Tuesday, October 6, 2015

සතියේ ලග්න පලාපලය - ඔක්. 6 සිට

● මේෂ
ශුභයි.
ඉතාම හොඳ සතියකි. ආර්ථික තත්වය දියුණු වේ. විශේෂයෙන්ම මෙම සතිය ඇතුලතදී හදිසි ධනලාභ වලට හේතුයි. කරන කියන කටයුතු දියුනු වෙයි. වෙළදාම් වල නියුතු අයට ඉතා ශුභ පල ඇතිවේ.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වේ. තමන්ගේ දියුණුව සම්බන්ධයෙන් හොඳ තත්වයක් ලැබේ. දරුවන් සම්බන්ධ කටයුතු වල ප්‍රමුඛස්ථානයක් ගනී. එසේම මේ සතිය අගදී පවුලේ කෙනෙකු වෙනුවෙන් මුදල් වියපැහැදම් කිරිමට සිදුවනු ඇත.
සෙම් රෝග සම්බන්ධව යම් ගැටළු ඇතිමුත් ඒවා සමනය වන අතර සතිය අගදී ආමාශගත අජීරණයන්ට හේතුයි.


● වෘෂභ
හොඳ සතියකි.
මේ සතිය ඇතුලතදී ඔබගේ උත්සහයේ තරමට ප්‍රතිඵල ලැබෙන අතර, ඔබගේ ධෛර්යයමත්භාවය ඉස්මතු වුවෝත් ක්‍රමානුකූලව මේ සතිය අගදී ඔබට පිවිසිය හැක. එසේම සංචාරක ක්ෂෙත්‍ර වල නියුතු ඔබටද එසේම වෙලහෙලදාම් පිට පලාත් වල කරන ඔබටද මේ සතියෙදි ආර්ථික වාසි වැඩි වැඩියෙන් අත්පත් කරගැනිමට හැකිය.
ගෘහ ජිවිතය තුල මේ සතියෙදි සතුට සමාදානය ඇති වේ. අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, තමාගේ ඥාති මිතුරන් එසේම පවුලේ සහෝදර සහෝදරියන් ආදිය නිවසට පැමිණෙනු ඇත. ඔවුන් සමග ප්‍රීති වීමට ඔබට වාසනාව ලැබේ.
සෞඛ්‍ය සම්බන්ධව විමසා බලන කල, චන්ද්‍රයාගේ ගමන අනුව සිතන කල පපුවේ සෙම් රෝග සහ ජලය ආශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් විය යුතුය.



● මිථුන
ඉතාම ශුභ සතියකි.
මේ සතියෙදි ආර්ථික තත්වය ඉතාම බලවත් තත්වයක පිහිටන බව පෙනී යයි. එසේම ඔබගේ වෙලහෙලදාම් කටයුතු දියුණු වේ. රැකියා කරන අයටද දියුණු තත්වයක් ඇතිවන බව කිව යුතුය. මිථුන ලග්නයේ කලා ක්ෂෙත්‍රයේ නියුතු අයට මේ කාලයෙදි නව නිර්මාණ කිරිමට සහ නව නිර්මාණ වලට දායක වීමට ඉඩ ප්‍රස්ථාව වැඩියෙන් ලැබේ. සියලුම ක්සෙත්‍ර වල අයට මේ සතිය සුබයි.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය ඇතිවන අතර, දුවාදරුවන් සමග වැඩිපුර කාලය ගත කිරිමට අවස්ථාව ලැබේ. ඥාති මිත්‍රාදින් නිවසට පැමිණෙනු ඇත. මංගල යෝග බලවත් වන කාලයකි, ප්‍රේම සම්බන්ධතා වල නැවුම් බවක් ඔබට අත්කර දෙන මේ සතිය තුල ධන-ධාන්‍ය තත්වයද දියුණු වේ.
සෞඛ්‍ය තත්වය තුල, ප්‍රබල ගැටළු නොමැත. නමුත් ජලය ආශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් විය යුතුය.


● කටක
මේ සතිය ඉතාම ශුභ සතියකි.
ලග්නාධිපති සදු බලවත් වන මේ සතියෙදි ඔබගේ වාසනාවට මෙන් විවිධ කටයුතු වල දියුණුව ඇතිවේ. එනම් වෙලදාම, විවිධ ධනෝපායන මාර්ග වල නියුතු ඔබට විදේශ රැකියා කරන ඔබටද මේ සතිය සුභයි.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය ඇතිවේ. අඹුසැමි ප්‍රේමය ඇතිවේ. වෙනදාට වඩා පවුලට හිතෛශීව කටයුතු කිරිමට ඔබට සිත් පහල වේ. සතිය අගදි විනෝද චාරිකා සතුට ඇතිවන කාරණා වල යෑමට ඔබට අවස්ථාව උදා වේ.
සෞඛ්‍ය තත්වය නම් හිසේ කැක්කුම, සෙම කරවිම නිසා හිසේ බරගතිය ආදිය ඇතිවිමට හැක.


● සිංහ
සමඵල සතියකි.
ඔබ මේ සතියේ මුල් දවස් 2 -3 තුල ගිවිසුම් ප්‍රකාර කටයුතු වලින් බැහැර විය යුතුය. විශේෂයෙන්ම රැවටිලිකාර කටයුතු වලට හසුවිමට ඉඩ ඇත. එසේම ඔබ ආයෝජනය කරන මුදල් මැනවින් කල්පනා කර බලා එම කටයුතු වල යොදවන්න. නමුත් සතියේ දින 2 හැරුනු විට ඉතුරු දින වලදි ඔබගේ දියුණුව නැවත ක්‍රමානුකූලව හිස ඔසවයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ චිත්ත සමාධිය ප්‍රවේසම් කරගත යුතුයි. මන්ද සතියේ මුල් කොටසෙදි ඔබට කේන්ති යාම සහ අනවශ්‍ය කලබලය නිසා ඔබ කරදර වල පැටලිමට ඉඩ ඇත. නමුත් මේ තත්වය ක්‍රමයෙන් පහව යයි. ඉන්පසු ඔබට මානසික නිදහස හිමිවනු ඇත. පවුලේ අය සමග සතුටින් සිටිය හැක.
සෞඛ්‍ය තත්වය නම්, අතපය වල වේදනාව, පාද වල වේදනාව, නිදන්ගත රෝග ඇති අය රෝග සංකූලතා ආදිය ගැන කල්පනාවෙන් සිටින්න.


● කන්‍යා
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයෙදි ආර්ථික ප්‍රබෝධයක් ඇතිවේ. නව ආදායම් ගැන අදහස් ඇතිවේ. ඔබ කරන කියන කටයුතු වලට පිලිගැනීමක් ලැබේ. නමුත් සතියේ මුල් දින 2න් පසු ඔබ අනවශ්‍ය මුදල් නාස්තියකට පෙළඹීමට ඉඩ තිබේ. ඒ ගැන බුද්ධිමත්ව කටයුුතු කිරිම ඔබට යහපත් වනු ඇත.
ගෘහ ජිවිතය තුල ඔබ වෙනදාට වඩා පිබිදිමෙන් වැඩ කරයි. කෙසේ වෙතත් අඹුසැමියන් අතර සතුට සමාදානය මෙන්ම පවුලේ හිතවතුන්ගේ ආදර ගෞරවය මේ සතියෙදි ලැබෙනු ඇත. ඔබට සතිය අගදී අලුත් මිතුරු ඇසුරක් හෝ ඥාති සබදතාවක් ඇතිවීමේ වැඩි ඉඩක් පවති.
සෞඛ්‍ය තත්වයේ ගැටළු ප්‍රබලව නැත. හදිසි කලබලය, මානසික ආතතිය ඇතිවිමේ ඉඩක් ඇති නිසා ඒවායින් ආරක්ෂා විමට කල්පනාකාරි වන්න.


