Wednesday, March 22, 2017

“ විවාහයට අදාල මාරක යෝග “

අද කාලයේ දකින්නට ලැබෙන දෙයක් තමයි, අලුත විවාහ වෙන අය ඉක්මණින් දික්කසාද වෙන එක.
කොළඹ දිස්ත්‍රික්කය තුල දික්කසාද ප්‍රතිශතය 60%ක්. ඒකියන්නේ බඳින 10ක්ගෙන් 6ක් වෙන් වෙනවා.
මේ තත්වයන් හිතද්දි තමයි විවාහයෙදි ජ්‍යොතිෂ්‍යය අනුව නොගැලපීමත්, හරි අවබෝධයක් නැතිකමත් ගැන අපිට සිහියට එන්නෙ.
අතීතයේ බැලුවාම, නොගැලපීම උනත් නැතත්, පවුල් ජිවිතය ආරක්ෂා කරගත යුතුයි කියන මතය නිසා කරදර - බාධක ඉවසගෙන විවාහය රැකගෙන ඉදල තියෙනවා.
නමුත් නිසි ගැලපීම නැත්නම්, ලෙඩ රෝග, කරදර - බාධක වගේම මරණය පවා ගෙන දෙන්නට හේතු වෙනවා. එහෙම නැත්නම් වෙන්වීමක් තියෙනවා.

මේ සියලු කාරණා සලකලා, ප්‍රායෝගිකව බුද්ධියෙන් සිතිය යුතු කාරණා ඔබට සිතන්නට භාර කරලා, විවාහයට අදාලව ජ්‍යොතිෂ්‍යය පැත්තෙන් දැනුවත් කල යුතු කාරණා කීපයක් සරලව ලබාදෙන්නට තීරණය කලා.

 විවාහයෙදි පරික්ෂා කිරීමෙදී සූක්ෂමව ස්ත්‍රී - පුරුෂ කේන්දර 2ම “මාරක යෝග“ තිබේදැයි පරික්ෂා කල යුතුය. නිසි ලෙස මාරක දෝෂ තිබී, ගැලපීමද සිදුවන්නේ නම් එවන් විවාහයක් කිරීමේ ගැටළුවක් නැත.

මෙවන් දෝෂ ජ්‍යොතිෂ්‍යෙයෙදී, “ මාරක යෝග, වෛධව්‍ය යෝග, වැන්දඹු යෝග“ ලෙස හැඳින්වේ.

●  එක කේන්දරයක පමණක්, මෙවන් යෝගයක් තිබී, අනිත් කේන්දරයේ අවශ්‍ය පරිදි එම ගැලපීම නැත්නම්, යෝගය ඇති කෙනා නොව, යෝගය නැති කෙනාට මරණය පවා(ලෙඩ රෝග, වෙනත් කරදර - බාධක) හිමි වීමේ අවදානමක් ඇත.
එහිදී මරණය හෝ එවන් කරදර සිදුවීමට වැඩි ඉඩක් ඇත්තේ, එම ග්‍රහයාගේ මහ දසා වලදී විශේෂයෙන්ද, අතුරු දසා වලදීද හැකියාවක් ඇත.

●  කුජ/ අඟහරු කේන්දරයක 1, 4, 7, 8, 12 රාශි වල සිටී නම් ස්ත්‍රී - පුරුෂ මාරක යෝග තත්වයකි.
මෙහිදී ඔබ තේරුම් ගත යුත්තේ, සෑහෙන කේන්දර වල මෙම තත්වය තිබිය හැකි බවයි. එනිසා මෙය අනවශ්‍ය ලෙස බිය වීමට අවශ්‍ය කාරණාවක් නොවේ.
කේන්දර 2හිම එම ස්ථාන වලින් 1ක, කුජ සිටිම හෝ රාහු, ශනි, කේතු වැනි පාපී ග්‍රහයන් සිටී නම් එම දෝෂයන් භංග වීමේ ඉඩක් පවතී(එය සූක්ෂමව බලා නිවරදිව කිව යුත්තකි).

● පාප සහිත රාහු, ලග්නයේ(1) සිටීමද, 8 - 12 කුජ සිටීමද, පුරුෂ කේන්දරයක යෙදෙන ස්ත්‍රී මාරක යෝගයකි.
මෙම ග්‍රහයන් ස්වක්ෂෙත්‍ර, උච්ච යනාදි බලයෙන්ද, නිසි සුභ දෘෂ්ටි යනාදියද, සුභ නැකැත් යනාදියෙන්ද යුක්ත වේ නම් මෙම දෝෂ තත්වයේ බල හීන විය හැකිය.

පොරොන්දම් පරික්ෂාවෙදී නිසි අංශක සහ සුදර්ශන චක්‍රය සමග සසඳා බැලීමේදී ග්‍රහයාගේ අංශක සහ සුභ නැකැත් සුභ දෘෂ්ටි අනුව ග්‍රහ දෘෂ්ටිය, අනෙක් කේන්දරය සමග සසඳා බැලීමේදී නොගැලපේ නම්, ග්‍රහ පොරොන්දමද සූක්ෂමව බැලීමේදී නොගැලපේ නම් මෙම සහකරු සහ සහකාරියගේ යුග ජීවිතය වැඩි කල් නොගොස් වෙන් වීමට හේතු සාධක පවතී.
එනිසා නිසි අත්දැකීම් ඇති, මනා බුද්ධියකින් හෙබී ජ්‍යොතිෂ්‍යයවේදියෙකු ලවා පරික්ෂා කර ගත යුත්තේ එබැවිනි.

* මේවාට කල යුතු පිලියම් - ශාන්ති කර්මද - පින්කම්ද ඇත. නිසි අයුරින් කිරීම තුලින් මේ දෝෂ තත්වයන් මග හරවා ගත හැක.

- ඊලග ලිපියකින් නැවත හමුවෙමු.

#ඉරු

077 2238041
irusewaya@gmail.com

____________________

●  පුරුෂ කේන්දරයක සිකුරු සිටින තැනින් 7 වැන්නේ පාපීන් සමග කුජ සිටීමෙන් ස්ත්‍රී මරණයද, ස්ත්‍රී කේන්දරයක ශනි සිටින තැනින් 8 වැන්නේ පාපීන් සිටී නම් පුරුෂයාට අපල ගෙන දෙන යෝගයක් වෙයි.

No comments:

Post a Comment