Monday, April 13, 2015

අවුරුදු නැකත හැමදේටම හොදද ?

ජ්‍යොතිෂ්‍යය කටයුතු වල පැය 24ම නියැලෙන අප හට එහි හොද සේම යම් අඩුපාඩුද පෙනෙනවා. මා මේ ඔබට සදහන් කරන්නට යන්නේ, අද සමාජයේ සමහර අය අවුරුදු නැකතටම තවත් නැකැත් වර්ග පටලවා ගනිති. 
උදාහරණයක් විදියට කුඩා දරුවෙකුට ඉදුල් කටගෑමට, එසේම නව නිවසේ පදිංචි විමට එසේ නැත්නම් අලුත් රැකියාවක් භාර ගැනීමට අවුරුදු නැකත යොදාගන්නට කටයුතු කරති.

එහි බරපතල වැරැද්දක් ඇත. අලුත් අවුරුද්දකට කිරි ඉතිරිවීම හැරුණු විට වෙනත් නැකත් වලට එනම් ගනුදෙනු කිරිමේ ආදි නැකැත් වලට පොදුවේ නැකැත් වේලාවල් දුන්නද ඒවා අනුවම කටයුතු කිරිමට පෞද්ගලිකව අපගේ නම් එතරම් කැමැත්තක් නැත.
● ඊට හේතුව -  අපි හිතමු අවුරුදු ගනුදෙනු නැකැත් වෙලාව(පොදුවේ)ට මම ගනුදෙනු කෙරුවාය කියල. 
ඒ තත්කාල ග්‍රහචාරයේ මගේ ලග්නයට ලග්නාධිපතියා දුර්වල වෙලා හෝ එසේත් නොමැති නම් ධනය ගැන කියන ධනස්ථානාධිපති, එසේම ලැබීම ගැන පෙන්වන 11ස්ථානාධිපතියා දුර්වල වෙලා 6, 8 , 12 භාවයන් වල නරක නැකැත් වල ගමන් කරයි නම් තත්කාල ග්‍රහචාරයේ මගේ ලග්නයට සදු දුර්වල නම් මට එම ගනුදෙනු කිරිමෙන් නව වසර තුල දියුණුවක් ජයග්‍රහණයක් ලබාගත හැකිද ?

* සමහරවිට සමහර වසර වලදී ආර්ථික පැත්තෙන් බිංදුවට වැටි සමහරුන්ට හතේ හත වදින්නෙ ඔන්න එවැනි ප්‍රශ්න නිසාය. එමනිසා අප කල්පනා කල යුතු වන්නේ නැකැත් වර්ග කෙසේ දුන්නත් අපිට හරියට නැකත අපිම හදාගත යුතු බව අපගේ ප්‍රබල නිගමනයයි.

මහරවිට මෙම ලිපිය බලා සමහර ජ්‍යොතිෂ්‍ය බක පණ්ඩිතයන් වෙනත් මත ඉදිරිපත් කල හැකිය. නමුත් ඒවා සත්‍යය නොව‍ෙ. මෙය සත්‍යය වන බව අපට විශ්වාසයි.
එම නැකැත් හොද උනාට අපට ගැලපෙන්නේ නැත.

* උදාහරණයකට සිතමු, රෙදි සාප්පුවක නානාවිධ අලංකාර ඇගලුම් ආයිත්තම් තිබෙනවා. ඒවා කෙතරම් මිලාධික වුවත් අලංකාර වුවත් අපේ ඇගේ මිම්මට ගැලපෙන්නේ නැත්නම් ඒවායින් අපට ප්‍රයෝජනයක් නෑ නේද ?
නැකැත් කාණ්ඩත් අන්න ඒ ආකාරයෙන්ම සැලකිය යුතු වේ. අපට නොගැලපේ නම් ඒවායින් අපට ප්‍රයෝජනයක් නැත.

* මේ ගැන බුද්ධිමත්ව ඔබ කල්පනා කර බලන්න. සූර්යයා මීන රාශියෙන් මේෂයට සංක්‍රමණය විමෙන් අලුත් අවුරුද්ද උදාවන අතර මෙහිදි ප්‍රබල ග්‍රහමය සංසරණයක් සිදුවේ. ආදරණීය ඔබටත් මෙම අලුත් අවුරුද්ද වාසනාවන්ත වීමට ඔබට පුලුවන්කම තිබෙනවා නම් ඔබගේ කේන්දරයට ගැලපෙන විදියට නැකැත් සාදවා ගන්නට එය ඉතාම වාසනාවන්ත තත්වයක් වේවි.

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment