( පියමුක්ත යෝගය)
මේ යෝගය තියෙද්දි, විශේෂයෙන් ආදරය ප්රේමය සහ විවාහය කියන හැමදේටම වෙන්වීම හෝ දුරස්වීම හෝ සමහරවිට මරණය පවා ගෙන දෙනව. එනිසා විවාහ පරික්ෂාවේදි ඉතාම සුපරික්ෂාකාරිව මේ ගැන බලන්න ඕන.
* පොරොන්දම් විතරක් ගැලපුවාම ඒක හොයාගන්න බෑ. විවාහයට අදාලව පූර්ණව කේන්දර සටහන් 2ත් පරික්ෂා කල යුතුයි.
◘ මේ යෝගය යෙදෙන්නෙ කොහොමද ?
◙ යම් කේන්දරයක 7 අධිපති සහ 8 අධිපති ග්රහයන් 2 සංයෝග වීමෙන් ඇති වේ.
◙ 7 සහ 8 අධිපතින් දෙදෙනා කුමන කොටුවේ සංයෝගව සිටියද මෙම යෝගය යෙදේ.
◙ මෙම යෝගය 7 අධිපතියාගේ නැකතක, 8 අධිපතියා තැන්පත් වීමෙන්ද ක්රියාත්මක වේ ( මෙය දැනගැනීමට කේන්දරය ගැඹුරින් පරික්ෂා කල යුතුය).
( එසේම මෙය ගෝචරයෙන් නොවේ උප්පත්ති කේන්දරයේ ග්රහ පිහිටීම ගැනය).
◙ 7 වැන්නට අදාල ග්රහයාගේ නැකතේ 8 වැන්නාධිපති ග්රහයා සිටීම මෙන්ම 8 වැන්න අධිපති ග්රහයාගේ නැකතක 7 අධිපති ග්රහයා සිටීමෙන්ද ඇතිවේ.
මෙම යෝගය නිසා,
දෙදෙනාගේ වෙන්වීම
කසාදය තිබුනත් සෑහෙන කලකට හෝ දුරස් වී ජිවත් වීමට සිදුවීම
දෙදෙනාගෙන් එක් අයෙකු හෝ මරණයට පත්වීම
◘ කේන්ද්ර ශාස්ත්රය තියෙන්නෙ ජිවිතය සැපවත් කරන්නයි. ඉතින් මේ තත්වයෙන් මිදෙන්නෙ හරි බේරෙන්නෙ කොහොමද ?

නිසියාකාරව ආයුෂ ගැලපිය යුතුය. මෙහිදී ආයුෂ පොරොන්දම ගැලපීම නොව දෙදෙනාගේ කේන්දරයන් අනුව ආයුෂ ගැලපීම එක ක්රමයකි.


එම 7 වැන්නාධිපති ග්රහයා වන සිකුරු, 8 වැන්නේ, 8 වැන්න අධිපති බුධ සමග තැන්පත්ව සිටි. මෙම කේන්දර සටහනේ පැහැදිලිව එම යෝගය දක්නට ඇත. (අපගෙන් සේවාව ලබාගත් අයෙකුගේ අවසරය සහිතව පල කරන ලදි)
-
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, පැලදිය යුතු ස්වර්ණාභරණ, මැණික් වර්ගය, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව යනාදිය ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
irusewaya@gmail.com
071 383 5369
No comments:
Post a Comment