Sunday, August 2, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 3 සිට

● මේෂ
ඔබට සමඵල සතියකි.
ආර්ථික තත්වයේ විචල්‍යතා ඇතිවන සතියකි. එසේ නම් සතියේ මුල් දවස් 2තුල ඔබට පාඩු අලාභ සිදුවිය හැක. ණය ගනුදෙනු ආදිය සහ මුදල් හුවමාරුව සම්බන්ධව. එනමුත් සතිය මැදදී මේ තත්වයන් පහවී ඔබට වාසනාව සෞභාග්‍යය ඇතිවේ. ආදායම ඇතිවේ. වෙලදාම් කරන අයට නව ආදායම් තත්වය ඇතිවේ.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට, සමාදානය රජ කරයි. ඔබ සමාජයට ප්‍රියමනාප අයෙකු බවට පත්වෙයි. තවද ඔබගේ ඥාති මිත්‍රාදීන් නිවසට එන කාලයකි. අලුත් හිතවත්කම්ද ගොඩ නැගේ.
සෞඛ්‍ය තත්වය නහරගත පාද වල වේදනා, එමෙන්ම සෙම් අමාරු, උගුරේ සෙම් ගතිය ආදිය ඇතිවෙන්නට හැකියාව ඇත.

● වෘෂභ
මේ සතිය සමඵලයි.
සතියේ මුල ඔබට හොදයි. ආර්ථික වාසි, එසේම ඔබගේ ධන-ධාන්‍ය තත්වයේ වර්ධනයන් ඇතිවේ. තවද මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. නමුත් සතිය මධ්‍ය කොටසේ පාඩු, ආර්ථික අවහිරතා මතු කරනු ඇත. විශේෂයෙන්ම ණය ගනුදෙනු වලදි පරිස්සම් විය යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර ඥාති මිත්‍රාදින් ආශ්‍රයට සහ පවුලේ අයගෙන් ගරු නම්බු ලැබෙන කාලයකි. විශේෂයෙන් ඔබට ජිවිතයේ ජයග්‍රාහි මාවතකට පියමැන්න හැක. සතිය අග හොදයි.
සෞඛ්‍ය තත්වය ඔබට හොදින් ඇත. සතිය අගදි යම් වා පිත් සෙම් ආදි රෝග වලට නතු වීමක් පෙන්වයි. ඒවායින් ප්‍රවේසම් වන්න.

● මිථුන
මේ සතිය ඉතාම හොදයි.
කරන කියන රැකි රක්ෂා ව්‍යාපාර ආදිය දියුණු වේ. එසේම ඔබට තිබුනු ප්‍රබල බාධක ගැටළුවක්, කරදරයක් ඔබගෙන් ඉවත්ව යයි. තවද නෑදෑ හිතමිතුරන්ගෙන් දියුණුවට උපකාර ලැබේ. තවද ඔබගේ අලුත් ව්‍යාපාර ආදිය මෙම කාලයෙදි ආරම්භයට සුදුසු බවත් කියමු.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. තවද ඔබගේ ජිවිතයට වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලැබේ. අතමිට සරුවන කාලයක් නිසා ප්‍රිය සම්භාෂණ, විනෝද ගමන් ආදිය යෙදෙන බවත් කිව යුතුය.
සෞඛ්‍ය තත්වයට ප්‍රබල ගැටළුවක් නොමැති අතර, නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමු වන්න.

● කටක
ඔබටද ඉතාම ප්‍රීතිමත් සතියකි.
දෙමාපිය, වැඩිහිටියන්ගේ ඔබට ආර්ථික තත්වය ගොඩනගා ගැනීමට උපකාරය ලැබේ. එසේම කරන කියන කටයුතු සතිය මුළුල්ලේම සාර්ථක තත්වයක් පෙන්වයි. එසේ නම් ඔබ උනන්දු වන්න මේ තත්වය දිගටම පවත්වාගෙන, මේ සතිය තුල ආර්ථික වර්ධනය දිගටම පවත්වාගන්න. ලග්නාධිපති උච්ච වෙන මේ සති අන්තයේ ඔබට හදිසි ධනලාභද හිමිවන බව පෙන්වයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ ප්‍රීතිය, සමාදානය, අඹුසැමි ප්‍රේමය දළුලන කාලයකි. වැඩිහිටියන්ට කරන උපහාරයක් වශයෙන් ඔවුන්ව වන්දනා ගමන් වලට සම්බන්ධ කරගැනිමට ඔබට හැකියාව ඇත.
අයපත් නැත නිදන්ගත0

