Monday, November 24, 2014

සතියේ ලග්න පලාපලය - (නොවැ.24සිට)

●  මේෂ
මේ සතිය ශුභදායකයි.
බලවත්වූ ග්‍රහ ප්‍රතිරෝධයන් මධ්‍යයේ ආර්ථික තත්වයේ සුභදායි වෙනසක් ඇති කරගැනීමට පුලුවන්.
එමෙන්ම ඔබට යම් විදියක නොසිතූ ධනලාභද ලැබීමේ වාසනාව ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර දීර්ඝ ගමන් බිමන් යෙදේ. සමහරවිට පවුලේ සාමාජිකයන් සමග පිටපලාත් වල යෑමට සිදුවනු ඇත.
සෞඛ්‍ය ආබාධ ගැන වැඩිපුර නොසිතන්න. අසාත්මිකතා ගැන පරික්ෂා කරගන්න.

● වෘෂභ
ඔබට සතිය සමඵලයි.
ආදායම් මාර්ග වලට යම් යම් අවහිරතා මතුවේ. එසේම කොටස්කරුවන් සමග විරුද්ධවාදිකම් ඇතිවේ. එසේම ලැබීමට නියමිත මුදල් නොලැබී යාමට පුලුවන.
ගෘහ ජිවිතයේ යම් යම් වෙනස්කම් ඇතිවේ. එම වෙනස්කම යම් යම් ආවේග, තීන්දු තීරණ නිසා වෙයි.
ආවේග පාලනය කරන්න. රණ්ඩු සරුවල් වලට පැටලීමට ඉඩ ඇත. එසේම වෘෂභ ලග්නයේ තරුණ දුවා පුතුන් ප්‍රවේසම් වන්න, බයිසිකල් පදින අය ප්‍රවේසම් වන්න.

●  මිථුන
ශුභ සතියකි.
සතිය ආරම්භයේ යම් යම් ගැටළු පැවතියද සතිය මැදදී ආර්ථික වාසි මෙන්ම ධනෝපායන මාර්ග ඇතිවේ. එසේම නව සංකල්ප ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික වාසි ඇතිවිමට පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, අඹුසැමියන් අතරේ යහපත් සම්බන්ධකම් ඇතිවේ. මෙම කාලය මිථුන ලග්නයේ ඔබට කාමාශාව බලවත් වන බැවින් නිතර නිතර අඹුසැමි ආශ්‍රය උවමනා වේ. ඔවුන් අතර ප්‍රීතිය සමාදානය වර්ධනය වේ.
විශේෂ සෞඛ්‍ය ගැටළු නැත, උදරාබාධ ගැන පරිස්සම් වන්න.

●  කටක
මේ සතියේදි යම් යම් ගැටළුකාරි තත්ව වලට මුහුණ පෑමට සිදුවේ.
ආර්ථික අවහිරතා මෙන්ම, ණය තුරුස් වලින් පීඩා විඳිම හෝ දුන් ණය මුදල් නොලැබීමට ඉඩ තිබේ. එසේම විරුද්ධවාදින් සමග ගැටළු ඇතිවිමට පුලුවන. එයිනුදු ආර්ථික අවාසි සිදුවිමට යම් හැකියාවක් ඇත.
ගෘහ ජිවිතය තුල යම්කිසි වෙනස්කම් නැතත් ආර්ථික අවාසි සහ පාඩු නිසා ඔබට කිසියම් ආකාරයක මනස්තාපයක්, පසුතැවිමක් ඇතිවිමට ඉඩ තිබේ. කණගාටු නොවි සිටින්න. මෙම පාඩු ඊලග සතියෙදි ඔබගෙන් මගහැරී යයි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම්, සෙම් අමාරු එසේම යම් යම් උදරාබාධ, අජීර්ණ රෝග ඇතිවිමට හැකියාව පවති.

●  සිංහ
ඉතාම ශුභදායක වේ.
තමන්ගේ උත්සහය හා කැපවීම මූලික වීමෙන් ආර්ථික තත්වය යහපත් කරගැනිමට මේ සතිය ඉවහල් වේ. තවද ආර්ථික තත්වය සහ මුදල් සම්බන්ධ ව්‍යාපාරික කටයුතු වලදී ඉතා තද තීරණ ගැනීමට මේ සතියේදි බොහෝදුරට හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල විශේෂ වෙනස්කම්, සිද්ධින් නොමැති වුවත් නිවස තුල රැඳී සිටීම අඩුවිමට පුලුවන. කාර්යබහුල වේ. තමාගේ දරුවන් ජයග්‍රහණ ලබාගනී. එසේම ඔබට දුරබැහැර ප්‍රදේශ වලට යාමට සිදුවේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළුවක් නොමැති වුවත් මානසික විඩාව සහ ආතතිය ඇතිවිමට පුලුවන.

