
ජනවාරි 20 සිට 26 දක්වා ලග්න 12ට පොදු බලපෑම මෙසේය.
● මේෂ
සතිය උදාවේදි සදු සිටින්නේ කේතු සමග 6 වැන්නේ වීම තරමක් අයහපත්ය.
එනිසා සිතෙ නොසන්සුන්තාවයක් බලපවත්වයි. එය සතිය පුරාම තිබිය හැක. එසේම කලබලකාරි තීරණ ගැනීමේත් ඉඩ ඇත.
රැකියාවේ කටයුතු තම කැපවීම මත දියුණුවක් ලබාගැනීමට පුලුවන. නව රැකියා වලට යහපත්ය.
දුර ගමන් යෙදේ.
සෙම් ආශ්‍රිත රෝග, පපුව ආශ්‍රිත රෝග, ජලය ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.
-
● වෘෂභ
සදු සිටින්නේ කේතු සමග 5 වැන්නේ වීම යහපත්ය.
සිතේ සතුට ඇතිවන එසේම ගැටළු වලින් නිදහස ලැබෙන කාලයකි. නව ආර්ථික අවස්ථා, යම් හදිසි ලාභද ලැබිය හැක. ප්‍රේමය සම්බන්ධ කටයුතු වලට වඩා හොදයි.
රැකියාව හොදින් කෙරේ. රැකියාව වෙනුවෙන් සෑහෙන කැපවීමකින් කටයුතු කරයි.
අධ්‍යාපන කටයුතු වලට හොදයි. නව ආයෝජන වලටත් සුබයි.
දෙපා සම්බන්ධ සෞඛ්‍ය තත්වයන් ගැන සැලකිලිමත් වෙන්න.
-
● මිථුන
සදු - කේතු සමග 4 සිට ඇරඹෙන සතිය හොදයි.
පවුල් ජිවිතය - ආදරය යනාදියට යහපත් සතියකි. කෙසේ වුවද තීරණ ගැනීමේදි මනාව සිතාබලා බුද්ධිමත්ව කටයුතු කරන්න. හදිසි ගමන් යෙදෙනු ඇත. මිතුරන් හමුවීමට අවස්ථා ලැබේ.
රැකියාවේ දියුණුව සහ නව රැකියා වලට යහපත්ය.
ඇස - කණ - නාසය යනාදිය සම්බන්ධ සෞඛ්‍ය තත්වයන් සහ සෙම් රෝගද, ඇවිදීමේදි ගමන් යාමේදි ඇතිවිය හැකි හදිසි අනතුරු ගැනද අවදානමත්ව සිටින්න.
-
● කටක
සදු - කේතු 3 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය මධ්‍යස්ථය.
ඔබගේ ජනප්‍රියතාවය වැඩිවන සතියකි. පවුලේ අය සමග සුහදතාවයෙන් සිටිමට අපහසු කරුණු යෙදෙුන ඇත. පවුල වෙනුවෙන් කැපවෙන කාලය අඩුවීම ගැටළුවක් වනු ඇත.
ආර්ථිකය යහපත් වුවද සිතට යම් කලබලකාරි බවක් තිබෙනු ඇත. ආවේගශීලි නොවන්න.
නව ආයෝජන, නව ආර්ථික අවස්ථා වලට යහපත්ය.
උගුර - නාසය සම්බන්ධ රෝගද කට ආශ්‍රිත රෝග ගැනද සැලකිලිමත් වෙන්න. සීතලෙන් පරිස්සම් වීමට කටයුතු කරන්න.
-
● සිංහ
සදු - කේතු 2 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය යහපත්ය.
වෙනදාට වඩා සාමාජීය කටයුතු කිරිම තුල යම් ජනප්‍රියතාවයක් ඇතිවනු ඇත. පවුලේ සමගිය දියුනු වේ. ආර්ථිකය සාමාන්‍ය පරිදි තිබේ.
රැකියාව වැඩි දියුණු වෙයි. රැකියාවේ ඉහලට යෑමට අවස්ථා ලැබේ. කලා කටයුතු වලට හොදයි.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වුවත් මේ දිනවල සීතලෙන් ආරක්ෂා වන්න.
-
● කන්‍යා
සදු - කේතු 1 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය හොද සතියකි.
සැලසුම් සහගතව කරන කටයුතු වලින් ජය අත්වේ. ජයග්‍රාහි මානසිකත්වයක් ඇති වෙයි.
