ලග්න 12ට 2025 ජනවාරි මස 08 දින සිට ජනවාරි මස 14 දක්වා පොදුවේ බලපෑම මෙසේය.
1. මේශ ලග්නය
මෙම සතියේදී ආර්ථික වර්ධනයට බොහෝ අවස්ථා ලැබිය හැක. නව ආයෝජන අවස්ථාද ලැබෙනු ඇත. කෙසේ
වුවද වියදම් ගැන සැලකිලිමත් වීමත් වැදගත්ය.
හිසරදය, මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුය. නිසි ව්‍යායාම ගැනද සැලකිලිමත් වෙන්න.
පවුලේ සාමය සහ සන්සුන් වාතාවරණයක් පවතී. සාමාජිකයන් සමඟ විවෘත සන්නිවේදනයේ නිරත වීමෙන් සම්බන්ධතා වැඩි දියුණු කළ හැක. දරුවන් දෙමාපියන් සමග නිසි ලෙස සන්නිවේදනය කිරීමට කටයුතු කරන්න.
2. වෘෂභ ලග්නය
ආර්ථිකය ස්ථාවරව පවති. පෙර කල ආයෝජන වල ප්‍රතිඵල ලබා ගැනීමේ මොහොතක් විය හැක. මනා සැලසුම් සහිතව ව්‍යාපාර ගිවිසුම්, කොන්ත්‍රාත් ආදියට එළඹීම යහපත්ය. කෙසේ වුවද මුදල් සම්බන්ධ දේවලදි බුද්ධිමත්ව කටයුතු කරන්න.
හිස, බෙල්ල උගුර ආදිය ගැන සැලකිලිමත් වෙන්න. සීතලට හසුවිමෙන්ද පරිස්සම් වන්න.
නින්ද ගැනද සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වනු ඇත. දෙමාපියන් සහ පවුලේ අය සමග වැඩි කාලයක් ගත කරන්නට අවස්ථාව යෙදේ.
3. මිතුන ලග්නය
නොසිතු වියදම් ඇතිවෙන්නට පුලුවන් සතියකි. එනිසා වියදම් ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය. අලුත් දේට යොමු නොවි ඉවසීමෙන් ගත කල යුතු සතියකි.
මානසික ශක්තිය වැඩි දියුණුව වන කාලයකි. භාවනාවේ යෙදෙන්නට හැකි නම් වඩාත් යහපත්ය.
නව සබදතා ඇතිවීමට ඉඩ ඇත, මිතුරු සබදතා මෙන්ම ආදර සබදතා වලටද අවස්ථාව පවති. නිවසේ රැදෙන කාලය තරමක් අඩුවිය හැක.
4. කටක ලග්නය
ආර්ථික තත්වයේ යම් යහපතක් ඇතිවිය හැක අනිවාර්යෙන්ම. නමුත් වියදම් ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය. කලබලයෙන් තීරණ නොගන්න.
මානසික සහනය පිණිස සන්සුන් සංගීතයට සවන් යොමු කරන්න.
වෙනදාට වඩා පවුලේ සාමය පවතින කාලයකි. පවුලේ අය වෙනුවන් කැපවෙන ඒ ගැන සතුටු විය හැකි කාලයකි.
5. සිංහ ලග්නය
අනවශ්‍ය වියදම් වලින් සැලකිලිමත් වන්න. කෙසේ වුවද ආර්ථිකය සාමාන්‍ය පරිදි පවති.
ආහාර ගැනීමේදි පෝෂණීය ආහාර ගැන සැලකිලිමත් වෙන්න. ඒකාකාරි ආහාර රටාවෙන් මිදෙන්න. ව්‍යායාම් ආදියේද යෙදිය හැකි නම් වඩා හොදයි.
පවුලේ අය සමග සුළු සිද්ධි වලට මත ගැටුම් ඇතිවිය හැක. ඒවා වැඩිදුර නොගෙන යෑමට කටයුතු කරන්න. පවුලේ අය සමග සුහදතාවය වර්ධනය පිණිස කටයුතු කරගන්න.
6. කන්‍යා ලග්නය
වෙනදාට වඩා ආර්ථික තත්වය යහපත් වන සතියකි. යම් කාලයකට පෙර සිට නොසිතු ලෙස යහපත් වෙන කාලයකි.
