Wednesday, November 13, 2019

“ නාග ලෝකයෙන් ධාතු වැඩමවීම සහ බැඳුනු මුසාව “



අප දන්නා ඉතිහාසයේ ලංකාවට නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වැඩම වූයේ රුවන්වැලි මහා සෑය නිමවීමේදීය. එයට හේතුව එහි නිමැවීම මෙන්ම ඊටත් පෙර සම්බුදු රජාණන්වහන්සේ විසින් දන්වන ලද ආකාරයට එවකට සිටි ඉංජිනේරුවරු සහ එම නිර්මාණ ශීල්පීන් කල උපදෙස් අනුවය.
- එම කටයුත්ත සිදු කලේ සෝනුත්තර නම් මහානුභාවසම්පන්න මහරහතුන්වහන්සේ විසිනි. නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වඩම්මවාගෙන ආ කතාව රසවත් එකකි. එය සොයාගෙන කියවන්න. කෙසේ වුවද මේ ආකාරයට, ධාතුන්වහන්සේලා වඩම්මාගෙන ඒම ගැන උරණ වූ එවකට නාග ලොවේ රජතුමා, රජ දේවිය සහ බාල දියණිය ඊට පලිගැනිමක් ලෙස කල් යල් බලා දුටුගැමුණු මහ රජුට දෂ්ට කරන්නේය. එනිසාම මහා සෑය නිමවන්නටත් පෙර රෝගී වූ රජතුමාට මිය යන්නට සිදුවන්නේය. එය එම නාග රජු, දේවිය සහ දියණිය කරගත් බරපතල අකුසලයකි. එනිසාම ඔවුන්ගේ නිවන් ගමන බොහෝ ප්‍රමාද වූ අතර වසර 2000කටත් වැඩි කාලයක් එම අකුසලය විඳිමින් සිටියහ. මහ පින් කල, සැබවින්ම මගේ ව්‍යායාම බුදු සසුන රැකීම ලෙස කටයුතු කල දුටු ගැමුණු රජු මරණින් පසුව නිදා සිට පිබිදියාක් මෙන් දිව්‍ය ලෝකයේ ඉපිද මහානුභාවසම්පන්න මහේශාක්‍ය දෙව් රජෙක්ව වැඩ සිටී. උන්වහන්සේ නැවත මනුෂ්‍ය ලොව උපදින්නේ ඊලග බුදු සසුනේදී නිවන් දකින්නටය.


● මණි අක්ඛිත නාග රජ්ජුරුවන් යනු නාග ලොවේ රජතුමා නොවේය. එතුමා නාග ලෝකයේ ජිවත් වූ අතර, කැලණියට ලගින් ජීවත්ව සිටි කෙනෙකි. ( නාග ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට එන දොරවල් 2කි. 1ක් ඇත්තේ ථූපාරාමය අසලය. අනික කැළණි ගංගා පතුලය).
මණි අක්ඛිත නාග රජතුමා කැළණි විහාරයද, කිත්සිරි මෙවන් කැළණි විහාරය ( එගොඩ කැළණියද) ඇති කලේය.
අප අත්දැකීමෙන් දන්නා පරිදි නාග ලෝකයෙන් එම විහාර 2ම වන්දනාමාන කරන්නට පැමිණෙති. කැළණි චෛත්‍ය ගර්භයේ ඇති මැණික් පුටුව බුදුන්වහන්සේට පූජා කල දෙයකි.
අප විසින් ගිය වසරේදි මණි අක්ඛිත නාග රජුගේ පින්තුරයක්ද දෙව් පින්තූර වල පලකර ඇත. එය කැළණි විහාර භූමියේ ඇති පිලිමයයි. මණි අක්ඛිත නාග රජ්ජුරුවන් ඒ දිනවලම දේවත්වයට පත් විය. පසුව නිවන් අත්දකිනා ලදි.
( නාග ලෝකය, මනුෂ්‍ය ලෝකයට වඩා ඉතා කුසලයෙන් සහ සැප සම්පතින් ආඪ්‍ය ජිවිත හිමි අයට ලැබෙන්නකි. නමුත් දිව්‍ය ලෝක තරම්ම නොවෙති. නාග ලෝකයේ බොහෝ අය පුද පූජා පිණිස අප රටට එන අතර, නිවන් සාක්ෂාත් කරගැනිමට මනුෂ්‍ය ආත්ම භව පතන අයද ඕනෑ තරම් වෙති නාග ලොවේ).

ඔබට තවත් කාරණාවක් මෙහිදි කිව යුතුය, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂද යන දෙදෙනාම සෝමාවාතිය ජලයෙන් යට වීම වලකනු වස් වේල්ලවල් සාදන ලදි. එයට මහත් පරිශ්‍රමයක් දරන ලදි. නමුත් එම උත්සාහයන් රාජ්‍ය නායකයන් විසින් සිදු කලද කරගැනිමට හැකියාවක් නොවුනි. එයට හේතුව සෝමාවතිය ජලයෙන් යටවීම වසරකට වරක්වත් සිදුවන්නකි. එනම් නාග ලෝකයේ අයට සෝමාවතී දන්ත ධාතුන්වහන්සේ වැද පුදා ගැනීමටය. එය වෙනස් කරන්නට මේ කල්පයේ නොහැක.

- දැන් අපි දෙරණේ කතාවට එමු. දෙරණේ දේශපාලන භාවිතය අප දනිමු.
කැළණි විහාරාධිපති හිමියන්ගේ දේශපාලන භාවිතයද පසුගිය කාලයේ මාධ්‍ය හරහා ඉදිරියට පැමිණියේය.
ඒ අතරයි මේ කාතව එන්නෙ. රුවන්වැලි සෑයට සර්වඥ ධාතුන්වහන්සේලා ලැබුනු අයුරින් දැන්ද එසේ වෙනවා යයි සහ අලුත් නායකයෙක් ලෙස දේශපාලන කාරණාවක් පැවසීම සැබවින්ම කුමන ආකාරයේ දෙයක්ද යන්න බුද්ධිමත් ඔබ තීරණය කල යුතුය !!!

* අපගේ අත්දැකීමෙන්, ප්‍රත්‍යක්ෂයෙන් දත්තා වූ කරුණු අනුවම නිවන් ගොස් ඇති මණි අක්ඛිත නාග රජතුමා මෙසේ නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරමු !!!

-  @Thivantha Harischandraගේ ඉල්ලීම පරිදි විස්තර සහිතව  පල කරන ලදි !

#ඉරු

irusewaya@gmail.com

No comments:

Post a Comment