●  කන්‍යා
ඔබට මේ සතිය ඉතාම අශුභදායකයි.
විශේෂයෙන්ම ආර්ථික අවාසි සහගත තත්ව ඇතිවේ. තමා වැඩ කරන ආයතනයේ හෝ ව්‍යාපාරයේ කොටස්කරුවන් සේවකයන් තමා සමග උරණ වීමට ඉඩ ඇත. එයින් ආර්ථික ආවාසි සිදුවනවා සේම, තමාගේ සුවච කීකරු ගෝලබාලයන් තමා හැරදා යයි. ඔබ රැකියාවක් කරන්නෙක් නම්, රැකියාව ආරක්ෂා කරගැනිම වටිනවා. ඔබගේ රැකියාව අහිමිවී යාමේ ලකුණු පෙන්වනවා.
ගෘහ ජිවිතය තුල දැඩි මානසික ආතතියක් ඇතිවිමේ අවදානමක් පවතිනවා. ගෙදර දොරේ සාමාජිකයන් සමග කලහකිරිමට පෙළඹෙනවා. සිත අසතුටින් පිරෙන නිසා මෛත්‍රි භාවනාව සුදුසුයි. ලබන සතිය වනවිට මෙ අපල මගහැරි යනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම අමාරු, රෝග පීඩා මෙන්ම රාහු ලග්නගතව සිටින නිසා කලබල විම සහ මානසික ආතතිය ඇතිවිය හැක, ආරක්ෂා වන්න.

●  තුලා
මේ සතිය හොඳයි.
තිබූ ආර්ථික අවහිරතා අවම වේ. එසේම ගැටළු සහගත තත්වයන් නැතිවේ. ආර්ථික දියුණුව ඇතිවෙනවා සේම උත්සහයෙන් උනන්දුවෙන් ඔබගේ ආදායම වැඩි දියුණු කරගැනීමට පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, සහෝදර සහෝදරියන්ගේ පැමිණීම සහ ඔවුන්ගේ උදව් උපකාර ලැබීම නියමයි.
පාදවල අමාරු සහ උගුරේ සෙම් ආසාදන සෞඛ්‍ය ගැටළු වශයෙන් දැක්විය හැක. පරිස්සම් වන්න.

●  වෘශ්චික
මේ සතිය ශුභයි.
තමාගේ දැඩි කැපවීම දියුණුවට හේතු වෙනව. ආර්ථික වාසි හිමිවෙනව. වෙළදාම් කරන අයට හොදයි. විදේශ රැකියාවල නියුතු අයට ඉතාම ශුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, වන්දනාමාන කටයුතු වලට හොදයි. ගැටළුවක් නෑ.
සෙම් අමාරු ගැන පරිස්සම් වන්න.

●  ධනු
මේ සතිය ශුභයි.
කර්මාන්ත කරන අයට සහ ව්‍යාපාරිකයන්ට හොද කාලයක්. තමාගේ දියුණුවට ආධාර උපකාර ලැබෙනවා, ආර්ථික වාසි හිමිවෙනව. එමෙන්ම වියදම ගැන යම්කිසි ප්‍රවේසමක් ඇතිකරගන්න. එයින් ඔබ ආරක්ෂා වෙනව.
ගෘහ ජිවිතය තුල ඔබ සාර්ථකයි. ඔබටද අඹුසැමි ආශ්‍රය වැඩියෙන් උවමනා කරන සතියක්. ඔබගේ සහකරුවා සහකාරිය සමග විනෝදවීම ලැබෙනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ. නමුත් අසාත්මිකතා සහ ලේකෝපවීමේ රෝග ඇත්නම් පරිස්සම් වන්න.

●  මකර
මිශ්‍රඵලයි.
සතියේ මුල් කොටසෙදි වියදම් පැත්ත අධික වේ. එසේම ඔබට එමගින් ආර්ථික ස්ථාවරත්වය නැතිවේ. ඒ ගැන පරිස්සම් විය යුතුයි. ආදායම් තත්ව වැඩි දියුණු කරගැනිමට උනන්දු වන්න.
ගෘහ ජිවිතය තුල ඔබ තරමක් කලහකාරි ආකාරයට හැසිරිමට පුලුවන්. පවුලේ සමගිය ආරක්සා කරගන්න.
ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන්න. රථවාහන ගමනාගමනේ යෙදෙන ඔබ පරිස්සම් වන්න. මකර ලග්නයේ අපේ තරුණ කොල්ලො කෙල්ලෝ මෝටර් සයිකල් පදිනව නම් සැලකිල්ලෙන් පදින්න.

●  කුම්භ
ඉතාම ශුභයි.
ඔබට දියුණුව ලැබෙනවා. දියුණුව ලගා වෙනව. පටන්ගත් යම් යම් වැඩ කටයුතු නිසා ඔබගේ ආර්ථික වාසි ඇතිවෙනව. එසේම ඔබට බොහෝසෙයින්ම වාසනාවන්ත කාලයක්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. පවුලේ දියුණුවට යම් යම් කටයුතු ඉටු කරනවා. ඔබටද ඔබගේ සහකරුගේ සහකාරියගේ ආදරය තදින් අවශ්‍ය වන සතියක්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත.

●  මීන
ඔබට මේ සතිය ඉතාම ශුභයි.
ආර්ථික වාසි හිමි වෙනවා සේම, නව රැකියා අවස්ථා නිසා ආදායම ලැබෙනව. එසේම තමාගේ කටයුතු සාර්ථක වෙනව. ශුභදායක සතියක් ආර්ථික වශයෙන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වනව. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටු වන්න පුලුවන්. එසේම පිටපලාත්වල සංචාරය කල හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත් ඔබගේ නිදන්ගත රෝග ඇත්නම් ඒවා පාලනයට යොමුවන්න.












No comments:

Post a Comment