Wednesday, March 26, 2014

__ ලග්නය කුමක් වුවත් දේශපාලනයේ ඉහලටම යන ග්‍රහ යෝග __

* දේශපාලනය ගැන කතා නොකරන කෙනෙක් අද සමාජයේ නැත. සමහරුන්ට මෙම මාතෘකාව අප්පිරියා වූවාට බහුතරයට මෙය ආගමකට සමාන ලෙස සිත් සතන් වල පවතී. දේශපාලනයේ කෙතරම් නියැලුනත්, වෙහෙසවූවත් මෙම තත්වයෙන් ඉහලට ඒම පිණිස දේශපාලන ක්ෂෙත්‍රයේ බැබලිමට නම් අනිවාර්යෙන්ම මේ ආකාරයගේ ග්‍රහ යෙදුම් තිබිය යුතුය.

● දේශපාලන කටයුතු වලින් ඉහලට එන තැනැත්තාව ඒ තත්වයෙන් ඔසවා තබන්නේ පොදු මහ ජනතාවය. එසේ නම් එම තත්වයේ දේශපාලන ක්ෂෙත්‍රයේ වැජඹීමට මහා පොදු සාධකය වන්නෙ ජනතාවය.
පොදු මහජනතාව ජෞතිෂ්‍යය හැටියට නියෝජනය කරන්නේ ශනි ග්‍රහයාය. ශනි ග්‍රහයා උප්පත්තියෙදි උච්ච, ස්වකෙෂත්‍ර, මිත්‍ර රාශි ගතව බලවත්ව සිටිම දේශපාලනයේ ඉහලට යෑම නිසර්ගයෙන්ම උදා කරයි.

* ජනතාවගේ ජනාධිපති හැටියට සැලකෙන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මාධ්‍යයට නිකුත් කල කේන්දර සටහනේ ශනි බලවත් වීමෙන් “සස යෝගයක්“ උදාවි ඇත.
(https://www.facebook.com/photo.php?fbid=152665944928418&set)

● එසේම යම් කිසි කෙනෙකුගේ කේන්දරයේ අගහරු ග්‍රහයා බලවත් වීම නිසා ඔහු කුඩා කල සිටම පරිවාර සම්පත්තිය ලබන, පිරිස් පාලනය ඇති, සංවිධාන ශක්තිය ඇති කෙනෙක් බවට පත් කරයි. යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ හෝ 10 වැන්නේ බලවත් වීම දේශපාලනයට ඉතාම සුදුසු පිහිටීමකි.

*උදාහරණක් වශයෙන් මහ ඇමති තරඟයෙන් දේශපාලන කරළියට ආ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණියගේ ජන්ම පත්‍රයේ අගහරු/කුජ බලවත්ව සිටි ආකාරය විමසන්න. එතුමිය කිසි දිනෙක පරාජය වී නැත. එය රුචක යෝගයයි.
එසේම අප දන්නා ආකාරයට නිර්භීත කාන්තාවක් ලෙස ප්‍රසිද්ධ එතුමිය නූතන විහාරමහා දේවිය ලෙසද සැලකුනි.

● එසේම දේශපාලනයට අවශ්‍ය වන තවත් සාධකයක් නම්, කිසියම් කෙනෙකුගේ වචනය බලවත් වන තරමටම දේශපාලන ක්ෂෙත්‍රයේ ඉදිරියට යාමට පුලුවන.
යම් කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ බුධ ග්‍රහයා ස්වකෙෂත්‍ර බලයෙන් සිටිමෙන් ඔහු දක්ෂ කථිකයෙකු වේ. සාමාන්‍ය ජන විඥානයට මෙය සමීප වන්නේ මේ බුධගේ බලය නිසාය.

