Monday, December 1, 2014

ග්‍රහ ලොව මව්තුමියගේ මහ දසාව - චන්ද්‍ර මහ දසාව - 1

ග්‍රහ ලොව සූර්යයා පියා නම්, මව වන්නේ චන්ද්‍රයාය. මෙම චන්ද්‍රයා අපට පෘථවියට අාසන්නවම පිහිටා තිබේ. ස්ත්‍රීකාරක ග්‍රහයෙකි. සිතුවිලි වලට අධිපතිකම දරනවා. එසේම කිරි, හිම, සීතල, මිරිදිය ජලය, මහා සමුද්‍රයට බලපාන ප්‍රධානම ග්‍රහ තාරකාව සඳු ග්‍රහයා වේ.

* යම්කිසි කෙනෙකුගේ සඳු බලවත්ව සිටීම මනා රූප සෝබාවක් ලැබීමට හේතුයි. මෙය විශේෂයෙන්ම කාන්තාවන්ට බලවත් විය යුතුම තත්වයකි. සඳු බලවත් පුරුෂ තෙම, ආගිය තැන ගරු සැලකිලි ලබන්නා සේම සුඛෝපභෝගී ජිවිතයකට හිමිකම් කියන අතර අලංකාර නිවාස ආදියේ වාසය කරයි.

* අප මේ කිව් ආකාරයට මේ චන්ද්‍රයාගේ මහ දශාව වසර 10කි.

* සඳුට දිග්බල ස්ථානය එනම් දිශා බල ස්ථානය 4වන භාවයයි.
එනම් දකුණු දිශාවට බලවත් වේ.

සඳු මහ දසාවේ පුද්ගලයාට ලැබෙන, ප්‍රතිඵල පලාපල කෙසේද යන්න අප විමසා බලමු.

● සඳු මහ දසාව වසර 10ක් වන අතර, සඳුට දිග්බල ස්ථානය එනම් දිශා බල ස්ථානය 4වන භාවයයි.
එසේම සමාජශීලිත්වය ඇතිව සමාජයේ ජනප්‍රිය වීමට මේ කාලය හොදයි.
ඒ ශුභ පල තව එක්දෙයක් කීමට අමතක උනා, ගර්භණී මව්වරුන්ට වාසනාවන්ත දුවණිවරුන්ගේ ලාභීත්වය මේ කාලයේදි සිදුවේ.

* මේ ආදි ශුභ ඵල ප්‍රදානය කරන චන්ද්‍රයා යම්කිසි කේන්දරයක අෂ්ටම(8) හෝ 6 වැන්න හෝ 12 වැන්නේ පාපපීඩිත නම් එම දශා කාලය පුද්ගලයාට බොහෝ පීඩාකාරි වේ.
කුඩා දරුවන් නම් ජලයෙන් අනතුරු ආදියෙන් අනතුරු ඇතිකරගනි. ආහාර විෂ වීම උදරාබාධ ඇති කරයි.
* එසේ සිටියදී සෙනසුරුගේ ඒරාෂ්ඨක අපලයක් චන්ද්‍රයා සමග බලපෑවොත් ආයුෂ කෙරෙහි බලපෑමක් ඇතිවිමටත් ඉඩ ඇත.
* සඳු නීච වූ අය, සඳු බලවත් නැති අය ඉතාම රුදුරු රෝෂ ගතිගුණ ආදියෙන් හෙබි අය වේ. මෙවන් අය සමග ජීවත් වීම බොහෝම කටුකම අත්දැකීමකි.

එසේ නම් සදු මහ දසාව මේ ආකාරයෙන් ගත වන බව අපගේ පාඨකයන්ට අකුරු කර දැක්වූවෙමු.
ඊලග දිනයක සඳු මහ දසාවේ අන්තර් දශා වල පොදු පලාපල ලබාදීමට බලාපොරොත්තු වෙමු.

___________







No comments:

Post a Comment