Thursday, November 27, 2014

ඔබ නොදන්න දේශපාලන යෝග

දේශපාලනය, දේශපාලකයින්ගේ විවිධාකාර ක්‍රියාකාරකම් ගැන කියවෙන, කතා කරන මෙවැනි කාලයක් නැති තරම්ය.
සෑම මනුෂ්‍යයෙක්ම දේශපාලන සත්වයෙක් බව ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් පවසා ඇත.
එසේ නම්, දේශපාලනයේ හිණි පෙත්තට යෑමට හෝ දේශපාලනයේ යම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට නම් පුද්ගලයෙක්ට එම යෝග බලයන් අත්‍යාවශ්‍යය වේ.

●  දේශපාලන බලය දෙන ප්‍රබලම ග්‍රහ තාරකාව ශනි හෙවත් සෙනසුරුය.
* ශනි යනු මහජනතාව නියෝජනය කරන්නාය.
* එසේම පංච පුරුෂ යෝග වලින් 1ක් වන කුජ හෙවත් අඟහරු නිසා ඇතිවන  “රුචක යෝගයද“(හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිණියටද හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටද තිබේ),
ශනිට අදාල “සස යෝගයද“(හිටපු ජනාධිපති ප්‍රේමදාසයන්ට තිබුනි) බලවත්ම රාජ යෝග වේ.
එසේම මීට අමතරව, ප්‍රසිද්ධිය අවශ්‍ය වේ.

● ප්‍රසිද්ධිය නැත්නම්, දේශපාලනයේ යම් යම් කඩඉම් පසුකිරීමට නොහැකිය. එම දේශපාලන කටයුතු වලට අවශ්‍ය ජන ප්‍රසාදය, ප්‍රසිද්ධිය ලබාදෙන්නේ “රාහු“ ග්‍රහයාය.
මෙම රාහු ග්‍රහයා ප්‍රසිද්ධිය ලබාදෙන සුවිශේෂි ග්‍රහයෙකි.
● එසේම සිකුරු බලවත් වීමෙන් සියලුම ජනී ජනයා අතර පුද්ගලයා ජනප්‍රිය වේ. එයද අවශ්‍යම කාරණාවකි.

● දේශපාලකයෙකුට අවශ්‍යම වන තවත් කාරණයක් නම් ‘මුඛරි භාවය“යි. මේ මුඛරි භාවය දෙන්නේ බුධ ග්‍රහයාය. බුධ ග්‍රහයා බලවත්ව පිහිටිමෙන් ජනතාව අතරත්, මනාව ජනතාවට කතා කිරීමට එසේම පාර්ලිමේන්තුව තුල, ජන සභා තුල මාධ්‍ය ආයතන වල පවතින විවාද උදාහරණයක් වශයෙන් “රතු ඉර, වාද පිටිය, ජනහඬ, සටන “ වැනි වැඩසටහන් වලදී තමන්ගේ මතය තර්කානුකූලව ඉදිරිපත් කිරීමට මෙය සුවිශේෂි පිහිටිමකි.

●  රවි - බුධ යන ග්‍රහයන් 2ම එකතුම 11 වැන්නේ හෝ 2 වැන්නේ හෝ 1 වැන්නේ පිහිටිම වැනි දෑ දේශපාලකයින්ට ඉතාම යෝග්‍යම යෝග වේ. (රවි - බුධ යෝගයක් 3 වැන්නෙ තිබේ)
මෙවැනි අයත් සමග කතා කරලම දිනන්නට බැරිය.

● එසේම ගුරු/බ්‍රහස්පතී ග්‍රහයාගෙන් පුද්ගලයාගේ පෞරුෂය වර්ධනය වේ. (ගුරු ග්‍රහයා බලවත්වීමෙන් උදාවූ ‘ගුරු හංස ‘ නම් රාජ යෝගය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට තිබුනි)
පෞරුෂයට ආභරණයක් ගුරුගෙන් ලැබේ. සියලුම ජනතාව අසවලා හොදයි යනුවෙන් පවසයි.
මේ ආකාරයෙන් බැලු කල විවිධ මෙවන් තවත් ග්‍රහයෝග ඇත.

ඒවාද ඉඩ ලැබෙන ලැබෙන විට ඉදිරිපත් කරමු !

ඔබද ඔබගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ දරුවන්ටද මෙම යෝග ඇත්නම් කවදා හෝ දිනක මේ ශ්‍රී ලංකාවේ මෙම පදවි වලට එනම් ජනාධිපති, අගමැති, මැති ඇමති, මන්ත්‍රී ධූර වලට පත්වෙනු ඇත.
සොයා බලන්න.
Next President කොහෙන්ද කියල...

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment