Saturday, November 12, 2016

ශ්‍රී විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී මෑණියන්

විෂ්ණු දෙවියන් මධ්‍ය විශ්වයේ වැදගත්ම දෙවි කෙනෙකි. ලක්ෂ්මී මෑණියන් මූලිකව සෞභාග්‍යයට අධිපති වෙයි.
සෙනසුරුගෙන් පීඩා යමෙකුට ඇතිවන්නේ නම් එයට මූලික හේතුව පෙර ආත්ම භව වල වෙනත් අයට කරන ලද තාඩන පීඩාය. සෙනසුරු පීඩාවන් දැඩිව මේ ආත්ම භාවයේ විපාක ලැබෙන විට ඔවුන් අසරණ වන අතර එයින් ගැලවීමට මූලිකව ආශිර්වාද ලබාගත හැක්කේ විෂ්ණු දෙවියන්ගෙනි.
ලක්ෂ්මී මෑණියන් බොහෝවිට සිකුරුගෙන් වන පීඩා මෙන්ම සිකුරුගෙන් ලැබෙන වාසනාවන්ට ආශිර්වාද වෙයි.

සමහර අයට ඇති ගැටළුවක් වන්නේ විෂ්ණු දෙවියන් සම්‍යක් දෘෂ්ටිකද යන්නය...
අප මීට පෙරද පවසා ඇති පරිදි සියලු දේව මණ්ඩලයම දහමට අනුකූලය. ගරු කරති. එනිසා සම්‍යක් දෘෂ්ටිකද යන කාරණය අදාල නොවේ(දෙවියන්ගේ අවබෝධ ශක්තිය ඉහලය. එනිසා කුමන ආගමික මතවාද තිබුනද ඔවුන් සියලුදෙනා දහම අනුව කටයුතු කරන්නට කටයුතු කරති).
 බුදුන්වහන්සේ විසින් සම්බුදු දහම රැක ගන්නා ලෙස පැවසූවේ දෙදෙව් ලොවට අධිපති ( දිව්‍ය, බ්‍රහ්ම) සක් දෙව් රජට වන අතර, ශක්‍ර දෙවියන් විසින් එය උපුල්වන් දෙවියන්ට පැවරුවේය.
උපුල්වන් දෙවියන් යනු ශ්‍රී විෂ්ණු දෙවියන්මය.

ඔබ මතක තබා ගත යුත්තේ, දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නෙ ශ්‍රද්ධාවන්ත - පින්වන්ත අයට බවය.
පන්සිල් පද 5 රකින්නේ නැතිව බෞද්ධ යැයි කිව්වාට දේවාශිර්වාද හිමිවන්නේ නැත.
එසේම පුද පඬුරු, පූජා වට්ටි ආදිය ලබාදීම වරදක් නොවූවද, ඒවා විශාල වන තරමට රැවටීමට හෝ එවන් ලාභ සත්කාර වලට කැමති වන්නේ ප්‍රේත - භූත ආදි පහත් අමනුෂ්‍ය ආත්ම මිස දෙවිවරු නොවෙති.
එනිසා සැබෑවට ආශිර්වාද ගන්නට නම් නිසි ලෙස ප්‍රතිපත්තිය - සීලය රැකගෙන පින්කම් කරන්න. එසේ නැතිව යමෙක් වැරදි කරමින් වැජඹීගෙන සිටින්නේ නම් ඒ පෙර කල කුසල් බලය තවම තිබෙනතුරු බව මතක තබාගන්න. එය අවසන් වූ විට ඔවුන් කරදරේ වැටේ.

ඔබටද සැබෑ ලෙසම මෙවන් සුපින්වත් දෙවිවරුන්ගේ ආශිර්වාද ගන්නට නම්, කල යුත්තේ නිසි ලෙස පින්කම් කර(මෙයින් අදහස් වන්නේ ශ්‍රද්ධාවන්තව බවය, නැතිව වැඩි මුදලින් නොවේ) දෙවියන්ටද පින් අනුමෝදන් කරන්න.

#ඉරු

irusewaya@gmail.com.
077 22 38041

No comments:

Post a Comment