැමිණියේය.
රවි 2 වැන්නට මදක් අසුබදායක වුවද එතරම්ම ගැටළු ඇතිනොවන්නේ සිකුරු උච්චව සිටීම නිසාය. මැයි 22 වනතුරු බොහෝ සුබයි.
සිකුරු කේන්දරයේ යහපත් නම් එම යහපත අපේක්ෂිතය. අධ්‍යාපන ජය ලැබේ. වෙනදාට වඩා වියදම අඩු කිරීමට පෙළඹේ.

වෘෂභ
වෘෂභ ලග්න අයගේ 1 වැන්නට රවි පැමිණියේය.
රවි වෘෂභයට සතුරු වුවද ප්‍රධානත්වය ලබේ. දියුණුවට කරන කටයුතු වලට බාධා ඇතිවුවද ඒවා අභිභවා කටයුතු කල හැක. ගෙදර දියුණුව ඇතිවේ. වෙනදාට වඩා යහපත ඇතිවනු ඇත.
සිකුරු උප්පත්ති කේන්දර සටහනේ දුෂ්ඨ තැනක සිටියේ නම් අසුබ පල ලැබෙනු ඇත.

මිථුන
මිථුන ලග්න අයගේ 12 වැන්නට රවි පැමිණියේය.
නීතිමය ගැටළු වලින් පරිස්සම් වන්න. විදෙස් ගමන්, විදෙස්ගතවීම් අපේක්ෂිතය. පතන පැතුම් ඉටුවිම ප්‍රමාද විමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

කටක
කටක ලග්න අයගේ 11 වැන්නට රවි පැමිණියේය.
මෙය යහපත්ය. රවි 10 තුල දිග්බල විම තුල යහපත්ය. සිකුරුත් උච්ච නිසා යහපත් ඵල අපේක්ෂිතය. ධනය ලැබේ. අන් අයගේ ගෞරවයට ලක්වේ. නව මිතුරන් ලැබෙන කාලයකි. දේපල ලාභ, වාසි අත්වේ.

සිංහ
සිංහ ලග්න අයගේ 10 වැන්නට රවි පැමිණියේය.
රැකියාවේ දියුණුව, නව රැකියා ඇතිවන කාලයකි. විශේෂයෙන් ආයතනයේ උසස් අයගේ ප්‍රශංසා හිමිවේ. වෙනදාට වඩා කාර්යශීලි වන කාලයකි.
දේපල සම්බන්ධ නිරවුල් කරගැනිම් ඇරඹීමට සුභ කාලයකි.

කන්‍යා
කන්‍යා ලග්න අයගේ 9 වැන්නට රවි පැමිණියේය.
වියදම ගැන සිතා කටයුතු කරන කාලයකි. ගමන් බොහෝවනු ඇත. බාධක ඇතිවේ. ඒවා මැඩගෙන ජය ගනී. දේපල ලාභ, අදාල ආයෝජන කරන කාලයකි.

තුලා
තුලා ලග්න අයගේ 8 වැන්නට රවි පැමිණියේය.
තමාගේ දියුණුවට ගන්නා ක්‍රියාමාර්ග තනි මතයට කරන ඒවා විය හැක. බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

වෘශ්චික
වෘශ්චික ලග්න අයගේ 7 වැන්නට රවි පැමිණියේය.
නව රැකියා ලැබිමට ඉඩ ඇත. දේපල ලාබ, ඉඩම් ලාභ ලැබෙනු ඇත. ව්‍යාපාර හවුල් ව්‍යාපාර වලට සුබ කාලයකි. ඒවා ඇරඹීමටද සුබ විය හැක.

ධනු
ධනු ලග්න අයගේ 6 වැන්නට රවි පැමිණියේය.
සතුරු බාධක දුරු වෙන කාලයකි. රවි උපෙතදි අසුබ නම් අසුබ පල එනම් අන් අයට ණය විම් ආදිය අපේක්ෂිතය.
සෞඛ්‍ය තත්වය යහපත් කරගත හැකි කාලයකි. තමන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් කැපවිය හැක ඒවායින් සුබ පල ලැබෙනු ඇත.

මකර
මකර ලග්න අයගේ 5 වැන්නට රවි පැමිණියේය.
වියදම් අධික විමට ඉඩ ඇත. ඒනිසා අරපරිස්සම් වන්න. මුදල් වෙනදාට වඩා උවමනා වන කාලයකි. ඒනිසා ඒ වෙනුවෙන් නිවරදිව සිතා බලා වෙහෙසීමෙන් මුදල් උපයන කාලයකි.

කුම්භ
කුම්භ ලග්න අයගේ 4 වැන්නට රවි පැමිණියේය.
තමාගේ අරමුණු මුදුන් පමුණුවා ගැනිමට විවිධ කටයුතු කරන කාලයකි. විවාහක නම් පවුලේ සමගිය රැකගැනිමට කටයුතු කරන්න.
වෙනදාට වඩා ගැටළු වලින් සිත නොවෙහෙසෙන කාලයකි.

මීන
ලග්න අයගේ 3 වැන්නට රවි පැමිණියේය.
තම සිතට අනුව කටයුතු කිරිමට යාම ගැන සිතා බලන්න. ගමන් අධික වන කාලයකි.
මනසට යම් යම් බාධා, දුක් කරදර ඇතිවන කාලයකි. ඒගැන සිතා බලන්න.
ඒවා මැඩගෙන අපේක්ෂිත දේ කරගත හැක.

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment