Monday, December 8, 2014

ග්‍රහ ලොව මව්තුමිය වන “ සඳු මහ දසාවේ පලාපල “ - 2 වන විස්තරය

වසර 10කට සීමා වන, සදුගේ මහ දසාව තුල කෙනෙකුට බලපාන ආකාරය මෙහෙමයි.

සඳු සිතිවිලි වලට අධිපති වෙයි.

* සඳු බලවත් වන්නේ 3 වැන්නට, 4 වැන්නට, 5 වැන්නට, 7 වැන්නට, 9 වැන්නට, 10, 11 භාව වලටය.

එසේ නම් බලවත් තැනක සිටින සඳු, බලවත් දේ බලවත් ප්‍රතිඵල ඇති කරයි.

● සඳු මහ දසාවේ සඳු  අතුරු දසාව - මාස 10කි.
එම මාස 10 ඇතුලත පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය දියුණු වේ. නැතිවුනු රැකියා, නව රැකියා ලැබේ. මුදල් යහමින් ලැබේ, ජනප්‍රිය වේ. නිවාස එසේම යාන වාහන ලැබේ.

● සඳු මහ දසාවේ  කුජ අතුරු දසාව - මාස 7
මේ මාස 7 කාලය තුල, නිවාස - භූමි ලාභ ලැබේ. එසේම නව ආදායම් මාර්ග හිමිවේ. විශේෂයෙන්ම ගත්කල, පතල් - මිනිරන් ආදි කර්මාන්ත කරන අයට වාසි සහගතයි. තමාගේ තීරණ නොපසුබටව ගනී.

● සඳු මහ දසාවේ රාහු අතුරු දසාව  - වසර 1 මාස 6
මේ කාලය තුල බලවත්ව සිටින සදු සහ රාහු ප්‍රසිද්ධ කරයි. හොද අයුරින් ප්‍රසිද්ධ කරයි. එසේම විදෙස් රැකියා ඇති කරයි. භූමිලාභ ඇති කරයි.

● සඳු මහ දසාවේ ගුරු අතුරු දසාව - අවු 1 මාස 4
ඉතාම ශුභ කාලයකි. මංගල යෝග උදාවේ. ඒවගේම දරු සම්පත් බලාපොරොත්තු වන අයට ඒ පැතුම් ඉටු කරගත හැක. තවද සැප සම්පත් නොඅඩුව ලැබෙනවා සේම සුඛෝපභෝගී ජිවිතයකට මග පෑදෙයි.

● සඳු මහ දසාවේ ශනි අතුරු දසාව - අවු 1 මාස 7
මෙම කාලයෙදි අසනීප ඇතිවේ. එසේම දුවාදරුවන්ටද අසනීප ඇතිවේ. රැකියා අහිමී වීමට පුලුවන්. සිත කරදරයෙන් පෙලේ. නරකම කාලයකි - ඒරාෂ්ඨක අපලයකට සමානයි.

● සඳු මහ දසාවේ  බුධ අතුරු දසාව - අවු 1 මාස 5
ඉගෙන ගැනීමට හොද කාලයකි. එසේම බුද්ධිය වර්ධනය වේ, තරග විභාග වලින් සමත් වේ. එසේම තමාගේ වැඩ කටයුතු සාර්ථක වේ. බුද්ධිමතුන්ගේ ඇසුර හිමිවේ. නිසි වයසේදී නම්, විවාහ මංගල යෝග ඇතිවේ.

● සඳු මහ දසාවේ  කේතු අතුරු දසාව - මාස 7
ලෙඩ රෝග වලින් කරදර ඇතිවේ. එසේම සිත දුකින් පිරේ. යම් ආකාරයකට කලකිරිම, නිවසින් බැහැරව සිටිමට සිත් පහල විම සිදුවේ. උප්පත්ති කේන්දරයේ කේතු බලවත් නම් භූමියෙන් වාසනාව මතුකර දෙයි.

● සඳු මහ දසාවේ සිකුරු අතුරු දසාව - අවු 1 මාස 8
ඉතාම ප්‍රීතියