Sunday, November 2, 2014

සතියේ ලග්න පලාපලය ! (නොවැ 3 සිට)

අති සුවිශේෂී ග්‍රහ සංක්‍රාන්තියක් වන ශනීශ්වරයාණන්ගේ තුලා රාශියේ සිට වෘශ්චික රාශියට සංක්‍රාන්තිය සිද්ධ වන මෙම සතියේ පලාපලය සඳුගේ ගමනට අමතරව, ශනිගේ ගමනත් මුල් කරගෙන පලාපල සැකසීමට අප ප්‍රමුඛත්වය දුන්නෙමු.
එසේ නම් පහත සදහන් පලාපලය ඔබගේ ලග්නය හා කෙතරම් දුරට සමාන වන්නේද විමසිලිමත් වන්න.

●  මේෂ
ඔබට මේ සතිය තුල යම් පසුබැසීමේ තත්වයක් පෙන්වයි.
ආර්ථික තත්වය එහෙම් පිටින්ම කඩා වැටෙන්නට ඉඩ ඇත. එසේ වන්නේ ඔබට නියමානුකූල කළමනාකාරිත්වයක් නැති බැවිනි. එසේම සතියේ පලමු දින කිහිපය තුල සෞඛ්‍ය තත්වයේ වෙනස්කම් නිසා ආදායම් තත්ව වලට තරමක මරු පහරක් එල්ල වේ.
එයත් සමග සටන් කර ඔබ දිනනවාද යන්න කල්පනා කර බලන්න.
ගෘහ ජිවිතය තුල කිසියම් ආකාරයක ගැටුම් ඇතිවිමට ඉඩ තිබේ. එසේම අඹුසැමියන් අතර සමගියේ කඩා වැටීම්ද එසේම ස්ථිර වී තිබු විවාහ මංගල යෝග අහිමි වීම්ද වෙයි. ඒ උනත් තමන්ට කරදර වන අනියම් සම්බන්ධකම් මතුවිමට ඉඩ තිබේ. ඒවායෙන් තමන්ට පීඩා වෙයි.
සෞඛ්‍ය තත්වය දුර්වලයි. නිදන්ගත රෝග යළි මතු වෙනවා සේම, හදිසි අනතුරු පීඩාද ඇතිවිමට ඉඩ ඇති විය හැක. පරිස්සම් වන්න. කුඩා දරුවන් ජලයෙන් සහ ගින්දරෙන් පරිස්සම් කරගන්න.

●  වෘෂභ
ඔබට නරක නැහැ.
ආදායම් තත්වය දියුණු වෙනව. කරන කියන කටයුතු සාර්ථක වෙනව. එසේම ස්ථිරසාර තීරණ නිසා තමන්ගේ ආදායම් තත්ව වැඩි දියුණු කරගැනිමේ වාසනාව සහ බලය ඔබට හිමිවෙනව. ඒවගේම තමයි, තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙනව. මොළය පාවිච්චි කරල කරන ව්‍යාපාරික කටයුතු වලින් ජය ලැබෙනව. හදිසි ධනලාභ පහත් වෙනව.
සෙනසුරු 7 වැන්නට ආපු මේ සතියෙදි ගෘහ ජිවිතයේ වෙනස්කම් ඇතිවෙන්න පුලුවන්. ඒවගේම තමයි, විවාහ මංගල යෝග වල යම්කිසි හොද නරක දෙපැත්තම තියෙනව. සෙනසුරු මහ දසා ගත කරන අය ගෙදර දොරේ කටයුතු වලදි පරිස්සම් වෙන්න.
සෞඛ්‍ය තත්වයේ ලේ කෝපවීම් සහ ආසාත්මිකතා ඇතිවෙයි. පරිස්සම් වෙන්න.

●  මිථුන
මේ ග්‍රහ මාරුව සිද්ධ වෙච්ච කාලයෙත් ඔබ ගොඩම තමයි.
ඇයි දන්නවද ? සෙනසුරු ආයෙත් සැරයක් ගියේ ලග්නයේ 6 වැන්නට. ආදායමට හිටපු සතුරෝ මර්දනය වෙනව. ඒ අය තමාගේ හතුරුකම නැති කරගන්නව. බ්‍රහස්පති/ගුරු චන්ද්‍රයට පේන නිසා ව්‍යාපාර කටයුතු කරන අයට හොදයි. අලුත් ආදායම් මාර්ග ලැබෙනව. බ්‍රෝකර් වැඩ කරන අයටත් හොදයි. හදිසි ධනලාභ පාත් වෙනව. ලොකු අවුලක් නෑ.
ගෙදර දොරේ කටයුතු සාර්ථක වෙනව. ඒවගේම උරුමහරුමකම් ලැබෙනව. තමන්ට ගෙදර දොරට අලුත් බඩුභාණ්ඩාදිය මිලදි ගන්න වාසනාව ලැබෙනව.
සෞඛ්‍ය තත්වයේ ඔය තුවාල ඒවගේම ඔපරේෂන් කරල ඉන්න අය පරිස්සම් වෙන්න. බඩේ අමාරු ගැන පරිස්සම් වෙන්න. මුත්‍රා ආසාදන වෙන්න පුලුවන්. පුංචි බබාලගේ මුත්‍රා වලින් ආසාදන ඇතිවෙන්න පුුලුවන්. විශේෂයෙන්ම ගෑණු දරුවන්ට. ඒවගේම සෙල්ලම් කරන වයසේ ඉන්න දරුවන්ට නොතේරී එක එක දේවල් කැවෙන්න පුලුවන් ඒවයින් පරිස්සම් වෙන්න.

●  කටක
ඉතාම හොදයි කියන්න පුලුවන්.
සෙනසුරු මාරුවත් එක්ක, සහ ලග්නාධිපතිගේ ගමනත් අනුව මේ සතිය හොදයි. පදිංචි ස්ථානවල තිබ්බ ප්‍රශ්න නිසා, ඒව ආදායම් මාර්ග වලටත් බලපෑවා පහුගිය කාලයේ. ඒත් දැන් ඒ තත්ව වෙනස් වෙලා හොද කාලයක් තමයි එන්නේ.
ගොඩක්ම උරුමහරුමකම් වලින් ආදායම් ලැබෙනව. දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබෙනව. ලොතරැයි දිනුම් ඇදෙන්න පුලුවන්. කොන්ත්‍රාත් කරන අයට වාසනාවන්ත කාලයක්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වේවි. වැඩිමල් දරුවන්ට අපල තියෙනව නම් මේ ග්‍රහ මාරුව එක්ක කේන්දරයන් ඒ දරුවන්ගෙ පරික්ෂාව හොදයි. ප්‍රබල ගැටළු නැති මේ සතිය ජය වෙන්න පතනවා !
සෞඛ්‍ය තත්වයේ මහා ලොකු නරක නැති උනාට. පපුවේ දැවිල්ල හා සෙම් අමාරු ඇතිවෙන්න පුලුවන්. කෑම විෂ වෙන එක ගැනත් බලාගන්න.

●  සිංහ
සතියේ මුල් දවස් 2-3 ඒතරම් හොද නෑ.
සෙනසුරු 4 වැන්නට ආපු නිසා පදිංචි ස්ථානයේ ගැටළු ඇතිවෙනව. ගෙදරින් යන්න තරම් දේවල් සිද්ධ වෙනව. සිංහ ලග්නයේ බොහෝ අය මේ සෙනසුරු මාරුව කිට්ටු වෙන නිසා තමාගේ ගෙදර දොරේ සාමාජිකයන් සමග කොක්ක ඇදගන්නව. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් පහුගිය කාල වලදී ගෙදර දොරේ අය සමග කොකු ඇද ගත්තත් මේ කාලයේ මේ ග්‍රහ මාරුව නිසා තමාගේ මව සමග ලොකුවටම කොක්ක ඇදගන්නව. රැකියා කරන අය තමාගේ රැකියා ගැන සැලකිල්ලෙන් ඉන්න. රැකියා අහිමි වෙන්න පුලුවන්. ඒ රැකියා ස්ථානයේ බාල්දි පෙරලගත්තොත්. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන - ආදායමට ප්‍රධාන බාධා මේවා. ගෘහ ජිවිතයටත් මම මේ කියපු කාරණා පොදුයි.
සෞඛ්‍ය තත්වයට දැඩි බලපෑමක් නැති උනාට ග්‍රැස්ට්‍රයිටිස් රෝගය සහ සෙම් අමාරු ගැන බලාගත යුතුය.

