Friday, April 28, 2017

දුකට සැපට දෙකටම ග්‍රහයෝ


පෙර ආත්ම භව වල කරන ලද කුසල් කර්මද මෙම ජිවිතයේ කරන කුසල කර්මද, තමන්ගේ ධෛර්යය යනාදිය  මතද ජවිතය හැඩ ගැසේ.  කෙනෙකු ජිවිතයේ ඉහලම තත්වයට ජිවත් වන අතර, තවත් කෙනෙක් ජිවිතයේ කරදර දුක් ගැහැට මැද ජිවත් වේ. මිනිසෙකුගේ විවාහ ජිවිතයටද පෙර කි පරිදිම කුසල - අකුසල කර්ම සෑහෙන්නට බලපායි.

( මේ සියලු කරුණු පාඨකයාගේ වටහා ගැනීමේ පහසුව පිණිස දළ වශයෙන් යොදා ඇත. මේ කරුණු නිශ්චිතව කීමට සූක්ෂමව පරික්ෂා කිරීම අනිවාර්ය වෙයි)

 උපත ලබන කාලයෙදී විවාහ වන කාලය නිශ්චිතවම මෙය යැයි තීරණය කල නොහැක.
● යම් අවස්ථා වල දශාව සහ ග්‍රහ ගෝචරය අනුව එය වෙනස් වීමට ඉඩ ඇත.
● දැරියකගේ මල්වර පල අනුවත් එය වෙනස් විමට ඉඩ ඇත.
 
● පොදුවේ කෙනෙක් උපත ලබන අවස්ථාවෙදි කුජ/අඟහරු ග්‍රහයා 1, 2, 7, 8 යන ස්ථාන වල සිටියෙ නම් ඔහු හෝ  ඇයට ආදරය - ප්‍රේමය සම්බන්ධ හැඟීම් දැනීම් තරුණ  වයසට පෙර සිට ඇති වන්නට ඉඩ වැඩිය.

● කුජ ග්‍රහයා  කේන්ද්‍රයේ 4, 10, 12 යන ස්ථාන වල  සිටින්නේ නම් තරුණ වයස ආරම්භයෙදි  විවාහය ගැන උනන්දු උවත් සමහරවිට විවාහය පේනතෙක් මානයේවත් නැත. කුජ ග්‍රහයා මංගල කටයුතු වලට මූලික ග්‍රහයෙකි. නමුත් කුජ ග්‍රහයා විවාහයට තදබල ලෙස බාධා ඇති කරන දශාවන්නේ වන රාහු- කේතු- රවි-ශනිය. මේ ග්‍රහයන්ගේ මහ දසා මෙන්ම අතුරු දසාද බලපායි.

● කුජ ග්‍රහයා 1, 2, 7, 8 යන ස්ථාන වල සිටිමෙන් බොහෝ දෙනෙක්ගේ විවාහය සිදුවන්නේ අවු. 30 පසුව වීමට ඉඩ ඇත. තවත් සමහරෙක් විවාහ නොවි සිටිමටද ඉඩ ඇත.

●● මෙවැනි දෝෂ තිබියදීද ඉක්මන් විවාහ සිදුවන අවස්ථාද ඇත. බොහෝවිට පෙර කී දශාවන් සහ ගෝචර ග්‍රහ ගමනේදි වෙනස්වීම මත සිදුවේ. එවන් අවස්ථා වල පෙර පින් - පව් මත විවාහය සිදු වේ.

* දෙමාපියන්ගේ ග්‍රහචාරයද සුබ විම මෙයට බෙහෙවින් බලපායි.

● යම් අයෙකුගේ කේන්ද්‍ර සටහනට අනුව කුජ ග්‍රහයා 2 වැන්නේ සිට 8 වැන්නේ සිටින සඳු දකියිද ශනි මහ දසාව පවතින කාලයේ එම කේන්ද්‍ර හිමියාගේ සහකරුට/සහකාරිය දරුණු විපත් සිදු විමට ඉඩ ඇත.
- එවැනි අය මනා කේන්ද්‍ර පරික්ෂාවකින් පසුව විවාහය කරගත යුතුමය.
- එවැන් අය කේන්ද්‍ර 2 කේ ග්‍රහ ගැලපීම් වලට අමතරව දශා ගලපා ගැනිම අනිවාර්යෙන් කල යුතුය.
එවන් අයට පොදුවේ සදු, රාහු යන දශා ගත කරන අවස්ථා වල දෙදෙනාම වරදට පෙලඹීමටද ඉඩ ඇති  නිසා තමන්ටද කැලලක්ද ඇතිවීමට සිදුවිය හැක.
*  කේන්ද්‍ර පරික්ෂා වලදි ග්‍රහ දෘෂ්ටි ගැනද තවදුරටත් සැලකිලිමත් විය යුතුය.

● කුජ, සිකුරු ග්‍රහයින් 2,8 යන ස්ථාන වල සිටියදි විවාහය ටික කලකින් එපාවිමේ අවදානමක් අැත. සමහර අවස්ථා වල නොගැලපෙන විවාහද කර ගනි. එනිසාම ටික කලකින් විවාහය එපා විමට පුලුවන ශනි මහ දසාවන් ගත කරන අයට නීතිමය ප්‍රශ්න වලට මුහුණ දිමටද සිදුවනු ඇත.

● එමනිසා විවාහ වන තරුණ තරුණියන්ගේ කේන්ද්‍ර වල කුජ, රවි, සිකුරු සමග සංයෝගව ලග්න ගතව සිටිදැයි පරික්ෂා කර බැලිය යුතුය. එවැනි අය අතර නිතර අඩ දබර ඇති වීමට සිදුවිය හැක. නිතර තමන්ට විරුද්ධ පාර්ශවය යටත් කරගැනිමට යාමේදි නිතර ගැටළු ප්‍රශ්න ඇති වේ. එවන් අයට ඉවසීමෙන් සහ බුද්ධියෙන් කටයුතු කල යුතුමය.

-


 #ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment