Thursday, August 6, 2015

ඔබ වෘෂභ ලග්නයේද ?


වෘෂභ ලග්නයට ආවේණික විශේෂ කාරණා නම්, වෘෂභ ලග්න හිමියන් තද හිත් ඇති කිසියම් ආකාරයකට තනි මතයේම එල්බගෙන සිටින අයයි. හිතුවොත් හිතුවාමයි.

● චිත්ත වේග ඉතාම ප්‍රබලයි.
නමුත් වෘෂභ ලග්නය කියන්නේ, සිතිවිලි වල අධිපතිකම් කරන ග්‍රහයා උච්ච වෙන ඔහුගේම වාස භවනයයි. එම අවස්ථාවෙදි නම් මෙම තත්වය තරමකට පාලනය වෙයි.
* වෘෂභ ලග්න හිමියන් බොහෝ මහන්සි වී බොහෝ කැපවීම් කොට දියුණු වීමට කැමති අයවලුන් වෙති. මොවුන්ගේ රැකියාවන්, බොහෝවිට වෙළදාම, ආහාරපාන ආශ්‍රිත කටයුතු, විශේෂයෙන්ම කුජ ග්‍රහයා බලවත් නම් ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය විකිණීම, විදේශ රැකියා ආදියෙන් සමන්විතය.
* අනුන්ගේ කතාවට යටත් නොවේ. තම කටයුත්ත කෙසේ හෝ කරගෙන යාමේ දැඩි අධිෂ්ඨානශීලි ගුණයක්ද ඇත. එනිසාම ජය ලබයි. සතුරන්ට නොනැමෙන ලක්ෂණ ඇත.
* ආශාවන් හඹා යාමට දක්ෂය. තම සැප පහසුව නැති වුවත් ඉලක්කයට යාමට කටයුතු කරයි.
තම අංලකාරය ගැන දැඩිව සිතන, තමාගේ දේ වලට වියදමට ලෝබ නැති අය වෙති.

● වෘෂභ ලග්න හිමියන් ආදරය, ප්‍රේමය සම්බන්ධව විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වයි.
ඔවුන් ඒ මානසිකත්වය තුලදී තරමක තදින්ම ආදරය කරන අයයි. ලිංගිකත්වය කෙරෙහි දැඩි ලෙස රුචිකත්වය දක්වන ඔවුන් එයට විශේෂ තැනක් දී කටයුතු කරයි. මන්ද කුජ සහ සිකුරුගේ ඇති සහසම්බන්ධතාවය නිසාය.
* ලිංගික ශක්තිය අතින්ද ඉතාම ප්‍රබල පුරුෂයන්, කාන්තාවන් වෘෂභ ලග්නයෙන් උපදී.
විවාහ බන්ධනයද ඉතා ප්‍රවේශමෙන් රැක බලා ගනී. ආදරය සහ තමාගේ ලෞකික ජිවිතයේ සමහරක් දේවල් ගැන ඉතාම ආත්මාර්ථකාමිව කල්පනා කරන්නේ මොවුන්ය.
* ආශාවන් සහිත අය වෙති. පහසුවෙන් ජීවත් වීමට සිතන අය වෙති. ධෛර්යවන්තය.

ග්‍රහ බලය හොදින් පැවතුනොත් අවුරුදු 75-80 ආදියේ වයසකට මොවුන් හිමිකම් කියයි.

● සෞඛ්‍ය තත්වය සිතූ කල බොහෝවිට හොද තත්වයක පවතින අතර, මේවා ග්‍රහ බල අනුව වෙනස්කම් වලට භාජනය විය හැක. විශේෂයෙන්ම අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල සුවතාවය ගැන මොවුන් කල්පනාකාරි විය යුතුය. දියවැඩියාව සහ ආදි රෝග සහ නිදන්ගත රෝග, ප්‍රවේණිගතව එන රෝග පහසුවෙන් වැලදිය හැක. 

_ වෘෂභ ලග්න අයගේ දුර්වලතා _

● බොහෝවිට තමාගේ තනි මතයට වැඩ කරගැනිමටද තම මතයට අන් අය පොළඹවා ගැනීමටද උත්සහ කරයි. කිසිවෙකුගේ උපදේශන පිලිගැනීමට අකමැති දැඩි මතයක් දරයි. එසේම ලෞකික සැප සම්පත් වලට අධික ගිජුකමක් හා මසුරුකමක් දක්වයි.
තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අධිකව වියදම් කරන වෘෂභ ලග්න අය අන් අයට උදව් කිරීමට තරමකට මැලිකමක් දක්වයි.

* පොදුවේ වෘෂභ ලග්නයට අපල කරන ග්‍රහයන් වන්නේ, “චන්ද්‍ර, ගුරු, සිකුරුය“
* මෙම ලග්නයට ශුභ දවස් වන්නේ බදාදා සහ සිකුරාදා දිනයි.
* ඉරිදා දින වලදි භූමියෙ කටයුතු වල නියැලීම සුදුසුයි.
* සුභ අංක වන්නේ 5 සහ 6.
* ශුභ වර්ණ, ලා නිල් පාට, ලා කොළ පාට වර්ණයි. එම වර්ණ 2ට අමතරව තැඹිලි පාට වර්ණයද හොද බව කිව යුතුයි.

*** පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

No comments:

Post a Comment