●  කන්‍යා
ඉතාම ශුභ සතියක් වෙන මේ සතියෙදි ලග්න ඒරාෂ්ටකය ඉවර වෙනව.
ඒනිසා කන්‍යා ලග්න අයගේ හොද කාලය පටන්ගත්තා කියන්න පුලුවන්. රජ කරන කාලයක් මේක. ඒනිසා විශේෂයෙන්ම විදේශ රැකියා වල නියුතු අයට තමන්ගේ ආදායම් මාර්ග ස්ථිර වෙලා මුදල් ලැබෙනව. ඒවගේම පිට පලාත් වල සංචාරය කරලා මුදල් ලබාගන්න පුලුවන්. උත්සහයෙන් හා උනන්දුවෙන් කරන සියලුම කටයුතු සාර්ථක වෙනව. ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. නමුත් අධික කාර්යබහුලකම නිසා පොඩි පොඩි අඩුපාඩුකම් සිද්ධ වේවි. ඒවගේම තමයි අවිවාහක අයට මංගල යෝගද මේ කාලයේ කලබල අස්සේ වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය විදියට මුත්‍රා අමාරු, උෂ්ණාධික රෝග සහ අවිවේකි ගතිය නිසා ඇතිවන මානසික රෝග දක්වන්න පුලුවන්.

●  තුලා
ඔබට මේ සතිය ඒ තරම් හොද නෑ.
ධන හානි වෙනව වගේම තැන්පත් ධනය නිකරුනේ වියදම් වෙනව. ඒවගේම තමන් බලපාන ප්‍රබල අපල උදෙසා යම් යම් දේවල් කරගන්න ඕන. හතුරු කරදර එන්න පුලුවන්. තමන්ට ලැබෙන්න තියෙන මුදල් තව කෙනෙක්ගේ වැඩපිලිවෙලක් නිසා අහිමි වෙන්න පුලුවන්. ආදායමට හොද මදි.
ගෘහ ජිවිතය ලොකු වරදක් නැහැ. සතිය මුල් කාලයේ ළමයින්ට අසනීප සහ අනවශ්‍ය වියදම් ඇතිවෙන්න පුලුවන්. ඒ මගින් දෙදෙනා අතර යම් සිත් බිදවීමක් ඇතිවෙන්න පුලුවන්. මේ කාලයේ ඉවසීමෙන් කටයුතු කරනව වගේම කට පරිස්සම් කරගන්නත් දැනගන්න.
සෞඛ්‍ය තත්වයට ප්‍රබල බලපෑම් නැහැ. නමුත් උෂ්ණාධික රෝග, දන්තාබාධ, හිසේ කැක්කුම්, ඉරුවාරදය වගේම කායික රෝග ගැන සැලකිලිමත් වන්න.

●  වෘශ්චික
මේ සතිය මධ්‍යස්ථ සතියක්.
සෙනසුරු ලග්නයට පැමිණීම නිසා ලැබෙන්න තිබු ආදායම් මාර්ග අවහිර වෙන්නට ඉඩ තිබේ. එමෙන්ම තමන්ගේ කටයුතු වලදි කම්මැලිකම සහ කුසීතකම තමන්ට අවාසි වෙයි. නමුත් ඒ දුෂ්කරතා මධ්‍යයේ තම උත්සහයෙන් යම් දෙයක් කරගන්නට පුලුවන.
ගෘහ ජිවිතය තරමක් ව්‍යාකූල වන්නේ අනවශ්‍ය වගකීම් කරදර නිසාය. එම ගැටළු ඉවත් කරගැනිම ඔබ අතේය. සෞඛ්‍ය තත්වය හිසේ කැක්කුම් සහ හන්දිපත් වේදනාව බෝවෙන ලෙඩ රෝග ඒ අතර වෙයි. පරිස්සම් වන්න.

