Thursday, May 1, 2014

සිකුරු මාරුව - රටට

ග්‍රහලොව සුකුමාල තරුණිය සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහයා අප්‍රේල් 29 වනදා මීනයට පැමිණ  උච්ච විය. උච්ච බලය යනු ලැබිය හැකි ඉහලම බලයයි. සිකුරු උච්ච බලයෙන් මැයි 23 දක්වා සිටිනු ඇත.
වසරකදී මාසයකට ආසන්න කාලයකට පමණක් සිදුවන මෙම උච්චය රටට බොහෝ සුභදායකය.

කුම්භ ලග්න ලංකා කේන්දර සටහන අනුව ලංකා කේන්දරයේ  4වැන්න සහ 9 වැන්න අධිපති සිකුරු මෙසේ උච්ච වීම බොහෝ සුභපල දෙන තත්වයකි. නීච බුධ නීචයෙන් මිදීමද ලංකා කේන්දරයේ ලග්නාධිපති ශනි තවමත් උච්ච බලයෙන් සිටිම හා රවි උච්ච බලයෙන් සිටීමද විශේෂ සුභ පල ගෙනදෙනු ඇත.

සිකුරු උච්ච වන්නේ ලංකා කේන්දර සටහනේ 2 වැන්නේය. ඒ අනුව රටේ ආදායම ඉහල යයි. නව ආදායම් මාර්ග ඇතිවේ. බැංකු වල තැන්පතු ඉහල යන කාලයකි. අපනයන ව්‍යාපාරිකයන්ටද සුබයි. වාහන වල මිල ගණන් යම් තරමක් හෝ අඩුවන කාලයකි. ස්වර්ණාභරණ, විසිතුරු භාණ්ඩ ආදියේද අලෙවිය ඉහල යනු ඇත.
මාධ්‍ය ක්ෂෙත්‍රයට සුබයි. නාට්‍ය, කලා අංශ දියුණු වේ. අලංකරණ ක්ෂෙත්‍රයට අදාල සියලු දෙනාට සුබ කාලයකි. කලා ශිල්පීන්ට සුබයි.
පලතුරු අලෙවිය  ඉහල යයි. වෙනදාට වඩා ආහාර පලදාව ඉහල යනු ඇත.
අවිවාහක අයට මංගල යෝග යෙදේ. විවාහ වන අයටද සුබ කාලයකි. විවාහ උත්සව වැඩිවේ. රූපය ගැන සියලු දෙනා සැලකිලිමත් වන කාලයකි. දුරකථන ආදි සන්නිවේදන ක්ෂෙත්‍ර වලට සුබ කාලයකි. කාන්තාවන්ට සුබයි. මේ කාලයේ උපදින දරුවන්ටද සුබයි. ක්‍රීඩා කටයුතු දියුණු වේ.
කාන්තා දේශපාලකයන්ට සුභ කාලයකි.

No comments:

Post a Comment