Wednesday, March 15, 2017

අලුත් අවුරුද්ද වනතුරු බලපාන රවි මාරුව (03/14 - 04/14) 2017


ග්‍රහලොව  රජතුමා හෙවත් පියා  සැප දුක් බැලීමට  පුරෝහිතයාගේ නිවසට පැමිණෙයි.

ලංකා කේන්ද්‍රයේ 2 වැන්න  වන මින රාශියට රවි පැමිණේ.
රටේ ජනතාවගේ ආර්ථික තත්වයේ තරමක අර්බුද ඇති විය හැක. වියදම් ඉහල යාමට ඉඩ ඇත.   බඩු මිල ඉහල යාමේ අවදානමක්ද පවති. ඒ අතර නැණවත්ව බුද්ධිමත්ව තීරණ ගැනීමට හැකි වන කාලයක් වෙයි.

-
ලග්න 12ට පලාපලය මෙසේය.
(මෙය පොදු පලාපලයකි. කේන්දරය අනුව වෙනස් විය හැක)

● මේෂ ලග්නය
12 වැන්න වන වැයස්ථානයට හිරු නොහොත් රවි පැමිණියේය.
කලබලකාරි ගති වැඩිවිම නිසා වෙනදාට වඩා  ගැටලු ඇති විය හැක. කල්පනාකාරි විය යුතුය. වෙනදාට වඩා තම ව්‍යපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ.
ගෙදෙර වැඩකටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.
-

● වෘෂභ ලග්නය
 11 වැන්න වන අයස්ථානයට රවි පැමිණියේය.
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත. එහෙත් ආදායමට වඩා වියදම වැඩි විය හැක. කල්පනාකාරි විය යුතුය.
  රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදීමට ඉඩ  ඇත.
-

● මිථුන ලග්නය
10 වැන්න  වන කර්ම ස්ථානයට රවි පැමිණියේය.
  ව්‍යපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි කාලයක් උදාවේ.
රැකියාවේ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි. විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ. ප්‍රිති උත්සව වලට සහභාගි විමට ඉඩ ලැබේ.
-

● කටක ලග්නය
රවි පුණ්‍යස්ථානය වන 9 වැන්නට පැමිණියේය.
  මෙතෙක් තිබු කරදර බාධක තත්වයන් මග හැරි යන තත්වයක් උදාවේ. වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 ආර්ථික වාසි සැලසේ.
නව රැකියා උදාවේ. අධ්‍යයාපනයට තිබු බාධා ඉවත් වේ.
උසස් අධ්‍යාපන වරම් ලැබීමට ඉඩ ඇත.
දරුවන්ගෙ අධ්‍යපන කටයුතු සාර්ථක විය හැකි කාලයකි.
-

● සිංහ ලග්නය
 රවි ආයුෂ ස්ථානය(8) ගතවේ.
වෙනදාට වඩා කලබලකාරි වැඩිවිම නිසා වෙනදාට වඩා  ගැටලු ඇති විය හැක. වෙනදාට වඩා තම ආදායම් මාර්ග වලට කාලය ශ්‍රමය වැය කිරිමට සිදුවෙයි.
 නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ.
 පවුල් ජීවිතයේ සමගියට බාධා  මතුවිය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
-

 ● කන්‍යා ලග්නය
(12) වැයස්ථානාධිපති 7 වැන්නට පැමිණියේය.
  පවතින ප්‍රශ්න ගැටලු වලට විසදුම් සොයාගැනිමට අවස්ථාවන් ලැබිය හැකිය. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදිය හැක. ආදායම් මාර්ග වල ගැටලු නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
 රැකියාවට තරමක් බාධා  මතු විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි ගැටලු නිර්මාණය විය හැක.
-

 ● තුලා ලග්නය
(11) අයස්ථානාධිපති, (6)රොගස්ථානයේ ගෝචර වෙයි.
 මේ නිසා තුලා ලග්න හිමියන්ගේ ආර්ථික තත්වය තරමක් පහල බැසීමටද ආදායම් මාර්ග වල අවහිරතාද  ඇතිවිය හැකි  කාලයක් වේ.
 රැකියා ස්ථානයේද තරමක් ගැටලුකාරි තත්වයන් මතුවිමට කරුණු යෙදිය හැකිය.
ගෘහ ජිවිතයේ වැඩිපුර තම පෞද්ගලික කරුණු කාරණා වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැකි වනු ඇත.
-

 ● වෘශ්චික ලග්නය
10 වැන්නාදිපති රවි,  5 වැන්නට පැමිණියේය.
 ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්ය බහුල වේ.
ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමට අවස්ථාවන් උදාවනු ඇත.
-

 ● ධනු ලග්නය
  4 වැන්න වන ගෘහ ස්ථානයට  ඉරු නොහොත් රවි පැමිණියේය. මුල්‍ය ගැටලු  විසදා ගත හැකි වනු ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරී යයි.
 රැකියාවේ දියුණුව පෙන්නුම් කරයි.   උසස් වීම්, තරග විභාග ආදියෙන් නිසි ඵල ලබාගත හැකි කාලයක් විය හැකිය.  ඉඩකඩම් මිලදි ගැනිම් වලට සුබ කාලයක් වේ.
පවුලේ සමගිය වර්ධනය වේ.
අධ්‍යාපන කටයුතු තරමක් වර්ධනය කර ගත හැකි වනු ඇත.
 -

 ● මකර ලග්නය
8 වැන්නාධිපති 3 වැන්නේ ගෝචර වේ.
 තරමක් සුබ පල ගෙන දෙන කාලයක් වේ. පෙර පැවති වියදම් තත්වය මග හැරි යන තත්වයක් උදාවේ. මුදල් හානි අවම වේ. යම් මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි.
විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
පවුල් ජිවිතය තුල තරමක් බාධා මතු විය හැක.
-

 ● කුම්භ ලග්නය
 7 වැන්නාධිපති 2 වැන්නේ ගෝචර වේ.
 හවුල් ව්‍යපාර  තරමක් වෙනදාට වඩා සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවේ බාධා ඉවත් වේ. නව රැකියා උදා වේ.
 පවුල් ජිවිතයේ තිබු බාධා ඉවත් වේ.  යහපත් මංගල යෝජනා  ඉදිරිපත් වේ.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ දියුණුවට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.
-

 ● මීන ලග්නය
 6 වැන්නාධිපති 1 වැන්නේ/ලග්නස්ථානයේ ගෝචර වේ. වෙනදාට වඩා බාධා ගැටලු මතු වීමට ඉඩ ඇත. ආදායම් මට්ටම තරමක් පහල යයි. එහෙත් ව්‍යාපාර වල දියුණුවට හා තම ආදායම් මාර්ග දියුණු කරගැනිමට  යම්  පියවරක්  ගැනීමට සිදු වෙයි, නැතහොත් ගැටලු මතු වේ.
රැකියාවට තරමක් බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය. ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය. ආදර සබදතා වලට බාධා - ප්‍රශ්න නිර්මාණය විය හැකිය.

-

#ඉරු

No comments:

Post a Comment