Monday, September 14, 2015

සතියේ ලග්න පලාපලය - සැප්. 14 සිට

* 14 වන දින සිට අප පල කරන ලග්න පලාපලයේ සදුගේ ග්‍රහචාරය අනුව ලග්න 12ටම එතරම් යහපත් නැත. මන්ද චන්ද්‍රචාරය අනුව සඳු-ශනි ඒරාෂ්ටක තත්වයක් ඇතිවිම නිසාය. මෙම තත්වය ප්‍රබල හේතුවක්ය. ඒ සම්බන්ධව බුද්ධිමත්ව කටයුතු කරන්න. තමන්ගේ කේන්දර සටහන් අනුව මෙම පලාපලයන් වෙනස් වීමට ඉඩ තිබේ.


● මේෂ
එතරම් සුභ නැත.
කරන කියන ව්‍යාපාර, කටයුතු වල පාඩු වීමේ ප්‍රවණතාවය වැඩිය. මෙම තත්වය සතිය අගදී කැපී පෙනේ. ණය තුරුස් වීමෙන් ව්‍යාපාර පාඩුවිය හැක. රැකියා කරන අයටද සිත් තැවුල් බොහෝ විය හැක.
ගෘහ ජිවිතය තුල ආකූල ව්‍යාකූල තත්වයක් පෙන්වයි. නිවැසියන්ට සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත. නියම වී තිබු කටයුත්තක් කඩාකප්පල් වීමටද මංගල කටයුතු අඩාල වීමටද හේතු ඇත. බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.
විවිධාකාර රෝග බෝවිමට, යටපත්ව තිබු රෝග ඇතිවිමට යනාදි ලෙස අවදානමක් ඇත. විමසිලිමත් වන්න.


● වෘෂභ
සමඵලදායක සතියකි.
සතියේ මුල් දවස් 2-3 තුල යම්කිසි ආකාරයකින් සිතට සහනය ගෙනදෙයි. ව්‍යාපාරික කටයුතු කරන අයට සහ රැකියා කරන අයට සුබයි. නමුත් සතිය මැදදි යම් සතුරු කරදරයක් නිසා ව්‍යාපාර පාඩුවිමට ඉඩ ඇත. එසේම සතිය අගදී ඔබ සිතට ලැබේ.
ගෘහ ජිවිතය තුල දුවාදරුවන්ගේ කටයුතු වලට වැඩියෙන් සිත යොමු කෙරේ. ඔවුන්ගේ කටයුතු සම්බන්ධව යම් සහනයක්, ප්‍රීතියක් සිතට දැනේ. වෙන ගැටළුවක් නොමැත.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ, ජලය මගින් බෝවෙන අසනීප වැළදීමේ යම් ඉඩකඩක් පවතී.


● මිථුන
සමඵලයි.
ඔබට ඉතා දුෂ්කර ග්‍රහ තත්වයක් තුල වාසනාව පාදා ගැනීමට හැකියාව ඇති සතියකි. තවද ඔබගේ දියුණුව සැලසෙනු ඇත. හදිසි ධනලාභද මතු වෙන මෙම සතියෙදි ව්‍යාපාරික කටයුතු වල නියුතු වන ඔබ දියුණු වෙනවා නොඅනුමානයි. සතිය අගදි ණය තුරුස් වලට ලක් වෙන්නට ඉඩ ඇති බැවින් ඒ ගැන කළමනාකාරිත්වයක් අවශ්‍යයි.
ගෘහ ජිවිතය වාසනාවන්තව ගත වේ. ඔබට වෙන ගැටළුවක් නොමැත. දරුවන් සම්බන්ධව ප්‍රීති වීමට කරුනු කාරණා යෙදේ.
සෞඛ්‍ය සම්බන්ධව ප්‍රබල ගැටළු නැති වුවද සතිය අගදී නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි, රෝග උත්සන්න වීම් විය හැක.