●  ධනු
මේ සතිය එතරම් සුබයැයි කිව නොහැක.
එනම් ඒවා නීතිමය ප්‍රශ්න සහ මැදිහත් කරුවන්ගේ ප්‍රශ්ණ වෙලද ව්‍යාපාර වල ප්‍රශ්න ඒ අතර වෙයි. ධනු ලග්නයේ ඔබට ආයෝජන වලින් පාඩුවිය හැක. නැණවත්ව ආයෝජන කරන්න. මුදල් අතමාරු, ණයදීමෙන් වලකින්න.
ගෘහ ජිවිතය තරමක් ගැටළු සහගතයි. අඹුසැමියන් අතර සමගිය පවත්වාගෙන යන්න.
සෞඛය තත්වය අයහපත් වීමට පුලුවන්. ලෙඩ රෝග වලට නිසි ප්‍රතිකාර කරගන්න. කායික ලෙඩ රෝග ඇතිවෙන්න පුලුවන්. එසේම දුවන පනින දරුවන්ට අනතුරු සිද්ධ වෙන්න පුලුවන්.

●  මකර
මේ කාලය හොදයි.
පිටපලාත් වල කරන සංචාර වලින් මුදල් ලැබෙනවා සේම, විදේස රැකියා කරන අයටද හොදයි. ආදායම් මාර්ග ආරම්භ කරන අයට, ව්‍යාපාර ආරම්භ කරන් අයට මේ කාලය යහපත්ය. සියලුම ව්‍යාපාර වලින් සාර්ථකත්වය සේම භූමි ලාභද හිමියි.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගතවෙන අතර අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර වන අතර ප්‍රේම සබදතා වලට නිවසින් ආශිර්වාදය හිමිවනු ඇත. දරු සම්පත් ඇතිවෙයි.
සෞඛය තත්වයේ ප්‍රබල ගැටළු නැති අතර නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වෙන්න.

●  කුම්භ
මේ සතිය ඉතාම සුබයි.
සදුගේ ගමන අනුව, කරන කියන කටයුතු සාර්ථක වෙයි. එසේම අලුත් ආදායම් මාර්ග ඇතිවෙයි. විදේශ රැකියා කරන අයට වාසි සහගතයි. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත් සුභයි. දියුණුවට හිතමිත්‍රාදින්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් උදව් ලැබේ. හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. රැකියා කරන අය, රැකියා ස්ථානයෙදි කට පරිස්සම් කරගැනිම යහපත්ය. වෙන ගැටළු නැත.
සෞඛ්‍ය තත්වයේ උෂ්ණාධික රෝග, සෙම් අමාරු, සෙම් ගෙඩි වලින් පරිස්සම් වන්න.

●  මීන
ඉතාම හොදයි.
ආදායම් මාර්ග ඇතිවෙයි. පිට පලාත් වල වැඩ කටයුතු වලින් මුදල් ලැබෙනවා සේම, රැකියා කරන අයට උසස්වීම් ලැබේ. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයට අලුත් ආදායම් මාර්ග වලට අවතීර්ණ විය හැක. විදෙස් රැකියා කරන අයටද හොදයි. උරුමහරුමකම් ලැබේ. හොද කාලයක් උදාවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙන අතර, ස්වාමියාගෙන් බිරිදගෙන් ටිකක් ඈත්වි සිටිමට සිදුවන අතර එය ලොකුවට ගණන් ගත යුතු නැත. ආදායම් මාර්ගද හිමිවේ.
සෞඛ්‍ය තත්වය යහපත් වන අතර, අසනීප තිබුනු අයට එයින් සහනයක් ලැබේ. අසනීප අවම වේ. එමෙන්ම පසුගිය කාල වලදි මහා පරිමාණයෙන් බෙහෙත් වෙදකම් කල අයට ඉබේම වගේ ලෙඩ හොද වෙයි.














No comments:

Post a Comment