Wednesday, August 21, 2019

කළු කුමාර දෝෂයට !






කළු කුමාර දෝෂයට, මූලිකව රතන කම්බිලි, කළු කම්බිලි දෙවිවරුන්ට පින් දිය යුතුය. ඔවුන් සිටින්නෙ කතරගම දෙවියන්ගේ සේනාවේය. බෝධි පුජාවක් වැනි පිනක් සිදුකර එම දෙවිවරුන්ට එම පින් අනුමෝදන් කර දෝෂ තත්වය පහව යන්නට අධිෂ්ඨාන කරන්න.

● බොහෝ ආගමික, සාමාජීය මෙන්ම රට රටවල් අතරද වැඩිවිය පැමිණුනු පසුව ගැහැණු දරුවන්ට බැල්ම හෙලන යක්ෂයෙක් ගැන කියවෙයි. මෙම යක්ෂ කොට්ඨාශය බැල්ම හෙලන්නේ නැත්නම් ආඝ්‍රාණය කරන්නේ වැඩිවිය පැමිණුනු ගැහැණු දරුවන්ගේ සුවඳටය. කෙසේ වුවද වැඩිවිය පැමිණ කාලයකට පසුව වුවද මෙම බලපෑම ඇතිවිය හැක.
මෙහිදී සිදුවන්නේ, ගැහැණු දරුවාගේ වැඩෙන ශරීරයට එම කළු කුමාර යක්ෂයාගේ විෂම කිරණ එල්ල වීමත්, එනිසාම සිරුරේ විවිධාකාර වෙනස්කම්(සිරුර කෙට්ටු වීම යනාදි) මෙන්ම මානසිකවද ගැටළු ඇති වීමය. නිතර බිය ගැනීම, අපහසුතා දැනීම යනාදිය මින් ප්‍රධාන වෙයි.

● මෙවන් දේට මුහුණ පෑමට, පෙර අකුසල කර්ම, පාප කර්ම මෙන්ම ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග වල අනිටු විපාක යනාදිය නිසා සිදු වෙයි. සෑමදෙනාටම එසේ නොවන්නේ එනිසාය. ඉතින් කර්ම ශක්තිය දුර්වල නම් කරදර වෙන්න පුලුවන්. කලින් සංසාරේ අපි කරගත්ත දේවල් අපි මේ ජිවිතයෙදි දන්නෙත් නැහැ නේද ?

ඉතින් මෙවන් අවස්ථාවක අප කුමක් කල යුතුද ???

- මේවාට විසදුම් බොහෝ අය ලග විවිධාකාර වශයෙන් ඇත. ඒවාට විවිධාකාරව කැපවීම ආර්ථික අතින් පවා කල යුතුය. කෙසේ වුවද ඒවායින් සියල්ලම සාර්ථක වෙන්නේද නැත. ඒවා හරි හෝ වැරදි කියා අප නොකියමු.

⭕ දෙවිවරුන් විසින් මේ ලොව පාලනය කරයි. එහිදී කර්ම ශක්තියටද ඉතා වැදගත් තැනක් හිමි වේ. මේ ලොව අදටත් පවතින්නේ දේව මණ්ඩලය නිසාමය. සක් දෙවියන් ප්‍රමුඛ, සතරවරම් දෙවිවරු රකින රට - ලෝකය මේ තත්වයෙන් හෝ තිබෙන්නෙ එනිසාය.
දේව මණ්ඩලයේ බලවත් යක්ෂයන්ගෙන් උවදුරු ඇතිවිට ඒවා සමනයට මූලිකව උදව් ගත හැකි දෙවිවරු කීපයක් වෙති. එවන් දෙවිවරුන්ට යක්ෂ සම්භවයක් මෙන්ම ඒවායේ අත්දැකීම්ද ඇත.

- කම්බිලි දෙවිවරු මෙතනදී ඉතා වැදගත් වෙයි. කම්බිලි දෙවිවරු වනාහි අපගේ අංගම්පොර ශාස්ත්‍රය රැකදෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා ශක්තිමත්, පාංශු දේහධාරි ( අදටද නිසි කුසලයට සහිත නම්, අධිෂ්ඨානයෙන් භාවනාවෙන් මෙය දත හැක) අය වෙති. මැරකම දන්නා අය වෙති. ඊට විරුද්ධව කටයුතු කල හැකි අය වෙති.

⭕ අප ඔබට යෝජනා කරන්නේ, යම් දරුවෙක්ට කළු කුමාර යක්ෂයාගේ බලපෑම එල්ල වී ඇත්නම්, නිසි පින්කමක් කරන ලෙසය.
එනම් බෝධි පූජා පිංකමක් වුවද යහපත්ය. අවම වශයෙන් දින 7ක්වත් කල යුතු අතර, බදාදා - සෙනසුරාදා දින අනිවාර්යෙන්ම කල යුතුය.
එසේ කර, පින් අනුමෝදන් කරන අවස්ථාවේදී,

⭕ මුලින්ම මෙම පින් කතරගම දෙවියන්ට අනුමෝදන් කල යුතුය. ඇයි ?
* රත්න කම්බිලි සහ කළු කම්බිලි දෙවිවරු සිටින්නේ කතරගම දෙවියන්ගේ සේනාවේය.

⭕ ඊටපසුව රත්න කම්බිලි, කළු කම්බිලි දෙවිවරුන්ට මේ පින් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. එසේම සියලු දෙවිවරුන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට මේ පින් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න !!!

⭕ මේ පින් කුසල් බෙලෙන් මගේ දරුවාට, අපට තිබෙන මෙම දෝෂය ඇතුළු සියලු දෝෂ දුරු වී යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරන්න !!!


#ඉරු #ඉරුඅගෝ2019 #කළුකුමාර #කුමාර #කලුකුමාර #kalukumara #kumara #iru #lka #evilspirits

No comments:

Post a Comment