Friday, October 4, 2019

“ දිව්‍ය සැප ලැබෙන මුතු කුඩ පූජාව “



මුතු කුඩයක් මිලදී ගෙන පූජා කරනවාට වඩා, තමන් විසින් සාමාන්‍ය කුඩයක් මිලදී ගෙන, හිත පහදවාගෙන, බුද්ධ - ධම්ම - සංඝ ත්‍රිවිධරත්නයට පූජා කිරීම පිණිස සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස, විශේෂයෙන් ධාතු කරඩුව වඩම්ම වීම පිණිස කැපවීමෙන් තමන් විසින්ම අලංකාරවත් කර සඟ සතුකොට පූජා කරන්නේ නම් මහත්ඵල මහානිසංස වෙයි.

- විශේෂයෙන් කිව යුත්තේ, පෙර ආත්ම භව වල කරන ලද අකුසල්, මේ ජිවිතයෙදි අපල දෝෂ ලෙස පැමිණි විට අපද යෝජනා කරන ශාන්ති කර්මයකි මුතු කුඩ පූජාව. අපට පෙර කරන ලද කර්මයන් වෙනස් කල නොහැක. කල යුතු සහ කල හැකි දෙය නම් බුද්ධිමත්ව පින් දහම් කිරීමය.

- එහිදී වඩාත් වැදගත් වන්නේ, සම්බුදු සසුන සහ බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහිලා මෙම පූජාව සිහි කිරීමය.
තමන්ම වැඩ දමා අලංකාරවත් කර පූජා කරන්නේ නම් ඉතාම අගනේය !!!

 ⭕ මුතු කුඩ පූජාවේ මූලික ආනිසංසය නම් දිව්‍ය සැප ලැබීමය !

තවද, පොතපතේ සදහන් පරිදි, මුතු කුඩ පූජාවෙන්,

1. ශීතලෙන් පීඩා නොලැබීම.
2. තම ශරීරයෙහි කුණු නොඇලීම.
3. උපද්‍රව අඩු වීම.
4. හැම කල්හි අන්‍යයන් විසින් ගරැ බුහුමන් ලැබීම.
5. සියුම් වූ සමක් ඇතිවීම.
6. සිත පිරිසිදු වීම.
7. ඌෂ්ණයෙන් පීඩා නොලැබීම.
8. බොහෝ විචිත්‍ර කුඩ ලැබීම.

 යනාදි ආනිසංස ලැබේ.

සිත පහදවාගෙන, නුවණින් සිතා නිවන පිණිස හේතු වාසනා වන්නට අධිෂ්ඨාන කර මෙවන් පින්කම් සිදු කරන්න.
එසේ සිදු කර එම සියලු පින්, සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ! අනුමෝදන් කරන්න.

සම්මා සම්බුදු සරණයි !


#ඉරුසේවය

No comments:

Post a Comment