Monday, May 5, 2014

“ කාල සර්පය “ - ගැන තව අදහසක්

* කාල යනු රාහුට කියන නමකි. සර්ප යනු කේතුට නමකි.
කාල සර්පය යනු රාහු-කේතුට මැදිව යන අරුතක් දෙන්නකි.
රාහු කේතු ඡායා ග්‍රහයෙකි. මේ දෙදෙනාට මැදිවීම නිසා අනිකුත් ග්‍රහයන්ගේ බලය අඩුවන බවද ප්‍රධානත්වයක් නොලැබෙන බවද කියවි තිබුනද සෑම විටම එසේ නොවේ.

* මුලින්ම කල යුත්තේ සියලුම ග්‍රහයන් රාහු-කේතුට මැදිව සිටින්නේදැයි පරික්ෂා කිරීමය.
මෙහිදී භාව කේන්දරමය පරික්ෂාවක් දළ වශයෙන් හෝ කිරීම වැදගත් වේ. අංශක අනුව එය මැනවින් බලාගත හැක.

● කාල සර්පය ජිවිතයේ බොහෝ කටයුතු වලට විවිධාකාරයෙන් බලපානු ලබයි. ඉතා උසස් හෝ ඉතා පහත් විම සිදුවිය හැක. පොදුවේ යුග දිවියට, අධ්‍යාපනයට, රැකියාවට බාධා වීම සිදුවිය හැක. ඒ අතර මාරක යෝග ලෙස වන කාලසර්පයන්ද පවති.

● කෙසේ වුවද 1, 4, 7, 10 යන තැනක ප්‍රබල ග්‍රහ බලයක් පවති නම් කාල සර්පයේ අශුභ පල අඩු වෙයි. රාහු කේතු අනුව ඒ දෙදෙනාගේ බලය අනුව තීරණය වන මෙම තත්වයන් වලදී ඉහලම සිටියත් පහලටම වැටීම හෝ රහසිගතව සැඟ ව සිටීමට පවා සිදුවිය හැක.
කාල සර්පය නිසාම ඉතා බලවත් වූ අයද සිටින අතර ඒ හා වේගයෙන් ඒවා නැතිවූ අයුරුද අප අත්දැක ඇත.

● කාල සර්ප යෝගය තිබුනු ප්‍රසිද්ධ පුද්ගලයන් අතර, හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා, විජය කුමාරතුංගයන්, ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා දැක්විය හැක. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේද මාධ්‍යයට ලබාදුන් කේන්දරයේ කාල සර්ප යෝගයක් දක්නට ඇත.
ඉක්මණින් ඉහලටම ඒම ගැන සිතන විට විජය කුමාරතුංගයන්ගේ කේන්දරය අනුව කාල සර්පය ඉවහල් වූ බව සිතේ. එසේ වුවද අකල් මරණයට හේතුව කාල සර්ප යෝගය නොවේ.

▅ මෙහි දැක්වෙන කේන්දර සටහනේ පරිදි රට දැයම ආදරය කල රණවිරුවෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ කේන්දර සටහනේද කාල සර්ප යෝගයක් පවති.
එතුමාගේ කේන්දර සටහන ශූල යෝගය වැනි යුද්ධයට හපන් යෝගයක්ද, 7 අධිපති කුජ ග්‍රහයා 10 වැන්නේ සිටීමෙන් සහ 10 අධිපති චන්ද්‍රයා 7 වැන්නේ සිටීමෙන් ඇතිවන මහා පරිවර්ථන යෝගයක්ද, ශනි 7 දිග්බල වීම හා 10 වැන්නේ කුජ දිග්බල වීමද සහිත ප්‍රබල කේන්දර සටහනකි.

Iru Astrology ~ Iru Sewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment