Wednesday, August 5, 2015

අගෝස්තු මාසය - ලග්න 12ට කොහොමද ?

● මේෂ
ලග්නාධිපති අඟහරු/කුජගේ දුර්වල භාවය නිසා රැකියාවේ සහ ආර්ථික කටයුතු වල යම් පසුබෑමක් ඇතිවන මාසයකි. එසේ වුවද එයින් ඔබ පන්නරය ලබනු ඇත. ව්‍යාපාර කටයුතු කරන අයට යම් තරමක් සුබයි. එසේ වුවද යම් පාඩු සහ රැවටීම් වලට ලක්වීමේ ඉඩක් පවතින නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
මෙම ගැටළු තත්වයන් මාසය අග වන විට දුරුවී සැනසීම ඇතිවනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. ආර්ථික තත්වයේ ඇතිවන ගැටළු ගෘහ ජිවිතයටද බලපෑමට යම් ඉඩක් ඇත. දරුවන් සමග සතුටින් සිටිය හැකි කාලයකි. ජිවිතයේ ජයග්‍රහණ වෙනුවෙන් බොහෝ කැපවන්නේ නම් ඒවා සැබෑ කරගත හැක.
සෞඛ්‍ය තත්වය, සෙම් රෝග, මානසික පීඩනය ආදියෙන් ඇතිවන කරදර තත්වයන් වලින් මිදීමට කටයුතු කරගන්න.

● වෘෂභ
පොදුවේ සුභදායක ලෙස ගත කරගත හැකි කාලයකි. රැකියාවේ දියුණුව මෙන්ම වෙනස් වීම්ද ඇති කරගැනීමේ හැකියාව ඇත. ග්‍රහචාරයේ බලපෑම මත සිතට යම් පීඩනයක් ඇතිවිය හැකි කාලයකි. වෘෂභ ලග්න දේශපාලකයන්ට මේ තත්වය විශේෂයි. මාසයේ මැද සිට කටයුතු වල වෙනදාට වඩා දියුණුවක් ඇතිවේ. ව්‍යාපාර කරන අයට සුබයි. බුද්ධියෙන් කරන කටයුතු වලින් ජය ලබාගැනීමේ වාසනාව මේ කාලයේ වෘෂභ ලග්න හිමියන්ට ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක්කේ ඔබගේ ඉවසීම සහ මනා අවබෝධයෙන් කටයුතු කිරීමෙනි. මංගල යෝග ආදි සුබ කටයුතු වලට යහපත් කාලයක් වන බැවින් සිතට සතුටද ඇතිවන කාලයකි. දරුවන් ගැන සතුටු වීමට හැකිවන ආරංචි ලැබේ.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග වලින් ආරක්ෂා වීමට කටයුතු කරන්න. නිදන්ගත රෝග ඇති අය ඒවායින් පරිස්සම් වන්න.

● මිථුන
මෙතෙක් පැවති යම් යම් බාධා දුරු වන කාලයකි. ගුරුගේ ගෝචරය එතරම්ම යහපත් නොවුවද අනිකුත් ග්‍රහ තත්වයන් සමග සතුටින් සිටිය හැකි කාලයකි. රැකියාවේ දියුණුව ඇතිවේ. මෙතෙක් රැකියාවට තිබුන බාධා දුරුවන කාලයකි. විදේශ ගතවීම් වලට සුබයි. මාසයේ මැද සිට රැකියාව මෙන්ම ව්‍යාපාර වලටද දියුණුව අපේක්ෂිතය.
ගෘහ ජිවිතය සතුටින් ගත කිරීමට හැකියාව පවති. එසේ වුවද ඔබගේ ඉවසීම එහිදී මූලික වන බව මතකයේ තබා ගන්න. අන් අය සමග කරන කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කරන්න. මංගල යෝග උදාවන, පවතින ප්‍රේම සබදතාවය ස්ථිර වන කාලයක් බවට පත්වන්නේ මාසයේ අග කාලයේදීය. දරුවන්ට සුබයි, දරුවන් ගැන සතුටු විය හැකි කාලයකි.
සෞඛ්‍ය තත්වයේ, උදරාබාධ සහ උෂ්ණාධික රෝග වලින් පරිස්සම් වන්න.

● කටක
කටක ලග්න හිමියන්ට මාසය පුරාවට පොදුවේ සුබයි. කුජ/අගහරු ලග්නයේ සිටියද කටයුතු සාර්ථක කරගත හැක. රැකියාවේ දියුණුව ඇතිවිය හැක. මෙතෙක් කල් ඔබගේ තිබුනු දක්ෂතා සහ කැපවීම් වලට ප්‍රතිඵල ලැබෙන කාලයකි. කලා කටයුතු වල නිරත අයට, භූමිය සම්බන්ධ කටයුතු, පොලව සම්බන්ධ කටයුතු කරන අයට සුභයි. මාසයේ අවසාන දින වල යම් අයහපත් තත්වයක් උද්ගත විය හැක. බුද්ධියෙන් විමසා ඒ කටයුතු සාර්ථක කරගන්න.
ගෘහ ජිවිතය සාර්ථකව ගත කල හැක. විවාහ අපේක්ෂිත අයගේ පැතුම් ඉටුවන කාලයකි. භූමි ලාභ ලැබෙන්නට ඉඩ ඇත. වාසනාවන්ත දරු උපත් අපේක්ෂිතය. කරන කටයුතු සාර්ථක වේ.
පොදුවේ එතරම් අයහපතක් සෞඛ්‍ය තත්වයේ නොපෙන්වයි. එසේ වුවද හදිසි අනතුරු, ලිස්සා වැටීම් ආදියෙන් පරිස්සම් වීමට කටයුතු කරන්න.

● සිංහ
ලග්නාධිපතිගේ ගමන අනුව සුභ කාලයක් වේ. රැකියාවේ දියුණුව ඇතිවුවද තමන්ගේ ඉහල නිලධාරින් සමග සමගියෙන් සාමදානයෙන් කටයුතු කරන්නට සිතා ගන්න. සිංහ ලග්න හිමියන්ට ව්‍යාපාර විශේෂයෙන් සුබ බැවින් මේ කාලයේ නව ආයෝජන වලට යොමුවිමට අවස්ථා ඇතිවිය හැක. ඒවා සාර්ථක කරගැනීමටද වාසනාව ඇත. මාසයේ අවසාන දිනවල බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. විශේෂයෙන් තනි මතයට කටයුතු නොකර, බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කරන්නට ඔබට හැකිවිය යුුතුය. භූමි ලාභ, වාහන ලාභ පවතින කාලයකි. ගෙදර දොර අලුත් වැඩියා කටයුතුද කරගන්නට හැකියාව ඇතිවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග වලින් පරිස්සම් වන්න. යම් මානසික පීඩනයක්ද පවතින බැවින් ආගමික කටයුතු වලට නැඹුරු වීමද හොඳයි.

● කන්‍යා
ලග්නාධිපතිගේ බලවත් වීම සුභදායක තත්වයක් වුවද තත්කාල ග්‍රහචාරයේ අනිකුත් ග්‍රහයන් හා සසදන කල යම් බාධා තත්වයන් පවති.
රැකියාවේ දියුණුව ලැබෙන්නට වාසනාව තිබුනද කොහේවත් නැති බාධා එල්ල වීමට ඉඩ ඇත. අපරික්ෂාකාරි කටයුතු නිසා පාඩු සිදුවිමටද හැකියාව ඇත. මාසයේ මැදදි ඇතිවන යම් බාධාවන්ට බුද්ධියෙන් ඉවසීමෙන් මුහුණ දෙන්න. මේ කාලයේ මුදල් ගනුදෙනු ආදියෙදි පරිස්සම් වීම වැදගත් වේ.
ගෘහ ජිවිතය තුලද යම් ගැටළු පැන නැගීම නිසා අඹුසැමි ප්‍රේමයට බාධා ඇතිවන්නට ඉඩ ඇත. එවන් අවස්ථා මගහැරීමට කටයුතු කරන්න. ආවේශීලි නොවන්න. මංගල යෝග වලටද යම් බාධා එල්ල වුවද නිසි ගැලපීම් සහිත විවාහ කටයුතු කරගන්නටද වාසනාව මේ කාලයේ පවති.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග, අධි රුධිර පීඩනය සහ චිත්ත පීඩනය නිසා ඇතිවිය හැකි ගැටළු වලින් පරිස්සම් වන්න.

