Thursday, August 20, 2015

මහමැතිවරණ අනාවැකිය - 2015

මුලින්ම කිව යුත්තේ, මෙම අනාවැකිය ඉදිරිපත් කිරිමට අපගේ සහෘද පාඨකයන්ගෙන් අපට බොහෝ ඉල්ලීම් ලැබුනු බවය.
“ ඡන්දෙට මොකද වෙන්නේ... ? කවුද දිනන්නේ.. ? රනිල්ද... මහින්දද ???  යනාදි ලෙස බොහෝදෙනෙක් විවිධාකාර තැන් වලදී කරන ලද ඉල්ලීම්, ප්‍රශ්න හමුවේ සියලුදෙනාට එක්වර පිලිතුරු දෙන්නට අප විසින් සිතා ගත්තෙමු.
තවද ප්‍රේතයන්ගෙන් පේන අසා පසුගිය දශකයටම ජනතාව රැවටූ පුද්ගලයන් විසින් අනවශ්‍ය බිය ඇති කරමින් කරන ප්‍රකාශ වලටද නිවරදි දැනුවත් කිරීමක් කල යුතු බව අපගේ සිතේ විය.

● අපගේ මූලික අවශ්‍යතාවය නම් ජ්‍යොතිෂ්‍යය තුලින්, තමන්ගේ බුද්ධියේ, අවබෝධයේ, අත්දැකීමේ තරමට අනාවැකි සාර්ථකව කියන්නට හැකියාව ඇති බව ප්‍රකාශ කිරීමය.

● ඒ අනුව ලෝකායතන ජ්‍යොතිෂ්‍යයද අදාල කරගනිමින් පූර්ණ සූක්ෂම පරික්ෂා කල අතර එයින් පසු නිගමනයට එළඹියෙමු. එහිදී සියලුම ප්‍රධාන පක්ෂ වලද අදාල අපේක්ෂකයන්ගේද කේන්දර සටහන් පරික්ෂා කලෙමු. ඒ අනුව අප විසින් 2015 ජුලි 29 වන දින ඒ ගැන ලිපියක් පල කරන ලදි.
https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1439821714./1177395312277546/?type=

එහිදී මූලිකව කිව යුත්තේ, මෙම අවස්ථාවේ එජාපයෙන් ඡන්දය මෙහෙයවු රනිල් වික්‍රමසිංහගේ සහ සන්ධානයෙන් ඡන්දය මෙහෙයවූ මහින්ද රාජපක්ෂගේ කේන්දර වලට ප්‍රමුඛතාවය හිමිවූ බවය. ඊට අමතරව එජාපයේ කේන්දර සටහනද, සන්ධානයේ කේන්දර සටහනටද මූලික තැනක් හිමිවිය.
* අපගේ දැනුම, බුද්ධිය සහ අත්දැකීම් අනුව එජාපය ජයගන්නා බව පැහැදිලි විය. ඒ බව ලිපියේ සඳහන් කර ඇත.

● ජුලි 17 වනදා සිදුවූ රවි හෙවත් රජුගේ මාරුව නිසා රටේ ජනාධිපතිවරයාගේ බලය ස්ථාවර වන බවද උපෙන්ද්‍ර යෝගය බලවත් වීම තුල ඒ තත්වය ගැනද අප විසින් විග්‍රහයක් ලබාදී ඇත.
(https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1439824484./1186245691392508/?type=)

* ● * තවද නැවත රටේ යුද ගිනි බියක් කිසිකලෙකවත් ඇති නොවන බවද, අනවශ්‍ය ප්‍රශ්න ගැටළු ක්‍රමිකව දුරලමින් රටට යහපත් කාලයක් උදාවන බවද අප විසින් වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

තම සීලය රැකගනිමින් යහපත්ව ජිවිතය ගෙවූ අයට යහපත් කාලයක් ඉදිරියට උදා වනු ඇත. හොඳ අයට හොඳ වෙන විට නරක කල අයට, පව්කාරයන්ට ස්වකීය පව් ඵල දෙන කාලයක් ඉදිරියට උදාවේ.
ඒ ගැන විග්‍රහයක් මෙසේය.
(https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548.1073741849.833656709984743/1184022371614840/?type=1)

තවද කිවයුතු දෙයක් නම්, මෙම අනාවැකි ආදියට විවිධ අය විවිධාකාර විවේචන ආදිය කරයි. එහි ගැටළුවක් නැත. තමන්ගේ මතය කීමට හැකියාව ලැබිය යුතුය. නමුත් එම විවේචනයේ තරම තමන් විසින් ස්වයං හික්මීමකින් කරගත යුතුය. විවාද අාදියට අකමැති නිසා අප ඒවාට කතා කරන්නට යන්නේ නැත.
මේ කියන කරුණු හෝ ඇසට නොපෙනන බලවේග ආදිය ගැන ඕනෑම කෙනෙකුට පිහිටක් හෝ ගැනීමට අවශ්‍ය වන්නේ තමන්ට හෝ කිට්ටු කෙනෙකුට කරදරයක් වූ විට පමණි.
තමන් දන්නේ නෑ තමන්ට ගෝචර නොවූවා කියා ඒවා ගැන අවිශ්වාසයෙන් කල්ගත කිරිම බුද්ධිමත් අයගේ ක්‍රමයක් නොවේය.
යම් දිනෙක යම් කලෙක ඒ ගැන අවබෝධයක් කාටත් එනු ඇත.

No comments:

Post a Comment