Wednesday, May 14, 2014

~ සතියෙ ලග්න පලාපලය ~

මේෂ
සුබ සතියකි. පැතුම් ඉටුවේ. දේපල ලාභ පෙන්වයි. පදිංචිය මාරුවීම හෝ ස්ථාන මාරුවිම් හිමිවිය හැක. නිවරදිව සිතා බලා ගන්නා තීරණ සාර්ථක වේ. රැකියාවට, ව්‍යාපාරයට සුබයි.
සතුට ලැබේ. මංගල යෝග යෙදුනද ඒ ගැන ලොකු උනන්දුවක් ඇති නොවනු ඇත.
සෞඛ්‍ය තත්වය ගැනද අවදානමත් වන්න.

වෘෂභ
රැකියාවේ දියුණුව ඇතිවන සුබ සතියකි. අන් අයගේ ගෞරවය පාත්‍ර වේ. රැකියාවේ උසස්වීම්, ප්‍රශංසා හිමිවේ.
ව්‍යාපාර කටයුතු වලටද පැවති බාධා දුරුවනු ඇත. ගැටළු නිරාකරණය වේ. විදෙස් ගමන් අපේක්ෂිතය.
පාද වල අමාරු සහ සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.

මිථුන
ඉවසීමෙන් කටයුතු කරන්න. කලබල නොවන්න.
නීතිය සම්බන්ධ කටයුතු වලින් ජය ලැබේ. ආයෝජනයට කටයුතු කරන කාලයකි. පොලව සම්බන්ධ කටයුතු කරන අයට සුබයි.
දේශපාලකයන්ට නව අදහස් පහල වේ. නව රැකියා ලැබෙන සතියකි.
නිදන්ගත රෝග තිබේ නම් සැලකිලිමත් වන්න.

කටක
පිනට සිත යොමුවන කාලයකි. විවේකයෙන් නිදහසේ කල් ගතවේ. වන්දනා ගමන් පවා යෙදිය හැක.
දේපල සම්බන්ධ ගැටළු ඇතිවුවොත් බුද්ධිමත් වන්න. රැකියාවේ කටයුතු දියුණු වේ.
සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

සිංහ
සිත එක අරමුණක තබාගෙන කටයුතු කරන්න. තම මතයට පමණක් කටයුතු කිරීමට යාමෙන් අන් අයගේ සිත් රිදවීමට ඉඩ ඇත. දුරදිග කල්පනා කර කලබල තීරණ නොගන්න.
අනාගතය වෙනුවෙන් තීරණ ගන්නා සතියකි. ගෙදර කටයුතු දියුණු වේ. තම ධෛර්යය හා කැපවීම ගැන සතුටු සිතෙන සතියකි.

කන්‍යා
ලාභ ලැබේ. ආර්ථිකය දියුණු වේ. අන් අය අතර කැපී පෙනේ. ප්‍රශ්න විසදේ. ගමන් බිමන් වලදි පරිස්සම් වන්න.
අධ්‍යාපනයට සුබ කාලයකි. විදෙස්ගත ශිෂ්‍යත්ව පවා හිමිවිය හැක. ව්‍යාපාරිකයන්ට සුබයි. විනෝද අවස්ථා යෙදේ. සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

තුලා
සිතට සතුට ලැබෙන කාලයකි. උසස් අයගේ උදව් ලැබේ. ජය ලැබේ. නව පෙම් සබදතා ඇතිවිය හැකි වුවත් බුද්ධිමත් වන්න. මිතුරන්ගේ උදව් ලැබේ.
විදෙස්ගත ව්‍යාපාර ආදිය කරන අය ඉතා
පරිස්සමින් කරන කටයුතු කරන්න.
ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්න.

වෘශ්චික
ආර්ථික තත්වය යහපත් වේ. වියදමද වැඩිවේ. අරපරිස්සම් වන්න. හදිසි වියදම් ගැන සැලකිලිමත් වන්න. පවුලේ කටයුතු හා කරන කියන අනිකුත් කටයුතු දියුණු වේ.
බෙල්ල ආශ්‍රිත රෝග ගැන අවදානමත් වන්න.

ධනු
නව රැකියා ලැබේ. විදෙස්ගත අධ්‍යාපන අවස්ථා හිමිවිය හැක. කලා කටයුතු වල නිරත වන අයට සුබ කාලයකි. ආර්ථිකය දියුණු වේ.
නිදන්ගත රෝග තිබේ නම් සැලකිලිමත් වන්න.

මකර
මෙතෙක් අතපසුව තිබූ කාර්යයන් සාර්ථක වන කාලයකි. සිතේ සතුටින් උද්යෝයෙන් කටයුතු කරන කාලයකි. විනෝද අවස්ථා යෙදේ. පැරණි හිතවතුන් හමුවේ. මංගල යෝග යෙදේ.
ඒවා ගැන සිතේ දෙගිඩියාවක් ඇතිවේ.

කුම්භ
ගමන් අධික වන කාලයකි. විවේකය නිදහස අඩුවිය හැක. හිතවතුන්ගෙන් උදව් ලැබේ. අධ්‍යාපනයට සුබ කාලයකි. නව ක්ෂෙත්‍ර සොයාගත හැක.
ගමන් යාමට හැකියාව මෙන්ම එම තැන් වල නතර වී සිටීමද අපේක්ෂිතය.

මීන
අන් අයගේ උදව් ලැබෙන කාලයකි.
වෙන අය වෙනුවෙන් කැපවී කටයුතු කරන තම බුද්ධිය නිසා ජය ලබන කාලයකි.
රැකියා කරන අයට යහපත්ය. විද්‍යා කටයුතු වලට විසේස සුබයි.
අධ්‍යාපනයට සුබයි.
පාද ගැන සැලකිලිමත් වන්න.

No comments:

Post a Comment