● තුලා
හොඳ සතියකි.
මේ සතියෙදි ඉතාම සුවිශේෂි වන්නේ ආහාර, රසකැවිලි සහ කාන්තාවන්ට අවශ්‍ය ව්‍යාපාරික කටයුතු කරන වෙළද ව්‍යාපාරික ඔබටයි. එසේම සමාජයත් සමග උරෙනුර ගැටි කරන කටයුතු කරන අයගේ ආර්ථිකය දියුණු වේ. විදේශ රැකියා කරන අයගේ වැටුප් සම්බන්ධව සුභවාදි ආරංචි ලැබේ. සතිය මැදදී හදිසි ධනලාභ වලට හේතුයි.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය සමාදානය ඇතිවේ. ආර්ථික සමෘද්ධිය නිසාම නිවසේ ප්‍රීතිමත් භාවය එක ලෙස පවති. අවිවාහක අයට මංගල යෝග උදා වේ. එසේම කරන කියන කටයුතු වල දියුණුව නිසා සිතේ සමාදානය ඇති වේ.  ඔබට ඉතාම හොද කාලයකි.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නොමැත.


● වෘශ්චික
ඉතාම සුභ සතියකි.
මේ සතියෙදි ඔබගේ දියුණුව ඉතාම විශිෂ්ටයි. ඔබට විවිධාකාරයෙන් විවිධ අංශ වලින් මුදල් හදල් උපයාගැනිමට පුලුවන්. කොටින්ම කියනවා නම් ඔබ නිකන් හිටියත් මුදල් ලැබෙන කාලයකි මෙය. ඔබගේ උත්සහය අනුව ඔබට මේ සතියේදී ජිවිතයේ දිගුකාලීන ආර්ථික පදනමකට යම් අලුත් දෙයක් පටන් ගැනිමට පවා වාසනාව ඇත. ඒ ගැන විමසා බලා කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල අලුත් මිතුරු සබදතා ඇතිවේ. ඥාති මිතුරු සබදතා ඇතිවේ. ප්‍රේම සබදතා වල නව පිටුවක් පෙරලේ. ඔබ සමාජයේ ජනප්‍රිය වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නමුත් මේ සුභවාදි ග්‍රහචාරය නිසා ඔබ අනවශ්‍ය ලෙස කලබල ඇති කරගන්න එපා. මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න.


● ධනු
මධ්‍යස්ථඵලයි.
ආර්ථික කටයුතු වල ප්‍රබල ගැටළු නැ. සතිය මුලදි සතුරු කරදර වලින් ආර්ථික තත්වයට කරදර විය හැක. හවුල් ව්‍යාපාර කටයුතු කරන අයට පාර්ශවකරුවන් සමග අමනාප වීම හොද නැහැ. නමුත් සතියේ මුල් දින 2 පසුවූ පසු මේ තත්වයන් ක්‍රමානුකූලව පහව යයි. දියුණුව සැලසේ.
ගෘහ ජිවිතය තුල ඔබ ප්‍රීතිමත්ව සිටි. අලුත් මංගල යෝජනා, ප්‍රේම සබදතා සඵල වීම්. වැඩිහිටියන්ට ඔබ ගරු කරයි. වැඩිහිටියන්ව වන්දනා ගමන් ආදියට යොමු කිරිම, සැලකීම ආදි ගුණ ධර්ම ඔබගෙන් මේ සතියේදි මතුවනු ඇත.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැත. සෙම් රෝග ආදියෙන් පරිස්සම් වන්න. එසේම ධනු ලග්නයේ කුඩා දරුවන් ජලය ආශ්‍රිත රෝග වලින් පරිස්සම් කරගැනිම අත්‍යාවශ්‍යයි.


