Thursday, March 2, 2017

“ හැමෝම බය වෙන ඒරාෂ්ටක අපල “ න

ජ්‍යොතිෂ්‍යය පිළිබද සාමාන්‍ය වැටහීමක් ඇති අයෙකු වුවද, සෙනසුරු/ ශනි ග්‍රහයා පිලිබදව දැනුවත් වීමට හේතු වී ඇත්තේ සෙනසුරු විසින් ජන්මියාට ඉතා කටුක - අයහපත් ප්‍රතිඵල ලබාදෙන බැවිනි.
* සෙනසුරු දසාවන් සහ ඒරාෂ්ටක අපල වැනි තදබල අපල ක්‍රියාත්මක වීමේදී අදාල පුද්ගලයාට දුක, සන්තාපය, බිහිසුණු බව වැනි කරදර ලබා දෙයි.
* සමහර අයට ඒරාෂ්ටක අපල ගත වීමේදී පවා කරදර ඇති නොවෙයි. යහපත - වාසනාව තිබෙයි.

බොහෝ අය සෙනසුරු පිලිබදව ඇසූ පමණින් බියට පත් වෙයි.
සෙනසුරුගේ ගෝචරය(ගමන) සමග ජන්මියාට, අහිතකර තදබල අපලයන් වනුයේ සෙනසුරුගේ ඒරාෂ්ටක අපලයයි. මෙම ඒරාෂ්ටක අපලයද කීප ආකාරයකින් ක්‍රියාත්මක වෙයි. ඒරාෂ්ටක අපලයක් ක්‍රියාත්මක වූ පමණින්, අසුභ - කටුක - තදබල ප්‍රතිඵලයක් නොලැබිය හැක. සමහරවිට ඒ කාලය තුල ජන්මියාට අපලයක් ක්‍රියාත්මක වූවාදැයි කියාවත් නොදැනෙයි.

සෙනසුරු ග්‍රහයා එක් රාශියක වසර 2 හමාරක් සිටියි. සෙනසුරු ගෝචර ගමනින් රාශි 12 තුලම ගමන් කිරීමට වසර 30 කාලයක් ගත වෙයි. ජන්මියාගේ උපතේදී සිටි රාශියට නැවත පැමිණීමට වසර 30 කාලයක් ගත වෙයි.

අපල තත්වයන් ක්‍රියාත්මක වීමේදී බලපාන කරුණු රාශියකි. පහත කරුණු අසුභව යෙදුනු විට අපල තත්වයන් ක්‍රියාත්මක විය හැක.

* එම කරුණු අතුරින්, උපතේදී සෙනසුරුගේ බල - දුබල තත්වයන්, අපලය ක්‍රියාත්මක වන පුද්ගලයාගේ ලග්නය, සෙනසුරුට වැටෙන ග්‍රහ දෘෂ්ටි, යෝගව සිටින ග්‍රහයන්, ගත වන දසාවන් (මහ දසා - අතුරු දසා - විදසා , සූක්ෂම දසා), සෙනසුරු සිටින රාශිය(එහිදී අංශක අනුව බැලීම සහ නැකත) ප්‍රධාන වේ.
ඉහත  කරුණු අසුභව යෙදුනු විට කරදර බාධක සහිතව විපාක ලැබෙනු ඇත.

සෙනසුරුගේ ඒරාෂ්ටක කීප වර්ගයකි.

● ලග්න ඒරාෂ්ටක අපලය - වසර 7 හමාරකි.
(  2008 වසරේදී අභාවප්‍රාප්ත වූ හිටපු කථානායකවරයෙක් වූ අනුර බණ්ඩාරනායක මහතාටද දැඩිව බලපෑ අතර එය සියලුම සිංහ ලග්නකරුවන්ට බලපෑවක් විය.)

● ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපලය - වසර 2 හමාරකි.

● චන්ද්‍ර ඒරාෂ්ටක අපලය(ජන්ම ඒරාෂ්ටකය) - වසර 7 හමාරකි.

● චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලය - වසර 2 හමාරකි.
( හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහ වූයේ මෙම ඒරාෂ්ටකය ඇරඹී මාස කීපයකිනි)

අමතරව, රවි සම්බන්ධවී සූර්ය ඒරාෂ්ටක අපල නමින්ද අපල ඇත. එම අපල එතරම් ප්‍රසිද්ධ නොවී ඇත්තේ එහි තදබල අපල පොදුවේ නොදෙන බැවිනි.

සෙනසුරුගේ ඒරාෂ්ටක වර්ග ගැන එකින් එක පැහැදිලි කිරීමක් ඊලගට බලාපොරොත්තු වන්න.

- #ඉරු

irusewaya@gmail.com
077 2238041

---




No comments:

Post a Comment