ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු තම උච්ච රාශිය වන මීනයේ මැයි 31 වනදා තුරු සිටියි.
▲ ලංකා කේන්දරයේ 4 වැන්නාධිපති සහ 9 වැන්නාධිපති වන සිකුරු ග්‍රහයා, කේන්දරයේ 2 වැන්නට හෙවත් ධනස්ථානයට පැමිණ ඇත.
▲ ජනරජ කේන්දරයේ 3 වැන්නාධිපති සහ 10 වැන්නාධිපති සිකුරු/ශුක්‍ර 8 වැන්න හෙවත් ආයුෂ ස්ථානයට පැමිණ ඇත.
♠ මෙතෙක් පැවති උෂ්ණාධික කාලගුණය තරමක් පහව යන කාලයකි. සීතල කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැක.
♠ ජනරජ කේන්දරය අනුව සිංහ ලග්නයේ 8 වැන්නට එනම් ආයුෂ ස්ථානයට සිකුරු පැමිණීම, ආණ්ඩුවට තරමක් අපලයි. ආණ්ඩුවට දොස් අහන්නට වෙන කාලයකි. ආණ්ඩුව ඉතාම බුද්ධිමත්ව සහ ජනතා අපේක්ෂාවන් ගැන මැනවින් බලා තීරණ ගත යුතු කාලයකි.
♠ කුම්භ ලග්න ලංකා කේන්දරය අනුව සලකා බලන කල මෙය යහපත් කාලයකි. රටේ දියුණුවට ඍජු පියවර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. මුදල් ලැබීම් ඇති වෙයි. ණය ආධාර යනාදිය ලැබෙන නිසා ආර්ථිකය ස්ථාවර වෙන්නට කරුණු යෙදේ
( පෙර ජනාධිපතිවරයා පවත්වාගෙන ගිය ආර්ථික දර්ශනයට සමාන දර්ශනයක් උදා- IMF වැනි තීරණ නිසා ආර්ථිකයට යහපතක් විය හැකි වුවද, ජනතාවගේ ප්‍රසාදය පිලිබද ගැටළු ඇතිවිය හැක.
♠ පොදුවේ සලකන කල ආදරවන්තයන්ට යහපත් කාලයකි. ආදරය සහ පවුල් ජිවිත වල සබදතා ශක්තිමත් වන කාලයකි.
♠ ලංකාවට තරමක් ස්වභාවික විපත් ඇතිවීමට ඉඩක් ඇත, ඒනිසා ගංවතුර තත්වයන් සුලි සුළං තත්වයක් ඇතිවීමේ අවදානම ඇත.
-
#සිකුරු #ශුක්‍ර # #srilanka
No comments:
Post a Comment