Thursday, January 3, 2019

2019 වසර ලග්න 12ට කොහොමද ?

පොදු පලාපලයකි !

* පොදුවේ 2019 වසර සියලුදෙනාටම යහපත් වන අතර, රටට - ජනතාවට වඩා සුභදායි කාලයක ඇරඹුම සනිටුහන් කරන කාලයක් වනු ඇත. විශේෂයෙන් මේතාක් කාලයක් යහපත්ව, සිලවත්ව අන් අයට උදව් කරමින් ජිවිතය ගත කල බොහෝදෙනාට වඩා හොඳ කාලයක් උදාවන අතර, අයහපත්ව - වැරදි - අපරාධ කරමින් ජිවත් වූ බොහෝදෙනෙක්ට අකුසල විපාක විඳීමට සිදුවන වර්ෂයක්ද වනු ඇත. බොහෝ දේශපාලකයන්ටද තම අකුසල කර්ම විපාක ඵල දෙන වසරකි.
මේ සියල්ල තමන්ගේ කේන්දරය - කර්ම ශක්තිය අනුව වෙනස් අනුව තීරණය වෙයි.

ලග්න 12ට පොදුවේ !


-
● මේෂ
පොදුවේ යහපත් වසරකි.
ආර්ථික තත්වය යහපත් වන්නටත් කරන කටයුතු වඩා හොදින් කරගෙන යාමටත් හැකියාව ලැබෙන කාලයකි. ඉගෙනීම් කටයුතු වලට තරමක බාධා තිබෙන නිසා ඒවා මගහැරගෙන ජිවිතය ගනෙ ආ යුතුය. ආර්ථිකය සම්බන්ධ කටයුතු වලදි වඩා විමසිලිමත් වන්න.
පෙම් සබදතා වලටද සුබ නමුත් තරමක් බාධා, රැවටීම් ආදිය සිදුවිය හැකි නිසා බුද්ධිමත් වන්න.

-
● වෘෂභ
පොදුවේ ශුභාශුභ 2ම තිබෙන වසරකි.
අෂ්ටම ඒරාෂ්ටකයද ගත වන බැවින් තරමක් බුද්ධිමත්ව කටයුතු කල යුතුය. ආර්ථික තත්වය අයහපත් නොවුනද වියදම් අධික විය හැකි නිසා සැලකිලිමත් වන්න. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලට වඩාත් කැපවීමෙන් යොමුවන්න.
අනවශ්‍ය මත ගැටුම් ආදිය පෙම සම්බන්ධව නොයෙදීමට වග බලා ගන්න. වෙනදාට වඩා යහපත් කාලයක් පවුල් ජිවිතයේ ඇතිවනු ඇත.

-
● මිථුන
පොදුවේ ශුභාශුභ 2ම සහිතය.
දැඩි කැපවීමකින් උත්සහයකින් කටයුතු කිරීම තුල ජය ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. ඒ ගැන සිතා කටයුතු කරන්න. හදිසි ලාභ, ව්‍යාපාර වල ජය යනාදියටත් වාසනාව තිබෙන කාලයකි. රැකියා සම්බන්ධයනේද තරමක් යහපත්ය. ඉගෙනීම් කටයුතු වලට සුභ කාලයකි. දරුවන්ට වඩා හොදයි.
හොද අවබෝධයකින් යුතුව කටයුතු කර ප්‍රේමය - ආදරය - පවුල් ජිවිතය යන දෑ වල දියුණුවක් අපේක්ෂා කල හැක. කෙසේ වුවද මනා ඉවසීමකුත් අත්‍යාවශ්‍ය වෙයි.

-
● කටක
පොදුවේ වැඩියෙන් ශුභ ඵල අපේක්ෂා කල හැක.
යහපත් කාලයක් ගත වන්නට හේතු කාරණා පහල වෙයි, විශේෂයෙන් අන් අයගේ උදව් උපකාර ලැබෙන්නට වාසනාව පවති. රැකියා - ව්‍යාපාර දියුණුව අපේක්ෂා කල හැක. අධ්‍යාපන කටයුතු වලට සුබයි, නමුත් ඒරාෂ්ටක අපල ගත වන අය ඒවාට නිසි පිලියම් කල යුතුමය. ආර්ථිකය තරමක් යහපත් වෙයි.
ප්‍රේමය - ආදරය සම්බන්ධව යහපත් කාලයකි. ඉවසිලිවන්තව - අවබෝධයෙන් යුතුව කරන ආදර සබදතා වලට හොදයි. කටක අයට පොදුවේ යහපත් වන්නෙ තමන්ට වඩා වයසින් වැඩි, බොහෝ පරිණත, ඉතා සෙනෙහෙවන්තව තමන්ව රැක බලා ගන්නා කෙනෙකු වන අතර, එවන් අය සමග බුද්ධියෙන් සහ නිසි ඉවසීමෙන් කටයුතු කරන්නට වග බලා ගන්න.

