Wednesday, August 24, 2016

සැපවත් ජීවිතයක් උරුම කරවන “රණහංස යෝගය“ 



“ ග්‍රහ ලොව සුරගුරු සහ ප්‍රඥාවන්තයාද වන, සෞභාග්‍යයට අධිපති  ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා, ධනු රාශියේ  තැන්පත් වීමෙන් රණහංස යෝගය ඇතිවේ “
ගුරු ග්‍රහයා ධනු රාශියට අධිපති වෙයි. එනම් එම රාශියේදි ගුරුගේ පිහිටිම ස්වක්ෂෙත්‍ර ලෙස කියනු ලැබේ.

මෙම යෝගය ඇති අයට සුවපහසු දිවියක් උරුම  කරගැනීමේ වාසනාව පවති. එසේම මේ යෝගය ඇති අය  සුවපහසු දිවියකට කටයුතු සම්පාදනය කරගැනීමේ දක්ෂ අය  වෙති.

- කලා ලොවේ බබලන චරිත, දේශපාලනයේ බලවත් අය, සුපිරි ක්‍රීඩකයන්ට සහ ව්‍යාපාරික ලෝකයේ ඉහලටම පැමිණ සිටින චරිත ගණනාවකට මෙම යෝගය නිසි බල සහිතව කේන්දරයේ යෙදී ඇති බව අප අත්දැකීමෙන් දනිමු..

- විශේෂයෙන් කිව යුත්තේ මෙම යෝගය කේන්දරයේ තිබීමෙන් පමණක් සියල්ල සාර්ථක නොවන බවයි. නිසි බල සහිතව මෙම යෝගය යෙදීමද, අනිකුත් ග්‍රහ දෘෂ්ටි යනාදි බොහෝ කරුණු මත මෙම යෝගයේ නියම ඵල ලැබේද නැද්ද යන කාරණය කිව හැක.



- බලන්න ඔබටත් මෙම යෝගය තිබෙනවාද කියා ???


● ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 9 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 8 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 7 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 6 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 5 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 4 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 3 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 2 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 1 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 12 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 11 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 10 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

No comments:

Post a Comment