Wednesday, April 12, 2017

ජීවිතයේ හැටි, සැප - දුක 2ම තිබීමය...

ජීවිතයේ හැටි, සැප - දුක 2ම තිබීමය...
එය කාලෙන් කාලෙට, වෙලාවෙන් වෙලාවට වෙනස් වෙයි.
සතුට සහ දුක එක කාසියක දෙපැත්ත වගේය..
කල යුතු දේ වන්නේ සතුටේදි අසීමාන්තිකව සතුටු නොවිමත්, දුකේදී අසීමාන්තිකව දුක් නොවීමත්ය.
විශේෂ වශයෙන් දුකකදී, කරදරයකදි ඉවසිමෙන් කටයුතු කිරීම වටී. අපල කාල හෝ කරදර කාල වලදී බුද්ධිමත්ව කටයුතු කල යුතුමය.
එසේ නොවි දුකෙන් හිටියා කියා අපට ඇතිවන ප්‍රයෝජනයක් හෝ වාසියක් නැත.
සමහරු දරාගන්නට බැරිව සියදිවි හානිකර ගනිති. එය මහා පාපයකි. එවිට සිදුවන්නේ අද ගෙවන්නට තිබෙන අකුසල තවත් වැඩි වී ඊලග භවයකදීද ගෙවන්නට සිදුවීමයි.
එනිසා කුමන කරදර ආවද, ඉවසීමෙන් බුද්ධියෙන් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නට කටයුතු කරන්න..
බුදු සරණයි !

No comments:

Post a Comment