* අතීතයේ මෙම දේශපාලන ක්ෂෙත්‍රයේ සිටි, පීටර් කෙනමන්, ඇන්.එම් පෙරේරා, බොරලුගොඩ සිංහයා ලෙස අනවර්ථ නාමයෙන් හැඳින් වුනු පිලිප් ගුණවර්ධන යන මැතිතුමන්ලාගේ මෙම තත්වයන් ඉතාම ශුභ අයුරින් පිහිටා ඇත.

● තවද රාහු ග්‍රහයා මේ සියලු ග්‍රහයන්ගේ සියලුම බලය ප්‍රචාරණය කිරීමට මනා සහයෝගයක් ලබාදේ. කුජට අයත් නිර්භීත බව, සෙනසුරුට අයත් ජනහිතකාමි බව, ගුරුට අයත් ප්‍රඥාවන්තගතිය, ගුණයහපත් ගතිය, සිකුරුට අයත් ශෝභමාන බව, බුධට අයත් කථිකත්වය මේ සියලූම ගුණාංග මහජනයා අතරට ගෙන යන්නේ රාහු ග්‍රහයාය.
එනම් රාහු ග්‍රහයා මනුෂ්‍යා ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත් කරයි. අද ජනසන්නිවේදන මාධ්‍ය වලින් නිතරම මාතෘකා වන අප රටේ සමහර දේශපාලකයන්ට මේ ග්‍රහයාගේ බලවත්කමක් ඇති බව සිතිය හැකිය. මේ අය කරන සමහර කරුණු කාරණා නිසා එක්රැයකින් ජනතාව අතර විශාල ප්‍රසිද්ධියක් ලබා ගනී.

* මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ගැන යම් සත්‍ය හෝ අසත්‍ය හේතු මත මාධ්‍ය එතුමාට වටකර පහර දෙද්දී එතුමා එක්තරා අවස්ථාවක හලාවත මුන්නේෂ්වරම් කෝවිලට ගොස් කුකුලන්, එළුවන් සහ මරණයට බිලිදීමට සූදානම් කර තිබූ වසු පැටවුන් 1500ක් නිදහස් කොටගෙන ආ පුවතද ජනමාධ්‍ය තුල ඉතාම බලවත් ආකාරයට කතා බහට බඳුන්විය. අවිහිංසාවාදය පරම පවිත්‍රව සිතන අප ජෞතිෂ්‍යය සේවය මෙම සතුන් නිදහස් කිරීම දකින්නේ, එතුමා කරගත් උතුම් වූ පුණ්‍ය කර්මයක් ලෙසය. මර්වින් ඇමතිතුමාටද රාහුගේ සුබ අසුබ බලපෑම් ඇති බව අනුමාන කරමු. මන්ද එතුමන්ලාගෙ හඳහන් අප සතුව නැති බැවිනි.

* සමස්තයක් වශයෙන් සඳහන් කරන කල, දේශපාලන ක්ෂෙත්‍රයට මෙම ග්‍රහයන්ගේ මනා සංකලනය උවමනා බව සිහිපත් කල යුතුය. මෙම තත්වය තේරුම් නොගෙන දේශපාලන පොරපිටියට බැසීම, තම ධනය, කාලය, ශ්‍රමය අපතේ යාමක් විය හැකි බව කිව යුතුය.

ඉදිරියෙදි දේශපාලන ක්ෂෙත්‍රයට ඒමට බලාපොරොත්තු වීමෙන් සිටින අය මෙම ග්‍රහ යෝග තව ජන්ම පත්‍ර වල තිබේදැයි සැකහැර දැන ගැන පැමිණීමෙන් ඔවුන්ගේ තීරණ යහපත් ආකාරයට හසුරුවා ගත හැක. මෙම ලිපිය දේශපාලකයන්, දේශපාලකයන් ලගින් ඇසුරු කරන ඔවුන්ගේ හිතවතුන්, දුවාදරුවන් සහ අනාගතයේදි දේශපාලන ක්සෙත්‍රයට ඒමට බලාපොරොත්තු වී සිටින අයටද වැදගත් විය හැකි බව සඳහන් කරමු.

Iru Astrology

No comments:

Post a Comment