Sunday, August 30, 2015

සතියේ ලග්න පලාපලය - අගෝ. 31 සිට

● මේෂ
ශුභ සතියකි.
ශුභ සතියක් වශයෙන් නම් කලද සතියේ මුල් දවස් 2දී ඔබගේ කටයුතු වල තරමක පසුබැස්මක් බලාපොරොත්තු විය හැක. නමුත් මේ තත්වය ඉතාම ඉක්මණින් අවසන් වී සතිය මැද, අග වනවිට ඔබ හොඳ දියුණුවක් ගෙන දේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතකිරිමට පුලුවන්. එසේම ඉතාම ප්‍රියමනාපව සිටීමත්, සියලුම දෙනාට ඔබ ප්‍රියමනාප චරිතයක් වීමටත් මේ සතියෙදි සැලසෙනවා. ඔබගේ පවුලේ දියුණුව සැලසෙනවා. දුවාදරුවන් සමග සතුටින් සිටිමේ හැකියාව ලැබෙනවා.
සෙම අමාරු සහ වාත අමාරු ප්‍රධානයි. පරිස්සම් වන්න.


● වෘෂභ
සමඵල සතියකි.
මෙම සතියෙදි ඔබගේ ආදායම් මාර්ග දියුණු වෙන අතර ලැබීම් භාග්‍යය ඉහල යයි. ඔබගේ දියුණුව සම්බන්ධව හොඳ තත්වයක් ඇතිවේ. සතිය මැදදී ණය තුරුස් වලට හසුවීමට ඉඩ ඇති නිසා ඒ සම්බන්ධව ඔබ කල්පනාකාරි වන්න. ගිවිසුම් ප්‍රකාර අත්සන් කිරිම්, ඇපවීම් ඔබට මේ සතියේ එතරම් සුදුසු නෑ. විමසිලිමත් වන්න.
ගෘහ ජිවිතය තුල එතරම් ගැටළු නැහැ. ඔබට හොදින් කටයුතු කල හැකියි. විශේෂයෙන්ම ඥාතින්ගේ හිතවතුන්ගේ පැමිණීම අපේක්ෂා කල හැකියි. දුවාදරුවන් සමග පිටපලාත් වල සංචාරයට ඔබට හැකියාව තියෙනවා.
සෞඛ්‍ය තත්වය යහපත් වන අතර, චන්ද්‍ර චාරය අනුව සෙම අමාරු, උදරාබාධ, ජලය ආශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් විය යුතුය.


● මිථුන
ඉතාම ශුභ සතියකි.
බොහෝදේවල් ඔබට සාක්ෂාත් කරගැනීමට පුලුවන් සතියකි. ආදායම් තත්වය සම්බන්ධව බොහොම හොද ප්‍රවණතාවයක් ඇති වෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු අයට මේ සතිය හොදයි. පිටරට රැකියා කරන අයට සුබයි. අතමිට මුදල් ගැවසෙන සතියකි.
ගෘහ ජිවිතය තුල සතුට, සමාදානය සහ ප්‍රීතිය ඇතිවෙන සතියක්. විශේෂයෙන්ම ප්‍රීති උත්සව සදහා සහභාගි වීමට පුලුවන්. නිවසට බොහෝ ඥාති මිත්‍රාදින්, හිතවතුන් පැමිණෙන කාලයක් නිසා සිත සතුටින් පිරෙනවා වාගේම නව ඥාති මිත්‍ර සබදතා මෙන්ම ප්‍රේම සබදතා පවා ඇතිවෙන්නට ඉඩ තියෙනව.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වීම ගැන විමසිලිමත් විය යුතුය.


● කටක
ඉතාම ශුභ සතියකි.
තමාගේ පෙර පින පෑදෙන සතියකි. විශේෂයෙන්ම තමන්ගේ වැඩිහිටියන්ගෙන් උරුමහරුමකම් වලින් යම් යම් දේවල් හිමිවන කාලයකි. එමනිසා උත්සාහයෙන් කටයුතු කිරීම වටිනවා. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු අයටත්, රැකියා කරන අයටත් ඉතාම හොදයි, විදෙස් රැකියා කරන අයටද හොදයි.
ගෘහ ජිවිතය ඉතාම හොඳින් ගත වේ. දරුවන්ගේ දියුණුව, පවුලේ දියුණුව ඇතිවන මෙම සතියෙදි වන්දනා ගමන් ආදියද යෙදීමට පුලුවන්. පවුලේ වැඩිහිටි ඥාතින් සමග ඉතාම ප්‍රීතියෙන් සිටින මෙම සතිය බොහෝම හොද සතියකි.
සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් වන අතර, සදුගේ ගමන අනුව ප්‍රබල අපලයක් සෞඛ්‍ය තත්වයට එල්ල වන්නේ නැහැ. සෙම අමාරු සහ පාදවල වේදනා තිබේ නම් සැලකිලිමත් විය යුතුයි.