-
● සිංහ
ශුභාශුභ 2ම පොදුවේ තිබෙන කාලයකි.
සතුරු කරදර බාධක ජයගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙන කාලයකි. ආර්ථිකය දියුණු කරගැනීමටත්, ව්‍යාපාර වල ජය මෙන්ම දේපල - ඉඩකඩම් යනාදියේ උරුමයන් ලැබීමටත් වාසනාව පවති. තමන් ඇසුරු කරන අය ගැන සැලකිලිමත් වන්න. බාධක පැවතියද ඒවා අකාමකා කටයුතු කලොත් ඒවා තුලින්ද ජයග්‍රහණ හිමිවනු ඇත.
වඩා යහපත් මංගල යෝජනා ඇතිවන්නට හේතු තිබේ. වසර මැද සිට එම කටයුතු වලට වඩා හොදයි. පොදුවේ සිංහ ලග්න අයගේ ස්ථිරසාර ගති නිසා ආදරයන් සුරැකේ. එම කටයුතු සතුටින් කරන්නට හැකියාව ලැබෙන කාලයකි.


-
● කන්‍යා
පොදුවේ ශුභදායි වසරකි.
ආර්ථිකය මෙන්ම රැකියා සහ ව්‍යාපාර කටයුතුද දියුණු වන කාලයකි. මනා කැපවීමෙන් කටයුතු කිරීම තුල වසර අවසානයෙදි බොහෝ දියුණුවක් අපේක්ෂා කල හැක. වියදම් අධික වන්නට හේතු ඇති නිසා ඒ ගැනද සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු වලට හොද කාලයකි. වෙනදාට වඩා ඒ ගැන සිත් පහල වෙයි. අතමිට සරු වෙයි, තරමක ලාභද ලැබෙනු ඇත.
ආදරය - ප්‍රේමය සම්බන්ධ කටයුතු වලටද සුබයි. විනෝදයෙන් සතුටින් කාලය ගෙවන්නට හැකියාව ඇති වන කාලයකි. වඩා යහපත් කාලයකි.

-
● තුලා
වැඩියෙන් සුභ ඵල අපේක්ෂා කල හැක.
කරන කටයුතු සාර්ථක කරගැනීමටද, අතපසු වූ කටයුතු මුල සිට පිලිවෙලට කිරීමටද හැකියාව ලැබෙන කාලයකි. ආර්ථිකය වඩා යහපත් වන්නට හේතු වන්නේ, අනුමානයට කරන කටයුතු වලනි. විශේෂයෙන් තුලා ලග්න බොහෝ දෙනෙක් ව්‍යාපාර කරන බැවින් ව්‍යාපාර වලින්ද දියුනුවක් අපේක්ෂිතය.  ඉගෙනීම් කටයුතු වලටද යහපත් කාලයකි. වෙනදාට වඩා බුද්ධිමත් කටයුතු කිරීමටත්, ඉවසිලිවන්වත කටයුතු කිරීමටත් හැකියාව ලැබෙන කාලයකි.
තරමක බාධාකාරි තත්වයක් පවුල් ජිවිතයට මෙන්ම ආදර - ප්‍රේමයට අදාලව මුල් කාලයේ තිබෙනු ඇත. පසුව එය ක්‍රමිකව සහනදායි තත්වයකට එළඹෙනු ඇත.

-
● වෘශ්චික
පොදුවේ වඩා ශුභදායි වසරකි.
කරන කියන කටයුතු සිතන පතන අයුරින් සාර්ථක කරගැනීමට බොහෝ ඉඩ තිබෙන කාලයකි. ආර්ථික තත්වය වැඩි දියුණු වෙයි. රැකියා - ව්‍යාපාර යනාදිය හොදින් කරගෙන යාමටත්, උසස් වීම්, දියුණුව යනාදියත් අපේක්ෂා කරන්නට හැකිවනු ඇත.
අධ්‍යාපන කටයුතු වලදීද වඩාත් හොද ප්‍රතිඵල අපේක්ෂා කල හැක. ඈලි මැලි ගති නැතිවි ඒ ගැන සිත පිහිටුවා ගෙන අධ්‍යාපන කටයුතු කරන්නට හැකියාව ලැබෙන කාලයකි.
පරණ ආදර සබදතාවයන් යලි ඇති වීමට හෝ තිබෙන සබදතාවයක් තහවුරු වන්නටත් හේතු පවති. කෙසේ කොහොමට උවද වඩාත් හොද වාසනාවන්ත කාලයක් මේ සම්බන්ධව ඇතිවන කාලයකි.