● සිංහ
සමඵල සතියකි.
ආර්ථික තත්වය සාමාන්‍ය ආකාරයට පවති. සතියේ මුල් දවස් 2තුල එතරම් ශුභ නොවනු ඇත. ආර්ථික අවාසි, ලැබෙන්නට තියෙන දෑ නොලැබී යාම සහ ණය තුරුස් අැතිවීම මේ අතර ප්‍රධාන වේ. නමුත් සතිය අගදී මේ තත්වය අවසන් වේ. කරන කියන කටයුතු දියුනු වනවාක් මෙන්ම සතිය අගදි යම්කිසි දෙයකින් අධික ලාභයක් උපයාගැනිමට ඔබට පුලුවන් වේ.
ගෘහ ජිවිතය තුල සමාදානය, ප්‍රීතිය ඇතිවේ.  සතිය අගදී විනෝද ගමන්, ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමද, කලක් දන්නා හඳුනන කෙනෙක් නිවසට පැමිනීමද සිදුවිය හැක.
සෞඛ්‍ය තත්වය උදරාබාධ, මුත්‍රා ආබාධ, උෂ්ණාධික රෝග වැලදිමට පුලුවන.

● කන්‍යා
මේ සතිය එතරම් ශුභ නොවේ.
ආර්ථික තත්වය මේ සතියෙදි වර්ධනය කරගැනිම කෙසේ වෙතත් මුදලක් හදලක් තිබේ නම් එය ආරක්ෂිතව රැක බලා ගැනීම ඔබගේ වගකීමයි. සතිය පුරාම අයහපත් තත්වයක් පෙන්වයි. එසේ නම් කළමනාකාරිත්වය ඔබට බෙහෙවින් උපකාරි වන්නේ ඔබගේ ආර්ථික ස්ථාවරත්වයටය.
ගෘහ ජිවිතය එතරම් සතුටින් ගත නොවන බවක් නම් පෙනී යයි. එයට ප්‍රධානම සාධකය වන්නේ දැනට මේ බලපාන ග්‍රහ ගෝචරයයි. දරුවන්ට අසනීප, භාර්යාවට අසනීප, එසේම අනවශ්‍ය ධන හානි, මිල මුදල් නාස්ති වීම් ගෘහ ජිවිතය තුල ඔබට සංවේදි වන කාරණාය. නමුත් ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ මානසික ආතතිය නැති ප්‍රශ්න ඔළුවට වැටි හිතින් වැටීම, විවිධ රෝග වලට මග පෑදෙන යම් යම් කරුණු කාරණා ඒම, මේ සතියෙදි වන්නට පුලුවන් උපද්‍රවයන්ය.

● තුලා
ඔබට මේ සතිය එතරම් යහපත් නොවේ.
සතිය මුලදී තිබුනු ආර්ථික ප්‍රබෝධය සතිය මැදට වන්නට අඩු වන්නට පුලුවන්, විචල්‍යයි. කරන කියන කටයුතු අසාර්ථක විමට ඉඩ ඇති නිසා විමසීමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය එතරම් සතුටින් ගත නොවේ. අඹුසැමියන් අතර යම් මත ගැටුම් ඇතිවි ඒවා ලොකුවට නිර්මාණය වීමට පුලුවන්. තමන්ගේ ඥාති මිත්‍රාදින් හා යම් අඩදබර ඇතිවිය හැක. හිතේ සමගිය සමාදානය දුරස් වීමට හේතු ඇතිවන නිසා මේවාට හරියන විදියට ඔබගේ මානසිකත්වය ඇතිකරගත යුතුය.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ, උෂ්ණ රෝග, තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග වලින් පරිස්සම් වන්නට කටයුතු කරන්න.

● වෘශ්චික
මේ සතිය සමඵලයි.
විශේෂයෙන්ම සතියේ මුල් දවස් 2-3 ඔබට එතරම් ආර්ථික අවාසි සිදු නොවේ. නමුත් චන්ද්‍රයා 6 වැන්නේ ගමන් කරන දවස් වල ඔබ යම් ආයෝජන ආදියේ යම්කිසි බාධක කරදර හිමිකරගනී. එසේම මෙම සතියෙදි ආර්ථික තත්වයන් සම්බන්ධව ඔබ තීන්දු තීරණ ගත යුත්තේ විශේෂ කල්පනාවකින් අනතුරුවයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. විවාහක අයට දරු සම්පත් ලැබීමේ වාසනාවක් ඇත. නිවස තුල ප්‍රශ්න තිබුනත් යම්කිසි ප්‍රීතිමත් ගතියක් විද්‍යාමාන වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. උදරාබාධ, එසේම ආහාර අසාත්මික වීම්, හමේ රෝග ඇති කරන්නට පුලුවන්.