● සිංහ
සමඵලයි.
සතියේ මුල් දවස් 2 තුල චන්ද්‍රයා 8 වැන්නෙ සිටින බැවින් තමාගේ ලැබීම් භාග්‍යයේ යම්කිසි දුර්වලකම් ඇතිකරන්නට පුලුවන්. නමුත් එම තත්වයන් ක්‍රමානුකූලව නැතිවෙන බව කිව යුතුයි. ඔබට සතිය මැද, අග ඉතාම හොද කිව යුතුයි.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිමත්ව සිටිමේ හැකියාව ඇති කරනවා. සතියේ මුල් දවස් 2 තුල යම් ගැටළු අඩුපාඩු ඇති උනත් ඒවා තාවකාලිකයි. සතිය අගදී සියල්ල හොද අතට හැරෙනවා.
සෞඛ්‍ය තත්වය සතියේ මුල දවස් 2-3 තුල සෙම සම්බන්ධ රෝග වැඩිවෙන්න පුලුවන්. ඒ ගැන විමසිලිමත් වන්න.


● කන්‍යා
මෙම සතිය සමඵල සතියකි.
ආදායම් තත්ව වලට සතිය මැදදී යම් බාධාවන් ඇතිවන්නට පුලුවන්. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු අය මේක හොදින් තේරුම් ගත යුතුයි. සතිය මැදදී මේ කඩාවැටිම අපේක්ෂා කල හැකියි. බුද්ධිමත්ව කටයුතු කරන්න. සතිය අග වන විට මෙම තත්වය පහවී ඔබට හොද දේ වීමේ ප්‍රවණතාවය මතුවේ.
ගෘහ ජිවිතය දැනට කෙසේ වෙතත් කන්‍යා ලග්නකරුවන්ගේ ආකූල ව්‍යාකූල තත්වයක් පවතිනවා. එය බුද්ධියෙන් තේරුම් අරගෙන, ඒ අනුව අවබෝධයෙන් ජිවත් වීමෙන් එම තත්වය නැති කරගැනීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ඔබට අයහපත් වන්නේ උදරාබාධ, උෂ්ණ රෝග සහ අක්ෂි අමාරු ආදියෙන්ය. ඒ ගැන විශේෂ සැලකීමෙන් සිටින්න.


● තුලා
එතරම් වාසිදායක සතියක් නොවේ.
සතුරු උපක්‍රම සහ සතුරු කරදර නිසා ලැබෙන ආදායම් තත්ව වල දැවැන්ත වූ කඩාවැටීමක් අපේක්ෂා කල හැකියි. එසේම කරන කියන දේ අසාර්ථක වන්නේ තමන්ගේ අවාසනාවටදැයි සමහර වෙලාවකට හිතෙන්නට පුලුවන්. මෙම සතිය කෙසේ වෙතත් එතරම් වාසනාව ගෙන දෙන සතියක් නොවන බව කිව යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වුවත් අඩුපාඩුකම්, ආර්ථික වශයෙන් එසේම වෙනත් ඔබගේ මානසික තත්වයද අනුව යම් යම් උපද්‍රවකාරි තත්ව වලට පත්වීමට පුලුවන්. මේවා බුද්ධිමත්ව කටයුතු කර එම තත්ව වලින් අතමිදෙන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් තත්වයක් පෙන්වයි. විශේෂයෙන්ම නිදන්ගත රෝග ඇති අය ඒවායින් පරිස්සම් වනවා සේම ඔබ කල්පනාකාරි විය යුතුයි උදරාබාධ, මුත්‍රා අමාරු හා ඒ හා බැදුනු වෙනත් අසනීපකම් ගැන. සතිය අගදී මෙම තත්වයන් වැඩිවන්නට පුලුවන්.


● වෘශ්චික
සමඵල සතියකි.
සතිය මුලදී තිබූ ප්‍රබෝධමත් ආරම්භය සතිය අග වන විට ක්‍රමානුකූලව ගිලිහෙනවා. තමාගේ කටයුතු ගැන ඉතාම විමසිල්ලෙන් සොයා බැලිය යුතුයි. හවුල්කාර පාර්ශව සම්බන්ධව ආරවුල් හටගැනිමෙන් ව්‍යාපාර බිඳවැටෙන්න පුලුවන්. ඔබටද සතුරු කරදර නිසා ආදායම් තත්ව අඩුවිමේ යම්කිසි හැකියාවක් පවතින බැවින් බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල සතිය මුලදී දුවාදරුවන් සම්බන්ධව හොද දේවල් ආරංචි වෙනවා, අහන්ට ලැබෙනවා. සතිය මැදදී ආර්ථික තත්වයේ අඩුපාඩු නිසා ඔබ යම් ආතතියකට ගොදුරුවීමට පුලුවන්. ඒ සම්බන්ධව විමසිය යුතුයි.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග, අසනීප ඇතිවිමට හේතුයි. පරිස්සම් වන්න.