ආහාර ගැනීම නිසි වේලාවන්ට සිදු කරන්න. ආහාර අජීර්ණ තත්වයන් ගැන සැලකිලිමත් වෙන්න.
පවුලේ අය නිසා සතුටු සිතෙන සතියකි. එනිසාම පවුල් බැදීම වැඩි දියුණු වේ.
7. තුලා ලග්නය
ආර්ථිකය දියුණු වන සතියකි. නව ආයෝජන වලට වඩාත් හොද කාලයකි.
නිරෝගී බව රැකෙන සතියකි. වෙනදාට වඩා සිතට සැනසීමක් දැනෙනු ඇත.
පවුලේ සාමාජිකයින් සමඟ සන්සුන් සම්බන්ධතා පවතී. වෙනදාට වඩා පවුලේ එකමුතුකම, සමගිය වෙනුවෙන් කටයුතු කරන්නට හැකියාව ඇත.
8. වෘශ්චික ලග්නය
ආර්ථික තත්වය යහපත් වනු ඇත. කෙසේ වුවද වියදම පාලනය කරගත යුතුය. ගිවිසුම් - කොන්ත්‍රාත් වලදි ඉතා බුද්ධිමත් විය යුතුය.
ආර්ථික දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමේදි මානසික තත්වය තරමක් කලබලකාරි විය හැකි බැවින් ඒ ගැන අවදානමත් වෙන්න.
යම් යම් කාරණා නිසා පවුලේ අය සමග සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති නිසා වචන භාවිතයෙදි පරිස්සම් වෙන්න.
9. ධනු ලග්නය
ආර්ථිකය අයහපත් නොවේ. කෙසේ වුවද හවුල් ව්‍යාපාර යනාදියෙදි මුදල් යෙදවීම ආදිය ගැන ඉතාම සැලකිලිමත් වෙන්න.
ආහාර රටාව ගැන සැලකිලිමත් වන්න. ජලය නිරතුරුව පානය කරන්න.
පවුලේ ආදරය සමගිය රැකෙන වැඩෙන සතියකි. පවුලේ අය සමග කාලය ගතකිරීමෙන් සැනසිලිදායකව ගෙවී යන සතියකි.
10. මකර ලග්නය
ආර්ථිකය වැඩි දියුණු වීම රදා පවතින්නෙ ඔබගේ කැපවීම මතය. දැඩි මහන්සියෙන් යම් දියුණුවක් ලැබිය හැක.
උගුර - කට - නාසය සම්බන්ධ රෝගාබාධ ගැන සැලකිලිමත් වෙන්න. ආහාර රටාවේ යම් පාලනයක් කිරීමද වැදගත්ය.
පවුලේ සාමය රැකෙන සතියකි.
11. කුම්භ ලග්නය
ආර්ථිකය ගැන සුබවාදි බලාපොරොත්තු ඇතිවන කාලයකි. නිසි විශේෂඥ දැනුම සහ උපදෙස් සහිතව ආයෝජන වල යෙදෙන්න.
මානසික නිදහස වෙනුවෙන් යම් තීරණ ගත යුතු සහ ගන්නා කාලයකි. පැය 6කවත් නින්දක් ඔබට මේ කාලයේ අත්‍යාවශ්‍ය වෙයි.
පවුලේ සමගිය සාමය රැකෙන, ආදරය වැඩිදියුණු වන සතියකි.
12. මීන ලග්නය
නව ආදායම් මාර්ග උදා වන අතට මුදල් ලැබෙන කාලයකි. කෙසේ වුවද ඒවා වියදම් කිරීමේදි මනාව කළමනාකරණය කරන්න.
නිසි ලෙස විවේක ගැනීම සහ මානසික සහනය වෙනුවෙන් කල යුතු කටයුතු කරන්න. හැකි නම් බෝධියකට ගොස් යම් වේලාවක් රැදී සිටින්න.
පවුලේ සමගිය රැකේ. පවුල් සබදතාව වැඩි දියුණු වනු ඇත.
#ඉරු
#iruastrology #srilanka
No comments:
Post a Comment