● තුලා
ලග්නාධිපතියා සතුරු වුවද තත්කාල ග්‍රහචාරයේ සුභ පල පෙන්වයි.
ආර්ථික තත්වය දියුණු කරගත හැකි කාලයකි. නව රැකියා ලැබීම මෙන්ම පවතින රැකියාවේ දියුණුව ලැබෙන කාලයකි. ජයග්‍රහණ ලබාගත හැක. විදෙස්ගත රැකියා බලාපොරොත්තු වන අයටද සුබයි. එසේ වුවද මාසය මැදදී යම් අසුභ පල තත්වයක් පෙන්වයි. ව්‍යාපාර කටයුතු කරන අයට වෙසෙසින්ම සුබදායක කාලයකි. නිසි කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලැබේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. මංගල යෝග වලට බාධා තත්වයන් පෙන්වයි, ප්‍රේම සබදතා අස්ථිර වීමක් ගැන සිතට දැනිය හැක. වාහන ලාභ, භූමි ලාභ පවති, එසේ වුවද එම කටයුතු වලදි ස්වකීය බුද්ධිය මත පිහිටාම කටයුතු කල යුතු බව අවධාරණය කරමු.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

● වෘශ්චික
ලග්නාධිපති කුජ යම් බල දුබල භාවයක් පෙන්නුවද තත්කාල ග්‍රහචාරයෙන් සුභ තත්වයක් අපේක්ෂිතය.
රැකියා වලට සුබයි. ව්‍යාපාර කරන අයට විශේෂයෙන් සුබයි. හවුල් ව්‍යාපාර කරන අයටද වෙනදාට වඩා වාසි ලැබෙන කාලයකි. ස්වකිය කැපවීම මත එම වාසි ඇතිකරගත හැක. කලා කටයුතු වල යෙදෙන අයට සුබයි. පොලව සම්බන්ධ කටයුතු කරන අයටද විශේෂ සුභ පල අත්කරගත හැක.
ගෘහ ජිවිතය සතුටින් ගත වුවද යම් අවස්ථාවල තනි මතයට කටයුතු කරන්නට යෑම ගැටළු සහගත විය හැක. දරුවන් නිසා සතුටු විය හැකි මෙන්ම දරුවන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නට අවස්ථාවන් උදාවනු ඇත. ඥාති හිතමිත්‍රාදින් සමග සතුටුවීමටද අවස්ථා යෙදේ.
සෞඛ්‍ය තත්වයේ මානසික පීඩා ආදියෙන් සැලකිල්ලෙන් කටයුතු කරන්න. මෞත්‍ර ලිංගික පද්ධතියේ සුරක්ෂිත තාවය ගැන සැලකිලිමත් වන්න.

● ධනු
ලග්නාධිපතිගේ බලවත් වීම අනුව සුභ කාලයකි.
රැකියා කටයුතු වලින් ජය ලැබෙන, රැකියාවේ උසස්වීම් පවා අපේක්ෂිත කාලයකි. වෙනදාට වඩා දියුණුව ඇතිවන නිසා සමාජයේ අවධානය යොමුවීමට ඉඩ වැඩිය. නව ව්‍යාපාර කටයුතු ඇරඹීමටද සුභ කාලයකි. ඒවායින් ලාභ ඉපයිය හැක. විදෙස් ගත රැකියා කරන අයටද සුබයි, විදෙස්ගත වීමට අපේක්ෂා කරන අයටද එම වාසනාව උදා වේ.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවිය හැකි කාලයකි. දුර බැහැර ගමන් සහ කෙටි ගමන් බිමන් අධික වන්නට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ සහ දණිස් ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමුවන්න.