● කටක
ශුභදායක සතියකි.
ව්‍යාපාරික කටයුතු වල නියැලෙන ඔබ සහ පිටපලාත් වල ව්‍යාපාරික කටයුතු වල නියැලෙන ඔබට මේ සතියෙදි හදිසි ධනලාභ, උත්සහයේ හැටියට වාසනාව ලැබේ. විදේශ රැකියා වල නියුතු ඔබටත් ඉතාම ශුභයි. තවද ඔබගේ දියුණුව සැලසෙන සතියකි.
ගෘහ ජිවිතයද ඉතා ප්‍රීතියෙන් ගතවන මේ සතියෙදි නිවසට අලුත් බඩුබාහිරාදිය ගන්නට පුලුවන්. පවුලේ අය සමග ප්‍රීතිමත්ව සිටින සතියකි.
සෞඛ්‍ය තත්වයේ පපුවේ සෙම ආදියෙන් පරිස්සම් වන්න.


● සිංහ
ඉතාමත් හොඳ සතියකි.
තමාගේ උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන මෙම සතියේදී ආර්ථික වාසි සැලසෙනු ඇත. විශේෂයෙන්ම පිට පලාත් වල සිටින අයට, විදේශ රැකියා වල නියුතු අයටද හොදයි. අලුත් ව්‍යාපාරික කටයුතු ආදිය ආරම්භ කිරිමට සුදුසුයි. නව රැකියා අවස්ථා බිහි වේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර උරුමහරුමකම් ලැබේ. පවුලේ අය සමග විනෝද චාරිකා, ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වන මේ සතියෙදි ඥාති හිතවතුන්ගේ පැමිණීමද බලාපොරොත්තු විය හැක.
සෞඛ්‍ය තත්වය උගුරේ සෙම් රෝග ආදිය ඇතිවිය හැක.


● කන්‍යා
 ඉතාම ශුභ සතියකි.
ආර්ථිකය යහපත් වේ. කරන කියන කටයුතු වල දියුණුව ඇතිවේ. අලුත් ව්‍යාපාර ආදිය ඇතිවෙයි. එසේම හවුල් ව්‍යාපාර කරන අයටද හොදයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත කරන අතර, දුර බැහැර ගමන් යෙදේ. මෙම සතියේදී ඔබ අලුත් වැඩකටයුතු ආරම්භ කිරීමට සිතන කාලයකි. දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටින කාලයකි. ඔවුන් සමග ප්‍රීති උත්සව වලට සහභාගි විමද මේ සතියෙදි විය හැක.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග විශේෂයි.


● තුලා
සාමාන්‍ය සතියකි.
සතියේ මුල් දින කීපය තුල පාඩු - අලාභහානි ඇතිවේ. නිෂ්ඵල වියදම් ඇතිවේ. එය ප්‍රධානයි. පසුව ඒ කටයුතු මගහැරුනු පසු සතිය මැද ශුභයි. නමුත් සතිය මැදදී නැවත ඔබ ධන හානියකට මුහුණ පෑමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න.
ගෘහ ජිවිතය එතරම්ම ශුභ නැත. අඹුසැමියන් අතර යම් ගැටුම් ඇතිවිමට පුුලුවන්. එසේම සමගියට බාධකයි. දරුවන් සම්බන්ධව සිත් තැවුල් යෙදීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග, දණිස් වල, ඇඟපත වේදනා ආදිය ඇතිවිය හැක.


● වෘශ්චික
සමඵල සතියකි.
ඒරාෂ්ටක අපලයකින් උදාවන මෙම සතිය තුල ඔබගේ යාළු මිතුරන් ඈත්විම හෝ අමනාප වීම නිසා ව්‍යාපාර හෝ කරන කියන රැකි රක්ෂා වලට යම් බාධක ඇතිවේ. මේ සතිය තුල කරන කියන දේ කල්පනාවෙන් කර තමාගේ ස්ථාවරත්ව රැක ගැනීම ඔබ සතු වගකීමයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. වෙන යම් ගැටළුවක් නොමැත. අඹුසැමියන් අතර භේද වීම් ඇතිවිය හැක, ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය නිදන් ගත රෝග උත්සන්න වීම්ද, සෙම් අසනීපද ඇතිවිමට ඉඩ ඇත. බලාගත යුතුයි.


