Tuesday, September 1, 2015

සැප්තැම්බර් මාසය ඔබේ ලග්නයට කොහොමද ? 2015

● මේෂ
ශුභ මාසයකි.
ලග්නාධිපති අඟහරු/කුජගේ ගෝචරය අනුව බලවත් ග්‍රහ සංයෝගයක් සාදා ගැනීම යහපත් තත්වයකි.
ආර්ථිකයට හොඳයි. රැකියාවේ දියුණුව, නව තත්වයන් අපේක්ෂිතය. ව්‍යාපාර කටයුතු, හවුල් ව්‍යාපාර කටයුතු, කලා ක්ෂෙත්‍රයට සුබයි. මේ සුබ තත්වයන් සමග ඔබට විරුද්ධව ඉරිසියාවෙන් යම් සතුරු බලවේග ක්‍රියාත්මක වන්නටද පුලුවන්. එනිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. විශේෂ ජයග්‍රහණ හිමිකරගත හැක.
ගෘහ ජිවිතය
යහපත්ව ගත කරන්නට යම් බාධා පැමිණියද ඔබට ඒ තත්වයන් යහපත් කරගත හැක. පෙම් සබදතා වලදී විශේෂයෙන් ඉවසිලිවන්ත විය යුතුය. වස්තු ලාභ ලැබෙන්නට වාසනාව පවතින කාලයකි. මාසය මැද සිට ඒ කාලය ඒ සම්බන්ධ ලාබ පවති.
සෞඛ්‍ය තත්වයේ මානසික පීඩනය සහ කලබලවීම් වලින් ආරක්ෂා වන්න.


● වෘෂභ
තරමක් සුභ මාසයකි.
ලග්නාධිපති සිකුරුගේ සතුරු රාශි ගතවීම නිසා යම් බාධා පෙන්වයි. එසේ වුවද මුල් සතියෙන් පසු සුභ තත්වයක් අපේක්ෂිතය.
රැකියා ස්ථානයේ යම් සතුරු කරදර පෙන්නුවත් ඔබට බුද්ධියෙන් එම තත්වයන් මැඩගත හැකිය. මුදල් සම්බන්ධ කටයුතු වලදි ඉතාම පරිස්සම් විය යුතුය. වංචාකාරි අයට හසුවිමට පවා යම් ඉඩක් ඇත. ව්‍යාපාරික කටයුතු කරන අයට සුබයි. විභාග ආදියෙන් ජය ගැනිමට හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල දුවා දරුවන් ගැන සතුටු විය හැකි කාලයකි. විවාහයට සුදුසු වයසේ සිටින අයට සැප්තැම්බර් මැද සිට මංගල යෝග උදා වේ.
සෞඛ්‍ය තත්වය හදිසි අනතුරු, හදිසි ශල්‍යකර්ම ආදියටද යම් ඉඩක් පවතින බැවින් විමසීමෙන් කටයුතු කරන්න. පුණ්‍ය කටයුතු වල යෙදෙන්න.


● මිථුන
ඉතා ශුභයි.
ලග්නාධිපති බුධ ග්‍රහයා බලවත්ව සිටින බැවින් මුළු මාසයම පොදුවේ සුබ අතර, මාසයේ මුල් දින 17 විශේෂයෙන් සුබයි.
ආර්ථික ශක්තිය ස්ථාවර වේ. රැකියාව දියුණු වේ. උසස් අයගේ ආධාර උපකාර මෙන්ම විශේෂයෙන් උසස් අයගෙන් පැසසුම් ලැබෙන කාලයකි. ව්‍යාපාරික කටයුතු කරන අයටද සුබයි. විදෙස් ගතවීම් වලට සුබයි.
ගෘහ ජිවිතයේ තත්වය බුද්ධිමත්ව හසුරුවා ගත යුතුය. විශේෂයෙන් විවාහ ජිවිතයේ යම් ගැටළු ඇතිවිමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කිරිම තුලින් තත්වය අයහපත් නොවි පවත්වා ගත හැක.
දරුවන් ගැන සතුටු විය හැකි කාලයකි. පෙම් සබදතා ඇති අය බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ උගුර සහ බෙල්ල ආශ්‍රිතව සෙම් රෝග වලින් පරිස්සම් වන්න. හන්දිපත් වේදනා ආදිය ගැනද සැලකිලිමත් වන්න. විටෙක චිත්ත පීඩනයක් ඇතිවිය හැකි වුවද පින්කම් කිරීමෙන් එම තත්වයන් මගහරවා ගැනීමට සහ සිතට සැනසීම ලගාකර ගත හැක.


