Wednesday, November 19, 2014

සමහර ළමුන් අකීකරු වන්නේ ඇයි ?

ජෝතිර්වේදියෙක් හැටියට, මා හට ඇති අත්දැකීම් නම් ඒ සම්බන්ධව අතිමහත්ය.
සමහර වෙලාවල් වලට දෙමාපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ලැබෙන මැසිවිලි ඒ තරමටම වැඩිය.

ඒ අය කුමක් කියනවාදැයි ඔබ දන්නවාද

“ මහත්තයෝ අපේ පුතා හරි හිතුවක්කාරයි. කියන දෙයක් අහන්නේ නෑ. ඒවගේම තමයි හැමවෙලාවෙම රස්තියාදුව. පාඩම් කරන්නෙ නෑ. රණ්ඩුවට එනව. එකට එක කියනව. මේ ආදි මැසිවිලිය. එවිට මා පවසන්නේ කුමක්ද එය දැන් ඔබට කියන්නම්.

හිතුවක්කාර වයස අප දකින්නෙ 14 සිට 18 දක්වාය.

* මෙම වයසේ ළමයින්ට අයහපත් ආකාරයට බලපාන්නේ එම දරුවන් ඒ අවස්ථාවෙදි ගත කරන මහ දසා අනුදශා පිලිවෙලටය.

* එවැනි ළමුන්ගේ කේන්දර සටහන් වල ඇති, අයහපත් ග්‍රහ දෘෂ්ඨි සමග අයහපත් ග්‍රහ බලපෑම් මේවා වලට ඉවහල් වේ.
නමුත් මූලික වශයෙන් ඒ අවස්ථාවෙදි ගත කරන ග්‍රහ මහ දසාද හේතු වේ.

පින්තූරයේ දැක්වෙන කේන්දර සටහන අයිති දරුවා මකර ලග්නය ජන්ම ලග්නය වී ඉපිද ඇත.

●  අවුරුදු 14, 15 වනවිට නරක තැනක සිටින කුජගේ මහ දසාව ලබනවා නම්,
* එසේම රාහුගේ මහ දසාව ලබනවා නම්,
* පාපපීඩිත සිකුරුගේ මහ දසාව ලබනවා නම් ඒ දරුවා හිතුවක්කාර වේ.
* ඒ ළමයින්ට ඉගෙනීම වහ වගේය. කියන දේ අහන්නේ නැත. කෙතරම් දක්ෂයෙක් වුවත් ඉගෙනීම ගැන උවමනාවක්, අවශ්‍යතාවක් නැත.
ඒ තරම ප්‍රබල අපලකාරි බලපෑම් ඇත.

* මෙවන් අවස්ථා වලදී දෙමාපියන් ඉවසීමෙන් කටයුතු කල යුතුය. කලබල වී දරුවන්ට දඬුවම් නොකර, මෛත්‍රිෙයන් යුතුව සාමකාමිව දරුවන් සමග සුහදශීලිව කටයුතු කල යුතුය.

*දරුවන්ට තමන්ගේ ඇති ආදරය දැනෙන්ට කටයුතු කල යුතුය.

* එසේම අදාල අපල වලට නියම කරන ලද ශාන්ති කර්ම සේම, බෝධි පූජා තැබීම, අසරණ අයට, අසරණ සතුන්ට ආහාර වේල් දීම, රාහුගේ අපල නම් විශේෂයෙන් මානසික අක්‍රමිකතා ඇති අයට ආහාර වේල් දීම ආදිය කල යුතුය.

ඔබගේ දරුවන්ගෙත් මෙවන් තත්ව ඇත්දැයි බලන්න.

#ඉරු පර්යේෂණාත්මක ලිපියකි.

No comments:

Post a Comment