Wednesday, March 13, 2019

“ තිරුපති සහ තුලාභාර දානය “

මෑතකදී වත්මන් අගමැතිවරයා විසින් තුලාභාර දානය, තිරුපති දේවාලයේදී සිදු කර ඇති පින්තූරයක් දුටුවෙමු.
● තිරුපති දේවාලය මූලිකව විෂ්ණු දෙවියන්ට කැපවී ඇති අතර, ලොව පවතින ජනප්‍රියම විෂ්ණු දේවාලය එය වෙයි.

● ලංකාවේ මෙන්ම බොහෝ රට වල දේශපාලකයන් - ව්‍යාපාරිකයන් මෙම තිරුපති වැඳ පුදා ගන්නට පැමිණෙති.
- තමන්ගේ බරට රන් - රිදී ආදිය ලබාදීමෙන් ප්‍රාර්ථනා කරන පැතුමක් ඉටු වන බව මෙහි ඇති විශ්වාසයකි..

● 2015 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම පූජාව සිදු කර ඇත. බොහෝමයක් ඇති හැකි අය කරන දෙයකි.

● මෙම පූජාව අත්‍යාවශ්‍යද ? සැබවින්ම “ නැත “

- මෙම දානය හෝ දේවාලයකට යම් දෙයක් ලබාදීම දේවාලයේ පැවැත්ම මෙන්ම ඒවා පත්වාගෙන යන අයට වටිනාකම් දෙයි. ඒ හැර දෙවිවරු ඒවාට ආශාවෙන් ලෝභයෙන් සිටින්නේ නැත.
- මෙවන් දේට කැමති වන්නේ භූත - ප්‍රේත, අසුර, බහිරව, පිසාච ආදි පහත් අමනුෂ්‍ය ආත්මය. එයට හේතුව, ඔවුන්ගේ බුද්ධිය අවම මට්ටමක පැවතීමය. උසස් මනසක් ඇති දෙවිවරු එසේ නොවෙති.
( සරලව කිව්වොත්, දෙවියන්ට කියා දේවල් ගෙන පැවැත්ම තහවුරු කරගන්නා අය විසින් දෙවිවරුන් කියා මවා පා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නා අතර, දෙවිවරු ඒවා දෙස බලන්නේවත් නැත)

● ජනතාව ගැන නොදන්නා, නිසි ලෙස ජනතාවට සේවා කරන්නට හැකියාව තිබියදී නොකරන සහ නොකල දේශපාලකයන් විසින් තමන් ලග සිටින මුග්ධ අය විසින් එවන් වැඩ වලට යොමු කිරීම සැබවින්ම කණගාටුවට කරුණකි !

#ඉරු

No comments:

Post a Comment