ඉතා දුර්ලභ යෝගයකි.
මෙම යෝගය ඇතිවන්නේ ලග්නාධිපතියා/ 1 වැන්න අධිපතියා සහ 12 වැන්නාධිපතියා සංයෝග වීමෙනි.
‣ මෙම යෝගය 12 වැන්න සහ 1 වැන්නේ තැන්පත් වීමෙන් තරමක් අයහපත් ප්රතිඵල අත්කරයි.
‣ මෙම යෝගය පවතින කේන්දර සටහනක,
12 වැන්නාධිපතියාගේ අතුරු දසාවක් හෝ මහ දසාවකදී කේන්දර හිමියාට රෝහල් ගතවීමකට හෝ සිරගත වීම් වලට ලක්විමට වැඩි ඉඩක් ඇත.
* කෙටිකාලීනව හෝ මෙම තත්වය අත්විදීමට සිදුවනු ඇත. මේවා අප පර්යේෂණාත්මකව අත්විඳි දේවල්ය.
උදාහරණයක් ලෙස මේෂ ලග්න කේන්දරයක ලග්නාධිපතියා කුජ වේ.
එසේම 12 වැන්නාධිපතියා ගුරු ග්රහයා වේ.
කුජ - ගුරු සංයෝගය වී එම කේන්දරයේ කුමන කොටුවක තැන්පත් වී තිබුනද මෙම යෝගය යෙදේ.
විශේෂත්වය නම්, 12 වැන්නේ තැන්පත් වුවහොත් මෙම යෝගයේ පීඩාකාරි බව අධික වීමයි. තවද, මෙම තත්වය ඉතා වැඩි ඉඩක් රෝහල් ගත වන්නට හෝ සිරගත වන්නට හේතු ගෙන දේ
( නිසි කේන්දර පරික්ෂාවෙන් නිසි ලෙස එම තත්වය සමනය කරගෙන නැත්නම්).
‣ සාමාන්ය ලෙස ගුරු මහ දසාව මේෂ ලග්නයට යහපත් වුවද, ගුරු 12 වැන්නේ කුජ සමග තැන්පත් වීමෙන් එහි සුභ ඵල අඩුවී කේන්දර හිමියාට අයහපත් ඵල දිය හැක. සරලවම තනි වන්නට හේතු යෙදේ.
‣ පොදුවේ අප සිතන්නේ ගුරු ග්රහයා සුබ ග්රහයෙකු නිසා ගුරු මහ දසාවෙදි යහපත් කාලයක් වනු ඇති බවයි. නමුත් ගුරුගෙන් සුභ ඵල නොලැබී යාමට වැඩි ඉඩක් ඇත.

- ජ්යෙතිෂ්යය ශාස්ත්රය ඇත්තේ පෙර අකුසල - කර්ම දෝෂ - අපල යනාදිය මගහරවාගෙන ජිවිතය සැපවත් කරගැනීමටය. නිවරදිව ජ්යොතිෂ්යය භාවිත විය යුත්තේ ඒ ආකාරයටය.
-
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,
අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,
සුභ ඵල ලබාදීමට දෙන යන්ත්ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,
නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
- irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)
No comments:
Post a Comment