● ධනු
හොඳ සතියකි.
මේ තත්වය තුල ඔබගේ ව්‍යාපාරික කටයුතු, රැකියාවේ කටයුතු  දියුණු කරගැනීමේ හැකියාව ඇත. එසේම ඔබගේ වාසනාව අනුව ඔබට බොහෝ දේ හිමි කරගැනීමටද පුලුවන.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටිමට පුලුවන. ඉතාම ප්‍රීතිමත් සතියක් බව කිව යුතුය.
සෞඛ්‍ය තත්වය අයහපත් වීම් නැත.



● මකර
ඉතාම හොඳ සතියකි.
ඉතාම වාසනාවන්තව ඔබගේ සියලු කටයුතු කරගැනීමට අවස්ථාව හිමි වේ. ආර්ථිකය ඔබගේ පෙර පිනට අනුවම මේ සතියේ බොහෝ වාසි සහගත අවස්ථා උදා වේ. එමනිසා ඔබට ඔබගේ ව්‍යාපාරික කටයුතු දියුණු කරගැනීමේ හැකියාව උදා වේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත කරගැනීමට හැකිවන අතර වැඩිහිටියන් සමග ඉතාම සුහදව කටයුතු කිරීමටද ඔවුන් සමග සමගියෙන් ජිවත් වීමටද පුලුවන. වන්දනා ගමන් ආදියද යෙදේ. නිවසේ ආහාර පාන පිලියෙල කරන අවස්ථා යෙදේ. සතුටින් සිටිය හැක.
සෞඛ්‍ය තත්වයේ අයහපත් භාවයක් නැත. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.


● කුම්භ
එතරම් ශුභ නැත.
සතියේ මුල් දවස් 2-3 තුල ඉතාම ප්‍රබල අපල පවති. මේ සතියෙදි ඔබගේ මානසිකත්වය ඉතාම දුර්වල විය හැකි බැවින් එම තත්වය නිසා ව්‍යාපාරික කටයුතු වලට අවාසියක් විය හැක. ණය තුරුස් ගැනීමෙන් සහ ණය දීමෙන් ඔබ පරිස්සම් වන්න. සතිය අගදී ඔබගේ ව්‍යාපාරික කටයුතු වල හොරකමක් වීමට පුලුවන. රැකියා කරන ස්ථානයේ ඔබට යම් විරුද්ධවාදිකම්/එදිරිවාදිකම් ඇතිවිය හැක. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුලද අඹුසැමියන් අතර යම් යම් සිත් අමනාපකම් සිත් බිඳීම් ඇතිවන්නට පුලුවන්. එසේම තමන්ගේ කේන්ති යාම නිසා ඔවුන් අතර තමන් අප්‍රසන්න වීමට පුලුවන්. ඒවා සම්බන්ධව යම්කිසි ආකාරයක මධ්‍යස්ථ භාවයකින් සිටින්න.
සෞඛ්‍ය තත්වයේ තිබෙන රෝග උත්සන්න වීම්, සෙම් අමාරු ඇතිවන්නට පුලුවන්.


● මීන
එතරම් යහපත් නැත.
සතියේ මුල් දවස් 2-3 තුල ඔබගේ කටයුතු වලට යම් ජවයක් ලැබුනද සතිය මැද, අග බොහෝ බාධක කරදර මතුවන්නට ඉඩ තිබේ. එසේම රැකියා කරන අයටද සිත් තැවුල් ඇතිවිමට පුුලුවන. ඔබගේ කල දවස සම්බන්ධව ඔබ විමසිල්ලෙන් සිටින්න.
ගෘහ ජිවිතය තුල යම් සිත් අමනාපකම්, සිත් තැවුල් ඇතිවිමට හේතුයි. ඒ ගැනද දුවාදරුවන් සම්බන්ධ කටයුතු වලදිද යම් මානසික කඩාවැටිමකට ඉඩ තිබේ. එය ඔබ පාලනය කරගත යුතුයි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, ඇඟපත වේදනාව, ආමාශගත රෝග, අජීර්ණ රෝග වලින් පරිස්සම් වන්න.

























No comments:

Post a Comment