● කටක
තරමක් අයහපත් මාසයකි.
ග්‍රහ ගෝචරය තුල යම් යම් බාධා සහ කරදරකාරි තත්වයක් පෙන්වයි. එසේ වුවද තම බුද්ධියෙන් සියලු කටයුතු සාර්ථක කරගැනීමේ වාසනාව පවති.
රැකියා ස්ථානයේ යම් යම් බාධා පෙන්වයි. තමාගේ කැපවීමේ තරමට ප්‍රතිඵල නොලැබීමත් විටෙක නොකල දේ වලට හෝ අතපසු වූ දේට බැණුම් ඇසීමට ආදිය පවා සිදුවිමට ඉඩ ඇත. කෙසේ වුවද සැප්. මැද කාලයෙන් පසු මේ තත්වය සමනය වේ.
ව්‍යාපාරික කටයුතු වලට සුබයි, විශේෂයෙන් එම තත්වය සැප්. මැද සිට උදා වේ. ගැටළු පැවතියද නිර්මාණ කරණයේ යෙදෙන අයට සුබ කාලයකි. නව අවස්ථා උදා වේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි.
ගෘහ ජිවිතය තුලද මුල් කාලයේ යම් යම් සිත් තැවුල් ආදිය පෙන්වයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් බොහෝ මහන්සි වී කැපවී ක්‍රියා කරන්නට කාලය උදාවේ. මංගල යෝග උදා වෙන කාලයක් බැවින් පවතින ප්‍රේම සබදතා ස්ථිර විය හැක. විවාහ කටයුතු වලටද සුබයි. ධන-ධාන්‍ය තත්වයටද සුබයි.
සෞඛ්‍ය තත්වයෙ සෙම් රෝග වලින් විශේෂයෙන් පරිස්සම් වන්න. සිතට පීඩා ගෙනදේ නම් පින්කම් වල නිරත වන්න.


● සිංහ
සුභ මාසයකි.
ලග්නාධිපතිගේ බලවත් භාවය සහ මාසය පුරා ගෝචර ගමන අනුව සුබ තත්වයක් පෙන්වයි.
රැකියාවට විශේෂ වශයෙන් සුබයි. කෙටි ගමන් යෙදිය හැක. වෙනදාට වඩා සංචාරයට ඉඩ ඇතිවේ. ආර්ථිකය යහපත් කරගැනීමට බොහෝ කැපවන්නට සිදුවුවද එයින් යහපත් ප්‍රතිඵල අපේක්ෂිතය. ව්‍යාපාර වලට සුබයි. දේපල ලාභ පවති. හදිසි ධනලාභ ඇතිවිය හැක. අධ්‍යාපන කටයුතු වලට සුබයි.
කලා ක්ෂෙත්‍රයේ සිටින සිංහ ලග්න හිමියන්ටත් විශේෂයෙන් සුබයි. සියල්ලන්ගේ ප්‍රශංසාවට ලක්වන කාලයකි.
ගෘහ ජිවිතය පොදුවේ සාමාන්‍ය පරිදි ගත වේ. පවුල් ජිවිතයේ සාමය වෙනුවෙන් ඉවසිය යුතුය. අන් අයගේ වචන වලට සවන්දිය යුතුය. ලාභ ආදිය ලැබෙන බැවින් සුබ කාලයකි. දරුවන්ට සුබයි.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ සහ සෙම් රෝග වලින් පරිස්සම් වන්න. නිදන්ගත රෝග ඇත්නම් ඒවාට පිලියම් යොදා ගන්න.


● කන්‍යා
ශුභ මාසයකි.
ලග්නාධිපති බුධ බලවත්ව සිටින කාලයකි. එනිසා සුභ තත්වයන් අපේක්ෂිතය.
වෙනදාට වඩා සමාජයේ ජනප්‍රිය වන කාලයකි. ආර්ථික තත්වය දියුණු කරගත හැක. ව්‍යාපාර කටයුතු වලට සුබයි. පොලව ආශ්‍රිත කටයුතු කරන අයටද විශේෂයෙන් සුබයි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය හිමිවන කාලයකි. නව මිතුරන් ආශ්‍රයට ලැබේ. සුබ කාලයකි.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. විනෝද ගමන්, වන්දනා ගමන් යෑමට වාසනාව උදා වේ. ඉඩම් ලාභ මෙන්ම ඒවායේ විකිනීම් කිරිමට ඇත්නම් ඒ තත්වයන්ද සුබ අයුරින් කරගත හැක. දරුවන්ට සුබයි. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග උදාවේ. එම තත්වයන් ස්ථිර වන කාලයකි.
මේ සියලු සුබ තත්වයන් බුද්ධිමත්ව කලමනාකරණය කරගන්න. නැත්නම් අනවශ්‍ය ගැටළු ඇතිවිමේ අවදානමක්ද පවති.
සෞඛ්‍ය තත්වයේ හිසට සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වන්න. විමසීමෙන් කටයුතු කරන්න.