● ධනු
තරමක් හොඳ සතියකි.
තමාගේ උරුමහරුමකම් ලැබීම නිසා තමාට ඒ ඔස්සේ යම්කිසි ආර්ථික වශයෙන් නැගිටීමට පුලුවන්. එසේම තමන්ට කරන කියන ව්‍යාපාරික කටයුතු දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. සතිය අගදී දියුණුවට යම්කිසි පාර්ශවයකින් හෝ මිතුරෙකුගෙන් උදව් උපකාර ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය ඉතාම හොඳින් ගත කල හැකියි. නිවසට අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට හැකි වෙනවා. එසේම දුවාදරුවන්ට යුුතුකම් ඉෂ්ට කිරිමට හැකි වෙනවා. ඒ අතරතුර ඔබට යම් යම් දේවල් හිමිකරගැනීමේ හැකියාවද පවතිනවා.
සෞඛ්‍ය තත්වය සම්බන්ධව ගැටළුවක් නැහැ, පපුවේ සෙම තියෙන අය ප්‍රවේශමෙන් සිටින්න.


● මකර
ඉතාම හොඳ සතියකි.
මෙම සතියේදි ඔබගේ හැකියාවන් අනුව ඔබට වාසි සහගත තත්ව ඇතිවෙනවා. ඔබ සම්බන්ධව හොද විදියට නම ප්‍රචාරය වීම නිසා ඔබට ඒ ඔස්සේ ඔබ කරන කියන කටයුතු දියුණු වෙනවා. සඳු ගමන් කරන රාශින් අනුව ඔබට සෑහෙන කාලෙකට පසු හොඳයි කියා කියන්ට පුලුවන්.
ගෘහ ජිවිතය අවිවාහක අයට මංගල යෝජනාද, ප්‍රේම සම්බන්ධතා ඇති අයගේ ඒවා ස්ථිරසාර වීමද සිදුවන මෙම සතියෙදි මකර ලග්න හිමි ඔබට පිරිවර සම්පත් ඉහල යන අතර, නව මිත්‍රත්ව ගොඩනැගෙනවා. ප්‍රීතියෙන් සිටින සතියකි.
සෞඛ්‍ය තත්වය ගැන කිව යුත්තේ චන්ද්‍රයාගේ ගමන අනුව සෙම් රෝග සහ උදරාබාධ සම්බන්ධව පරිස්සම් වෙන්න කියල තමයි.


● කුම්භ
ඉතා ශුභ සතියකි.
මෙම සතිය තුල ඉතාම දියුණු තත්වයකට ඔබට ස්ථානගත කිරීමට පුලුවන්. ඔබ වෙළද ව්‍යාපාරිකයෙක් නම් එසේ නැතිව ඔබ යම්කිසි වෘත්තියක වෘත්තිකයෙක් නම් එම සියලු කටයුතු වල සාර්ථකත්වය ඔබ ලග තිබෙනවා. වාසනාවන්තයි.
ගෘහ ජිවිතය තුල අඹුසැමි ප්‍රේමය ලියලන අතර, විවාහක අයට විවාහයේ උතුම්ම වටිනාකම වන  දරු සම්පත් මේ කාලයේ හිමි වීමට පුලුවන්. ප්‍රේම සබදතා ස්ථිර වන කාලයකි.
සෞඛ්‍ය තත්වය, උගුරේ සෙම, පපුවේ සෙම ආදියෙන් පරිස්සම් වන්න.


● මීන
ඉතාම ශුභ සතියකි.
ඔබගේ ව්‍යපාරික කටයුතු සාර්ථක වෙනවා. විදේස රැකියා වල නියුතු අයට ඉතාම හොදයි. විශේෂයෙන්ම පිටපලාත් වල කරන කටයුතු සාර්ථක වීමේ හැකියාව පවතිනවා.
ගෘහ ජිවිතයද ඉඉතාම හොදයි. අලුත් ඥාති මිත්‍ර සම්බන්ධතා ගොඩනැගෙන අතර ප්‍රේම සබදතා සඵල වෙනවා. මංගල යෝග සහිත කාලයක් වන මෙය ඔබගේ සිතේ සතුට රජයන කාලයක්ද වෙනවා. වෙන ගැටළුවක් නැහැ ගෘහ ජිවිතය ගැන.
සෞඛ්‍ය ගැටළු නම් පීනස් තත්වය ඇති අය පරිස්සම් විය යුතුයි. සෙම් අමාරු ගැන සැලකිලිමත් විය යුතුයි. ජලය ආශ්‍රිත බෝවන රෝග ගැන විමසීමෙන් සිටිය යුතුයි.

No comments:

Post a Comment