Monday, January 28, 2019

කතා මැද කතා.

අප දන්නා,  නෝනා කෙනෙක් සිටිනවා මාලදිවයිනෙ. ඇය එහි තම සැමියා සමග දූපතක පවත්වාගෙන යනවා ඉහල ගණයේ අවන්හලක්. එය එහි ප්‍රසිද්ධ ස්ථානයක්. ඇය එම අවන්හල අරඹන සියලු කටයුතු පාහේ කලේ අපගේ උපදෙස් මතයි. සියලු ජ්‍යොතිෂ්‍යය සහ වාස්තු උපදේශ අප විසින් ලබාදුන්නා එය අරඹන අවස්ථාවේ.
පසුකාලීනව ව්‍යාපාරය බොහෝ දියුණු උනා. ඇය වතාවන් කීපයක් ලංකාවට ආවත්, අපට කතා කලේවත් නැහැ.
●  ටිකෙන් ටික ඇය ජ්‍යොතිෂ්‍ය යනාදි සේවාවන් දුරකථනයෙන් පමණක් කරගන්නට කටයුතු කලා. පෙර පැවති සබැදියාව දුරස්ව ඇය වෙනම ආගන්තුක කෙනෙක් පමණක් උනා. අප කරන්නේ සේවයන් ලබාදිම නිසා ගැටළුවක් උනේ නැහැ. පසුව ඇය ලංකාවට පැමිණ කල යුතු එක්තරා ශාන්ති කර්මයක් මාලදිවයිනේ සිට කල යුතු බව අපට දැන්වූවා. අප විසින් දන්වා සිටියේ ඇය උපන් භූමියේ එය කල යුතු බවයි. එසේ නොකර එහි ඵල නැති බවද අප පැවසුවා. ඇය පැවසුවේ ඇයට ඕන පරිදි කල යුතු බවයි. අප කිසිවෙකුට උවමනා පරිදි ශාන්ති කර්ම යෝජනා කරන්නේ නැහැ, අප කරන්නේ කල යුතු පරිදි බව අප ප්‍රකාශ කලා.

● ඇය එයින් අප හා අමනාප වූවා. ඉන්පසුව අප සේවය ගත්තේ නැහැ. මාස 8කට පමණ පෙර ලංකාවෙ එකතරා ප්‍රසිද්ධ වෙමින් පවතින ජ්‍යොතිර්වේදියෙකුව ඇය විසින් සියලු පිරිවැය දරා ඇයගෙ මාලදිවයිනේ අවන්හලට ගෙන්වාගෙන තිබුනා. අපට ආරංචි පරිදි එම තැනැත්තාට මිලියන කීපයක් එම කටයුතු වෙනුවෙන් ලබාදි තිබෙනවා. මාස 2-3ක් යනවිට ඇයගේ ව්‍යාපාර බොහොම පාඩු ලබන තත්වයට පැමිණ ඇත. අර තරම මුදලක් ගෙවලත් එම කටයුතු නිසියාකාරව කරගෙන නැහැ. ඇයගෙ සහෝදරයා මේ ලගදි කතා කර එම විස්තරය සහ නැවත අයට අපගේ සේවය අවශ්‍ය බව කියූවත්, අප කිසිවක් කීවේ නැහැ. පෙර කී ජ්‍යොතිර්වේදියාගේ ඇඩ් එකක් ෆේස්බුක් හරහා දර්ශනය වූ නිසාද අපට මේවා මතක් උනා. ඔහු පින්තුර පවා ගෙන ඇත්තේ තමන්ගේ මහානීය තත්වයන් පෙන්වන්නටයි. නමුත් කරන්නේ වෙන දෙයකි.

●  ලංකාවෙ බහුතර මිනිසුන් කැමති, වැඩියෙන් ප්‍රදර්ශනය කරන Show එකට කරන වැඩටය. යම් දේශපාලකයෙක්, පෝසතෙක් පන්සල්, දේවාල, පල්ලි යනාදියට යනවා නම් ඔහු හොද කෙනෙක් කියා හිතනවා. ඒ විතරක් නෙමෙයි දෙවිවරු, ධර්මය පවා එහෙම අයට ආශිර්වාද කරන බව හිතනවා. ඒත් ඇත්තම කතාව එවන් චරිත වැජඹෙන්නේ තමන්ගේ පින සහ කැපවීම ( උපක්‍රමශීලිව) මතයි. බොහෝවිට කිසිදු දෙවි කෙනෙකු එවන් චරිත වලට ආශිර්වාද කරන්නේ නැහැ. නමුත් යම් යම් දේවල් දීලා භූත, ප්‍රේත, අසුර/යක්ෂ වගේ අයගේ සහය ගන්න පුලුවන්. පහත් අමනුෂ්‍ය ආත්ම රැවටෙනවා වගේම, ඒවා ස්ථිර නැහැ. දෝෂ බොහෝමයි.

- ලංකාවෙ බහුතරය කැමති ආකාරය කෙසේ වුවද, ඉදිරියේදි බොහෝමයක් දේවාල වලට සෙනග යෑම අඩු වෙන තත්වයක් ඇති වෙනවා. එය එසේ වන්නේ සැබෑ තත්වයන් ජනතාවට අවබෝධ වීමෙන්. නැතිව දෙවියන්ට අඩුවක් වීමෙන් නෙමෙයි. දෙවිවරු දේවාල වල නැහැ. එන්නෙත් කලාතුරකින්. දේවාල වලට අරක්ගෙන ඉන්නේ, විවිධාකාර භූත - ප්‍රේත - අසුර/ යක්ෂ සහ දේවාල වල කපු මහතුන්. බොහෝමයක් කපු මහතුන්ද දැන් සීලයක් රකින්නේ නැහැ. එයම ඔවුන්ගේ විනාශයට හේතු වෙනවා.

No comments:

Post a Comment