Saturday, August 20, 2016

රංවල මුත්තා දෙවියන්

රංවල මුත්තා දෙවියන් හැඳින්වෙන්නේ ප්‍රාදේශීය දෙවි කෙනෙකු ලෙසය. නමුත් එම දෙවියන්ගේ අනුහස ප්‍රදේශකට පමණක් සීමා නොවන්නක් බව අප අත්දැකීමෙන් දනිමු.
(උදාහරණයකට සුමනසමන් දෙවියන්ගේ අනුහස තිබෙන්නේ රත්නපුරයට හෝ ශ්‍රී පාද අඩවියට පමණක් ලෙස සිතාගෙන සිටියද මුළු ලොවටම අනුහස තිබේ)

ජනවහරේ එන පරිදි කැළණි ගඟ අසබඩ බ්‍රහ්මචාරි දිවි පෙවතක් ගෙවූ රන්දෝලිස් නැමති මහතෙකු විසින් කැළණි ගඟ දෙපස රාත්‍රියේ ආලෝකමත් කරන්නට පුහුල් පහන් එල්ලීම සිදු කර ඇති අතර, එමගින් ප්‍රදේශවාසින්ට මහත් සෙතක් සලසා ඇත. පසුකාලිනව මරණයට පත්වූ පසුවද එම ආලෝක කිරීම දිගටම පැවතුනු නිසා දේවත්වයට පත්ව ඇති බව විශ්වාසයට ගෙන ඇත.

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටියේ තිබෙන දේවාලය මෙම දෙවිඳුන්ගේ ප්‍රධාන දේවාලය ලෙස සැලකේ. දෙවියන්ට නොවූවද, එම දේවාලයේ නඩත්තුව පිණිස යන එන විට පඬුරු පිං කැටයට දැමීම යහපත් ක්‍රියාවකි.

දෙවියන්ගේ ආශිර්වාද ලබන්නට නම් ඔබත් මුදලින් නොව ශ්‍රද්ධාවෙන්, කුසලයෙන් පොහොසත් වන්න..

නියම ශ්‍රද්ධාවෙන් යුතුව පින්කම් කර ඒ පින් දෙවියන්ට ලැබේවායි සිතින් සිතන්න. ඔබට අකුසල කර්ම විපාක තිබේ නම් ඒවා සමනය වන්නට එයම හේතුවක් වනු ඇත. අකුසල කර්ම විපාක නැත්නම් හෝ කුසල විපාක මනාව තිබේ නම් දේව ආශිර්වාදයද සහිතව ජිවිතය වඩා යහපත් කර ගැනීමට වාසනාව ලැබෙනු ඇත !


#ඉරු

No comments:

Post a Comment