● මකර
ලග්නාධිපතිගේ ස්ථාන බලය සමග සුබ තත්වයක් ඇතිවේ.
ව්‍යාපාර කරන අයට විශේෂයෙන් සුබ කාලයකි. නව ආයෝජන වලට අවස්ථා උදා වේ. ඒවා බුද්ධියෙන් යුතුව කිරිමෙන් වැඩි වාසි අත්කරගත හැක. මාසයේ මධ්‍ය කොටසේ සිට කලින්ටද වඩා ආර්ථික තත්වය සාර්ථක කරගැනිමට හැකියාව ඇත. රැකියා කරන අයටද සුබයි. ස්වකීය ඥානය මෙහෙයවා කටයුතු කරන රැකියා සහ ව්‍යාපාර කරන අයට විශේෂ සුභ කාලයකි.
ගෘහ ජිවිතයට යම් බාධා තත්වයන් පෙන්වයි. ආදර සබදතාවකට නොසිතු විරු බාධා පැමිණීමට ඉඩ මෙන්ම ඒවා බිඳවැටීමේ අවධානමක් පවති. බුද්ධියෙන් කටයුතු කරන්න. ඥාති හිතමිතුරන් සමග විනෝද අවස්ථා යෙදෙන කාලයකි. හදිසි ධනලාභ වාසනාවක්ද පෙන්වයි.
උදරාබාධ සහ සෙම් රෝග ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. එසේම පාර තොටේදී විමසීමෙන් කටයුතු කරන්න. එසේ නොවිම අනතුරු ඇති කරන්නට ඉඩ ඇත.

● කුම්භ
ලග්නාධිපති සහ ගෝචර බලයන් වල යහපත් තත්වයක් පෙන්වයි.
රැකියාවෙ කටයුතු වල දියුණුව ඇතිකරගත හැකියි, නමුත් ඔබගේ යම් අතපසුවීමක් නිසා අනවශ්‍ය කරදර ඇතිවිමේ හෝ සතුරු කරදර ඇතිවිමට යම් හේතුවක් ඇතිවිය හැක. රැකියා කටයුතු වල යම් වෙනසක්ද අපේක්ෂිතය. බුද්ධියෙන් විමසීමෙන් කරන නව ආයෝජන අවස්ථා වලටද සුබයි.
ගෘහ ජිවිතය තුල ගැටළුකාරි තත්වයක් පෙන්වයි. එහිදී ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කිරීම මැනවි. විවාහ අපේක්ෂක අයට මාසයේ අවසාන දින වල සුභ තත්වයක් පෙන්වයි. යම් ජයග්‍රහණ ආදිය මේ කාලයේ ලබාගැනීමට වාසනාව පවති.
සෙම් රෝග ආදියෙන් පරිස්සම් විය යුතුය. හදිසි අනතුරු ආදියෙන්ද ප්‍රවේශම් වන්නට කටයුුතු කරන්න.

● මීන
ලග්නාධිපතිගේ ගමන සහ අනිකුත් තත්කාල ග්‍රහචාරය සමග විමසා බැලීමේදි තරමක යහපත් තත්වයක් පෙන්වයි.
රැකියාවේ දියුණුවක් සහ වෙනස් තත්වයන් ඇතිකර ගැනීමට වාසනාව පවති. ව්‍යාපාර කරන අයටද සුභ කාලයකි. මාසයේ අවසාන කාලයේ යම් අවබෝධයකින් කටයුතු කල යුතුයි, විශේෂයෙන් රැකියා කරන අයට යම් අවදානම් තත්ව පෙන්වයි. භූමිය සම්බන්ධව කටයුතු කරන අයට සුබයි. කලා ශිල්පීන්ට සුභ කාලයකි, ස්වකීය නිර්මාණ වලට ඇගයුම් ලැබේ.
ගෘහ ජිවිතයේ සතුට රඳා පවතින්නේ ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කිරීමෙනි. යම් යම් බාධා තත්වයන් ඇතිවිමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කල යුතුය. මංගල යෝග තත්වයන් උදා වේ. යාන වාහන, ඉඩකඩම් සම්බන්ධව සුභදායක තත්වයක් පෙන්වයි.
සෙම් රෝග, උගුර, පෙනහල්ල ආශ්‍රිත රෝග තත්වයන්ගෙන් ප්‍රවේසම් වන්න. ආහාර ජීර්ණ පද්ධතියෙද යම් අක්‍රමිකතාවයන් ඇතිවිය හැක.




No comments:

Post a Comment