ආර්ථිකය දියුණු වේ. ලාබ සහිතයි.
ප්‍රේමය - ආදරයට යහපත් කාලයකි.
රැකියාවේ දියුණුව ව්‍යාපාර වල දියුණුව අපේක්ෂා කල හැක.
සෙම් ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.
-
● තුලා
සදු - කේතු 12 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය තරමක් අයහපත්ය.
කෙසේ වුවද මග ඇරී තිබුනු කටයුතු සාර්ථක වෙයි.
ප්‍රේමය ආදරය ගැන යහපත් ආරංචි ලැබේ.
රැකියාවේ වෙනදාට වඩා කැපවන්නට සිදුවන කාලයක් වන අතර නිසි ලෙස කලොත් වඩාත් යහපත් වෙයි.
ඇස - කණ - නාසය සම්බන්ධ රෝග සහ ස්නායුගත රෝගාබාධ ගැන සැලකිලිමත් වෙන්න.
-
● වෘශ්චික
සදු - කේතු 11 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය මධ්‍යස්ථය.
දුර බැහැර ගමන්, විදේශගත වීම් යනාදියට අවස්ථා යෙදෙනු ඇත. මේ සමග පවුලේ අයගෙන් යම් දුරස්වීම් විය හැක.
රැකියාවට හොදයි. ආදායම් ලැබේ. ව්‍යාපාර යනාදියටත් යම් සහන ලැබේ.
හදිසි ලාභ ලැබීමටත් වාසනාව තිබේ.
සෞඛ්‍ය තත්වය සෑම අංශයක් ගැනම සැලකිලිමත් විය යුතුය.
-
● ධනු
සදු - කේතු 10 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය මධ්‍යස්ථය.
පවුලේ අය සමග කරන කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න.
රැකියා කටයුතු වලට හොදයි. ව්‍යාපාර යනාදියටද හොදයි නමුත් වියදම් අධිකව යෙදීමට ඉඩ ඇත.
යම් යම් ලාභ තිබේ.
සෙම් රෝග - පපුව සම්බන්ධ රෝග, කශේරුකාව ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.
-
● මකර
සදු - කේතු 9 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය බොහෝසෙයින් හොදයි.
පෙර පින මතුවන කාලයකි. හදිසි ලාභ ලැබෙනු ඇත. නුවණැති අය ඇසුරට ලැබේ.
වෙනදාට වඩා කැපී පෙනෙන කාලයකි. යාන වාහන ලාභ ලැබෙන සතියකි.
රැකියාවේ දියුණුව මෙන්ම උසස්වීම් වලටද යහපත්ය. ව්‍යාපාර යනාදියටත් යහපත්.
උගුර - කණ - නාසය මෙන්ම මුඛ්‍ය ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.
-
● කුම්භ
සදු - කේතු 8 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය තරමක් අයහපත්ය.
නොසිතු විරු පාඩුවක් හෝ සිත බිදවැටීමකට ඉඩ ඇත. සැලකිලිමත් වන්න. දුර ගමන් යෙදිය හැක.
දේපල ලාභ තිබෙන නමුත් කරන කටයුතු මනාව සිතා බලා කරන්න.
රැකියාවේ කටයුතු වලට කැපවීම තුල යහපත්ය. විදේශගත රැකියා ලැබෙන්නට වාසනාව තිබේ.
මහන්සිය තුල සෞඛ්‍ය තත්වය ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කරන්න.
-
● මීන
සදු - කේතු 7 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය යහපත්ය.
යන එන තැන කැපී පෙනෙන සතියකි. බාධා දුරු වේ. නෑයන් - හිතවතුන් සමග ඇසුරට කාලය සැලසේ.
සමාජයට කරන සේවා නිසාද කැපී පෙනෙන කාලයකි.
රැකියාවේ දියුණුව අපේක්ෂා කල හැක. වෙනදාට වඩා සිතට සහනයක් ලැබේ.
හෘද වස්තුව ආශ්‍රිත රෝග, මහන්සිය යනාදිය ගැන සැලිකිලිමත් වීමද, ආහාරපානාදිය ගැන වෙනදාට වඩා සැලකිලිමත් වීමද කල යුතුය.
-
♦ මේ සියලු කරුණු පොදු කරුණුය. කේන්දර සටහන අනුව මේවා වෙනස් විය හැක.
#iruastrology #iru Iru astrology
No comments:
Post a Comment