● තුලා
එතරම් ශුභ නැත.
ලග්නාධිපති සිකුරුගේ දුර්වල භාවය නිසා යම් බාධා පවති.
රැකියාවේ කටයුතු සාමාන්‍ය පරිදි කරගත හැකි වුවද බොහෝ කරදර බාධක ඇතිවිමට ඉඩක් ඇත. කරන කටයුතු විශේෂ වශයෙන් අවධානයකින් සහ කැපවීමෙන් කරන්න. නැත්නම් අනවශ්‍ය ලෙස වෙනත් අයගේ දෝෂ දර්ශනයට ලක්විය හැක. ව්‍යාපාර කටයුතු කරන අයට සුබ දායක තත්වයක් පෙන්වයි. අධ්‍යාපන කටයුතු වලට සුබයි. විදේස ගතවිම් වලටද සුබ කාලයකි. බුද්ධිමත්ව සහ විමසීමෙන් කටයුතු කිරිමෙන් වාසනාව උදාකරගත හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. එසේ වුවද අඹුසැමියන් වශයෙන් කටයුතු වලදි විශේස ඉවසීමකින් කටයුතු කල යුතුය. දරුවන් වෙනුවෙන් කැපවන්නට සිදුවන මාසයකි. මංගල යෝග උදාවන්නේ සැප්. මැදින් පසුය. ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග සහ සන්ධිගත ආබාධ ගැන අවධානයෙන් සිටින්න.


● වෘශ්චික
සුභ මාසයකි.
ග්‍රහ ගෝචරය අනුව සුබ තත්වයන් උදා වෙයි.
රැකියාවේ දියුණුව ඇතිවේ. ආර්ථික තත්වය දියුණු කරගත හැක. ජයග්‍රහණ ලැබෙන මාසයකි. කැපවීමේ තරමට ප්‍රතිඵල ලැබේ. ව්‍යාපාර කටයුතු වලටද සුබයි. විදේශ ගතවන්නට අපේක්ෂාවෙන් සිටියේ නම් එම තත්වයන් වලටද වාසනාව උදා වේ.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුය. කෙසේ වුවද ප්‍රීතියෙන් සිටිය හැක. දරුවන් වෙනුවෙන් කැපවීම් කරන කාලයකි. ඒ ගැන සතුටු විය හැක. නව ගේ දොර ඉඩකඩම් මිලදී ගැනිමේ කාලයක්ද විය හැක.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග වලින් පරිස්සම් වන්න. දෙපා ආශ්‍රිත රෝග යනාදිය ගැනද හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් වන්නටද කටයුතු කරන්න.


● ධනු
ශුභ මාසයකි.
ලග්නාධිපති ගුරුගේ බලවත් වීම අනුව රවි සමග සංයෝග වීමත් අනුව රාජ යෝග තත්වයක් සමග සුභ පල උදා වෙයි.
රැකියාවේ දියුණුව, උසස් තනතුරු ලැබෙන්නට තිබෙන කාලයකි. වෙනත් අයගේ ප්‍රශංසාවට ලක් වේ. සියලු කටයුතු වෙනදාට වඩා පිලිවෙලකට කරන කාලයකි. ආර්ථික තත්වය සුබ වන කාලයකි. ව්‍යාපාර වලටද සුබයි. එසේ වුවද මිල මුදල් සම්බන්ධ කටයුතු වලදි විශේෂ අවධානයකින් කටයුතු කරන්න. යම් යම් සතුරු කරදර හෝ රැවටීම් වලට ලක්වීමේ යම්ඉඩක්ද පවති. රැකියාවේ කටයුතු සහ අනිකුත් කටයුතු වලදි මේ විමසිලිවත් භාවය අතිශයින් වැදගත්ය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. නෑදෑයන් හිත මිතුරන් ආශ්‍රය වෙනදාට වඩා වැඩිවන කාලයකි.  මංගල යෝග උදා වේ. වන්දනා ගමන් හෝ විනෝද ගමන්, ප්‍රීති උත්සව ආදියට වැඩියෙන් සහභාගි වීමේ වාසනාව පවතින මාසයකි.
උදරාබාධ වලින් විශේෂයෙන් සැලකිලිමත් වන්න. ආහාර පානාදිය ගැනිමෙදි ඒ ගැන මනා දැනුවත් භාවයකින් තමන්ට අවශ්‍ය පමණට පමණක් ගන්න.


● මකර
පොදුවේ තරමක් අයහපත්ය.
ග්‍රහ ගෝචරය අනුව යම් යම් බාධා තත්වයන් පෙන්වයි.
රැකියාවෙ කටයුතු වලදි විශේෂයෙන් අවධානයක් සහිතව කටයුතු කරන්න. කැපවීමේ මහන්සියේ තරමට ප්‍රතිඵල අද නොලැබුනද පසුවට හෝ ලැබෙනු ඇත. සතුරු කරදර ආදියෙන් ඈත්වීමට කටයුතු කරන්න. එම තත්වයන් වලට පැටලීගෙන ගියොත් අනවශ්‍ය කරදර සහ සිත් පීඩා ඇතිවිය හැක. සැප්. මැද සිට මේ තත්වයන් ක්‍රමිකව දුරුවිය හැක. සියලු කටයුතු වල යම් මන්දගාමි ස්වරූපයක් දැනුනද කාලය ගතවීමත් සමගම එම තත්වයන් යහපත් වනු ඇත.
ගෘහ ජිවිතයේ කටයුතු වලදි බුද්ධිමත් වන්න. අඹුසැමියන් පවුල් ජිවිතයේ වටිනාකම ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. දරුවන්ගේ කටයුතු වලදි යම් චිත්ත පීඩාවන් ඇතිවිය හැක. එසේ වුවද එම තත්වයන් දුරුවනු ඇත. කෙසේ වුවද බාධා මැද යම් යම් ජයග්‍රහණ හිමි කරගැනිමේ වාසනාවක්ද පවති.
සෞඛ්‍ය තත්වයේ අධි රුධිර පීඩනය සහ චිත්ත පීඩා නිසා ඇතිවන මානසික ගැටළු වලින් අදාල කටයුතු කරමින් මිදෙන්න. පින්කම් කටයුතු කරන්න.


● කුම්භ
ශුභයි.
ග්‍රහ ගෝචරය අනුව ගැටළු තත්වයන් දුරුවනු ඇත.
රැකියා වල යම් දියුණු තත්වයක් ඇතිවන කාලයකි.  නව රැකියා අවස්ථා උදාවේ. හදිසි ධනලාභ, භූමි ලාභ වාසනාව පවති. නව ව්‍යාපාර ආදිය ඇරඹීමට සුබ කාලයකි. විදෙස් ගතවීම් වලට සුභ කාලයක්ය. විදේශ රැකියා ආදියට, විදේශ අධ්‍යාපන කටයුතු ආදිය කරන්නට සුභ තත්වයක් පෙන්වයි. සැප්. අවසාන දින වල මෙම සුබ තත්වයන් තීව්ර වනු ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. විනෝද ගමනකට හෝ වන්දනා ගමනකට දුරබැහැර යාමේ හැකියාවක් ඇතිවනු ඇත. දරු ඵල අපේක්ෂාවෙන් සිටි අයට වාසනාවන්ත දරුඵල අපේක්ෂිතය. මිතුරු සබදතා, ඥාති සබදතා තහවුරු කරගැනිමට හැකියාව ඇත. සතුට සිතට දැනෙන කාලයකි.
පපුවේ සෙම් තත්වය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. සියලු සුබ තත්වයන් තහවුරු වන්නේ එම වාසනාව රැකගත්තොත් පමණක් නිසා සෞඛ්‍ය ගැන සැලකිමෙන් සිටින්න.


● මීන
ශුභ මාසයකි.
ග්‍රහ ගෝදරය අනුව ලග්නාධිපතිගේ බලය අනුව සුබ කාලයකි.
රැකියාවේ වාසනාව උදාවන කාලයකි. වෙනදාට වඩා කටයුුතු සාර්ථක වන කාලයකි. මෙතෙක් කල් තමන්ට විරුද්ධවාදින් වූ අය හිතවත් වන්නට ඉඩ වැඩි කාලයකි. ව්‍යාපාර කටයුතු වලට සුබයි. තම හැකියාව අනුව බොහෝ වාසි, වාසනාව උදාකරගත හැක. විදෙස්ගත වීම් වලටද සුබ කාලයකි.
ගෘහ ජිවිතය සතුටින් වාසනාවෙන් ගත කරන්නට හැකි වන්නේ ඉවසීමෙන් කටයුතු කලොත් පමණි. ආවේගශීලි නොවන්න. දරුවන් සම්බන්ධ කටයුතු වලදි ඉවසීමෙන් බුද්ධියනේ කටයුතු කරන්න. සුබ තත්වයන් රැකගැනීමට බුද්ධියෙන් කටයුතු කල යුතුය. සතුරු කරදර දුරු වෙන බව පෙනුනද මනා අවබෝධයකින් එම තත්වයන් වලදී කටයුතු කරන්න.
රුධිරය ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න. උගුර ආශ්‍රිත රෝග, මුඛ රෝග ගැනද සැලකිලිමත් විය යුතුය.







No comments:

Post a Comment