-
● ධනු
පොදුවේ සුභ ඵල වැඩියෙන් ලැබේ.
බාධා තිබුනද තමන්ගේ කටයුතු මනාව කරගෙන යාමට හැකියාව ලැබෙන කාලයකි. බොහෝ කාර්යයන් කිරීමටද, ඒවා නිසි ලෙස කිරීම තුලින් අන් අයගේ ප්‍රශංසාවට බදුන් වීමටද, ඒ තුල දියුණුව  අපේක්ෂා කිරීමටද හැකියාව ඇත. ආර්ථිකය යහපත් වෙයි. අතමිට සරු වුවද වියදම ගැනද ඉතාම සැලකිලිමත් විය යුතු බව අවධාරණය කල යුතුමය.
අධ්‍යාපනයටද සුබ කාලයකි. වෙනදාට වඩා බුද්ධිමත්ව එම කටයුතු කරන්නට හැකියාව ලැබෙනු ඇත. ඒවායේ ජයග්‍රහණ ලැබෙන්නටද හේතු වාසනාව පවති.
ආදරය ප්‍රේමය යනාදියටද හොද කාලයකි. වෙනදාට වඩා මිතුරු - මිතුරියන් ඇසුරු කරන්නටද හැකියාව ලැබෙනු ඇත.

-
● මකර
පොදුවේ ශුභාශුභ මිශ්‍රඵලයි.
කටයුතු කිරීමේදි තරමක බාධාකාරි සිදුවිම් සිදු වුවද ඒවා ගැන අවබෝධයෙන් කටයුතු කර ජිවිතය දියුණු කරගන්නට කයුතු කරන්න. අන් අය සමග කරන කටයුතු වලදී විමසිලිමත් වන්න.
රැකියා ව්‍යාපාර යනාදියේ දියුණුව අපේක්ෂා කල හැක. මිල මුදල් ලැබේ, නොසිතු ධනය ලැබෙන්නටද තරමක ඉඩක් පවති. ලැබෙන මුදල් ගැන අවබෝධයෙන් යුතුව වියදම් පාර්ශවය ගැනද හොද අවබෝධයකින් කටයුතු කරන්න.
ඉගෙනීමට හොද කාලයකි. නව මාර්ග ඔස්සේ එම කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
ආදරය - ප්‍රේමය යනාදියට හොද කාලයකි. වෙනදාට වඩා ආදරය ලැබෙන්නට, විඳින්නට වාසනාව ලැබෙන කාලයකි. කෙසේ වුවද ඉවසිලි වන්ත වීම මකර ලග්න අයට අනිවාර්ය වෙයි.

-
● කුම්භ
ශුභ ඵල වැඩි වසරකි.
තමන් සිතූ පැතූ ජයග්‍රහණ හෝ ලාභ ලැබෙන්නට හැකියාව පවතින කාලයකි. විශේෂයෙන් රැකියාවේ උසස් වීම් ආදියට හේතු කාරනා යෙදෙනු ඇත. වෙනදාට වඩා කැපවීම තුල සිත සතුටින් තම කාර්යයන් කිරීම තුලද වෙනදාට වඩා ජවයක් තිබෙන කාලයකි.
රැකියාව - ව්‍යාපාරය දියුණු වෙයි. බාධක තිබුනද ඒවා මැඩගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙන කාලයකි. ව්‍යාපාර - හවුල් ව්‍යාපාර යනාදියට හොදයි.
ඉගෙනීම් කටයුතු වලටද වඩා හොද කාලයකි. ඒවායේ දියුණුව අපේක්ෂා කරන්නට හැකියාව ඇත.
ආදර - ප්‍රේමය යනාදි කටයුතු වලදී සිත සතුටින් කුල්මත් වන්නට අවස්ථා යෙදන්නට ඉඩ තිබේ. මංගල යෝග උදාවෙයි. සබදතාවයන් තහවුරු වෙයි.

-
● මීන
ශුභදායි වසරකි.
අන් අයගේ ගරුත්වයට පාත්‍ර වන වසරකි. විශේසයෙන් මෙතෙක් කල හොද වැඩ වලට යහපත් විපාක ලැබෙන කාලයකි. තම ගරුත්වය රැකගත් මීන ලග්න දේශපාලකයන්ට දසතින් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත. අරඹන කටයුතු වල දියුණුව ලැබේ. කරගෙන ආ කටයුතු මනාව කරගෙන යන්නට හැකියාව ලැබෙනු ඇත.
රැකියාව - ව්‍යාපාරය දියුණු කරග්නනට හැකියාව ඇත. හදිසි ලාභ, හදිසි ධනලාභ මෙන්ම අතමිටට මුදල් ලැබෙන්නට බොහෝ කාරණා ඇති වෙයි. මුදල් වියදම් කලත් යමක් ඉතිරි වෙයි.
ඉගෙනීමේ කටයුතු වලටද හොද කාලයකි. තම කාලය මනා ඵලදායිව එම කටයුතු වලට යොදවන්නට හැකියාව ලැබෙනු ඇත. ඒවායේ ජයග්‍රහණ අපේක්ෂා කල හැක.
ආදර - ප්‍රේමය සමබන්ධවද යහපත් කාලයකි. මෙතෙක් පැවති බාධා දුරු වනු ඇත. සිතට සහනය ලැබෙන කාලයකි. මංගල යෝග උදා වෙයි.

--

#ඉරු

irusewaya@gmail.com


-

No comments:

Post a Comment