● ධනු
ශුභ සතියකි.
කරන කියන කටයුතු සාර්ථක වනවා. ආර්ථික ලාභ මෙන්ම භුමි ලාභ ඇතිවෙනවා. දේපල වෙලදාම් කරන අයට මේ කාලය හොදයි. එසේම රථ වාහන ව්‍යාපාරයට සම්බන්ධ අයටත් ඉතාම හොදයි. මේ කාලයෙදි උසස් අයගෙන් උදව් උපකාර ගැනීමට ඔබට පුලුවනි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩුමුට්ටු ලැබෙන කාලයකි. නිවසට අමුත්තන් පැමිණේ. කාන්තා පක්ෂයේ මිතුරියන් අධික වේ. තමන් පමණක් නොව දරුවන්ද සතුටින් සිටින වාසනාවන්ත සතියකි, මේ සතිය.
සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමට පුලුවන්. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● මකර
ඉතාම ශුභයි.
ආර්ථික වාසි හිමි වේ. ඔබට යන තැන පිලිගැනීම ඇතිවේ. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් වෙළද ව්‍යාපාර සම්බන්ධව තිබෙන දැනුමත් සමග මා කියන්නේ ඔබට ඉතාම ඉහල තත්වයකට මේ සතියෙදි පියමැන්න හැකි බවයි. පාඩු නොමැති නිසා ඔබගේ කළමනාකරණයෙන් හොඳ ගමනක් යෑමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වේ. කිසිදු බාධාවක් නැත. දරුවන් සහ බිරිද සහ පවුලේ අනෙක් සාමාජිකයන් සමගද ප්‍රිතිමත්ව ගතකිරිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. ඔබ නිදන්ගත රෝග ඇති අයෙක් නම් ඒ සම්බන්ධව පිලිවෙතක් අනුගමනය කරන්න. වෙනත් ගැටළු නොමැත.

● කුම්භ
ඔබට ඉතාම හොද සතියක්.
විශේෂයෙන්ම ඔබගේ චිත්ත විවේකය හා ඔබගේ ගුණයහපත්කම නිසා ඔබ ජනප්‍රිය වේ. එය ආර්ථිකයට ඉතාම ශුභ තත්වයකි. ඔබ වෙළද ව්‍යාපාරිකයෙක් නම් ඔබට එය ඉතාම හොදයි. විදෙස් රැකියා කරන අයටද ඉතාම හොදයි. සතිය මැදට යන්ට යන්ටම හොදයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. අවිවාහක අයට මංගල යෝග උදාවෙන අතර, අලුත් ප්‍රේම සබදතා ගොඩනැගෙන අතර සිත ප්‍රීතියෙන් ගතවන අතර දුවාදරුවන් සමග ප්‍රීතියෙන් ගතවන්නටද මේ සතිය හේතු වෙන බව කිව හැකියි.
සෞඛ්‍ය තත්වය හොදයි. සෙම් රෝග ආශ්‍රිතව සැලකිලිමත් වන්න.

● මීන
ඔබට මේ සතිය හොදයි.
ආර්ථික වාසි ඇති කරයි. ඔබගේ කරන කියන කටයුතු සාර්ථක වන අතර, දියුණුවට අදාල සියලුම දේ ඉදිරියෙදි ඉෂ්ට වේ. විදේශ රැකියා වල නියුතු අයටත් මෙරට රැකියා කරන අයගේත් දියුණුවක් ඇතිවන්නේ, වැටුප් වර්ධක ආදිය ඔබට ලැබෙන බැවිනි. නමුත් පොදුවේ ගත්කල මේ සතියම හොද බව කිව යුතුය.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. එසේම නිවසට අමුත්තන් එන කාලයකි. සතිය අගදී නිවසේ ප්‍රිය සම්භාෂණයක් ඇතිවේ. අමනාප වී සිටි අය යළි, මිතුරු වීමද පෙන්වයි. ඉතාම ශුභ සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. මේ දවස් වලට ඒ ඒ පලාතට ඇති කර තිබෙන කාලගුණ විපර්යාසයන් නිසා ඇති කරන රෝගාබාධ ඔබට ඇතිවිය හැකි බව පෙන්වයි. ප්‍රවේසම් වන්න.

No comments:

Post a Comment