Wednesday, May 14, 2014

උපන් නවාංශකය අනුව පොදුවේ, ලක්ෂණ මෙසේය.

මේෂ නවාංශකය

නිර්භීත ගති ඇති කාර්යශීලි කෙනෙකි. ඉතා වේගවත් තීරණ ගනී. ඒ අනුව ක්‍රියාත්මක වෙයි. යමක් ඇරඹුවොත් අවසානය දක්වාම කරයි. ලෞකික ජීවිතයේ සෑම සැපතම ලබයි. සතුරන්ද ඇති කරගනී. සතුරන් පරදයි.
උෂ්ණාධික රෝගාබාධ ඇතිවිය හැක. හෙමින් කටයුතු රුස්සන්නේ නැත. මාරක කාල වලදි බොහෝ පරිස්සම් විය යුතුයි.

වෘෂභ නවාංශකය

ස්ථිර අදහස් ඇත. ආගම දහමට බරය. අන් අය අතර කැපී පෙනෙන අය වෙති. කතාව හොදයි. මාරක කාලයන් පසු කලොත් පරමායුෂ අත්විදිය හැක. සතුරන් ඇතිවේ. සතුරන් මැඩ ඉදිරියට යයි.
කලාවට කැමති අය වෙති.

මිථුන නවාංශකය

විනෝදයට බර, රූපසම්පන්න කෙනෙකි. නිතර විහිළු තහළුවෙන් කල් යවයි. වික්‍රමයට කැමතිය. ධනය වියදම බොහෝ වෙයි. සමාජ සේවය කරයි. උපක්‍රම ශීලිය. සතුරන් පරදයි.

කටක නවාංශකය

ඉක්මන් කෝපය ඇති අය වෙති. කලබලකාරිය. චංචල ගති ඇත. විදෙස් ගතවිමට භාග්‍ය ඇත. අලාභ කරගනී. හිතවතුන්ට හිතවත් වුවද යහපතක් නැත. උදරාබාධ වලින් පරිස්සම් වන්න.

සිංහ නවාංශකය

ආත්මාර්ථකාමි ගති ඇත. ආඩම්බරය. ගති ස්ථිරය. අන් අය ගැන සැක කරයි. යහපත් කටයුතු වල නිරත වේ. ගුණ යහපත්කම් ඇත. සතුරන් පරදයි. අදාල අපලකාල වලදි ශාන්තිකර්ම අනිවාර්ය වෙයි.

කන්‍යා නවාංශකය

බුද්ධිමත්ය. ස්ථානෝචිත ප්‍රඥාව ඇත. පරිත්‍යාගශීලිය. අන් අයට අනුකම්පා කරයි. දේපල ලාභ ලබයි. සතුරු බලවේග ඇතිවුවද බුද්ධියෙන් ඒවා විසදගනී. හොද රැකියා ලබයි. කෘෂිකාර්මික ජිවිතයකට බර විය හැක.

තුලා නවාංශකය

සිතිවිලි නිතර වෙනස්වේ. කලාවට බරය. විනෝද වන්නට කැමතිය. විරුද්ධවාදින්ගෙන් කරදර ඇතිවේ. සැප සම්පත් පිරි දිවියක් තිබුනද නිතර බාධා ඇතිවේ. සොර සතුරන්ගෙන් පරිස්සම් විය යුතුය.

වෘශ්චික නවාංශකය

කලබලකාරි ගති ඇත. නිතර කෝප ගනී. කටයුතු ඇරඹුවොත් විවිධ බාධා මධ්‍යයේ වුවද එය කරගෙන යයි. වැරදි සිතේ තබාගෙන සිටිමට දක්ෂය.

ධනු නවාංශකය

විනයගරුකය. නීතියට ගරු කරයි. පාලන කටයුතු වලට දක්ෂය. බොහෝ කටයුතු එක්වර කල හැක. කතාවට දක්ෂය. සංවිධාන ශක්තිය ඇත. ජය ගනී.

මකර නවාංශකය

බොහෝ දේ ගැන දනී. අන් අයගේ මතයට එතරම් ගරු නොකරයි. තම හැගිම් අනුන්ට නොපෙන්වයි. තම සමීපතමයන් ගැන පවා වැඩි විශ්වාසයක් නොතබයි. කලාවට සංගීතයට ප්‍රියයි.

කුම්භ නවාංශකය

තමා දන්නා දේට වඩා දන්නා බව පෙන්වයි. ප්‍රයෝග වලට දක්ෂය. අන් අයගේ කපටිකම් වලට හසුවේ. ආඩම්බරය. අනවශ්‍ය ගැටළු ඇති කරගෙන දුක් විදින්නට හැකියාව ඇත.

මීන නවාංශකය

අන් ස්ත්‍රින්ට හා අන් පුරුෂයන්ට ලෙංගතුකම් පායි. කාමාධික ගති ඇත. දෙගිඩියාව බල පවත්වයි. අපල කාල වල ශාන්ති කර්ම අනිවාර්ය වේ. සතුරු කරදර වලදි පරිස්සම් විය යුතුයි.

No comments:

Post a Comment