● මකර
සමඵල සතියකි.
සතියේ මුලදි පවතින ආර්ථික ප්‍රබෝධය සතිය මැදදී නැති විමට ඉඩ ඇත. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරන අය මේ සතියෙදි ඔවුනොවුන්ගේ කටවල් පරිස්සම් කරගත යුතුය. එසේම අනවශ්‍ය කලබල වීම් නිසා ඔබට මේ සතියේ ලැබෙන්ට තියෙන දේවත් නොලැබි යාමට ඉඩ ඇත. නිස්කාරණයේ දඩ හෝ ණයතුරුස් වලට මුදල් වැයවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ඔබ තරමක් ප්‍රචණ්ඩකාරිව හැසිරිමට ඉඩ තිබේ. එසේම ඔබගේ තත්වය ඔබ තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම අඹුසැමියන් අතර සාමාන්‍ය දේකට පවා දුරදිග යන සිත් අමනාපකම් ඇතිවිමට හේතු තිබේ. ආරක්ෂා වන්න.
සෞඛ්‍ය තත්වය නම්, ඔබ මෙම කාලයේදී ඔබගේ සෙම් අමාරු සහ ඇඟපතේ වේදනාවන් ගැන ඔබ කල්පනාවෙන් සිටිය යුතුය.



● කුම්භ
සමඵල සතියකි.
ආදායම සතුරු කරදර නිසා බිඳ වැටිමේ යම් ඉඩකඩක් පවති. ඔබ මේ සතියෙදි ඉතාම සූක්ෂමව ඉවසීමෙන් ඔබට ධනය එන මාර්ග ගැන කල්පනා කර බැලිය යුතුයි. එසේ නොමැති නම් ඔබ ඇත්තටම අමාරුවේ වැටිය හැක. ඔබ අලුතින් මුදල් සොයනවාට වඩා තිබෙන මුදල්, දේපල රැකගැනිමට කටයුතු කිරිම ඔබ විසින් කල යුතු දෙයකි.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට සමාදානය කෙරේ යම් අයහපත් ග්‍රහ බලපෑමක් පවතී. මෙම තත්වයන් නිසා ඔබ ඉවසීමෙන් කටයුතු කල යුතුයි. ඥාති මිත්‍රාදින් සමග මත ගැටුම් ඇතිවිමට පුලුවන් බැවින්, ඒ අය සමග වාද වලට නොගොස් සිටිය යුතුයි. ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නම්, ආමාශගත රෝග, විෂබීජ ශරීරගත වීම්, අපිරිසිදු ජලය පානයෙන් කුඩා දරුවන්ට යම් රෝග ඇතිවිම් ආදියයි, ආරක්ෂා වන්න.


● මීන
සමඵලයි.
මේ කාලය තුල ආර්ථික තත්වයේ යම් විචල්‍ය භාවයක් පෙන්වයි. චන්ද්‍රචාරය අනුව ලැබෙන මුදල් ප්‍රවේසම් කරගැනිම ඔබගේ වගකීමයි. ඔබ බලාපොරොත්තු නොවු හදිසි විය පැහැදම් නිසා ඔබ මානසිකව බිඳ වැටිමට ඉඩ ඇත, මුදල් පරිහරණයෙදි එනිසා දෙවරක් සිතා කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. එයින්ද තමාගේ දුවාදරුවන් සමග වැඩි කාලයක් සිටිමට ඔබට ඉඩ ලැබේ. විශේෂයෙන්ම ඔබගේ අවිවාහක ඔබට මංගල යෝග උදා වීමට මේ සතියේදී ඉඩ ප්‍රස්ථාව ඇතිවෙයි. තවද ප්‍රේම සබදතා සඵල වනවා, අලුත් ඥාති හිතවතුන්ගේ බැඳීම නිසා ඔබ ප්‍රීතියෙන් සිටිනව.
සෞඛ්‍ය තත්වයට නම් ප්‍රබල ගැටළු නැති වුවත් ආමාශගත අජීර්ණ රෝග, ගැස්ට්‍රියිටිස්, ජලය මගින් ඇති කරන රෝග, ඇඟපතේ වේදනාව ආදිය ඇතිවිමට හේතුයි.





No comments:

Post a Comment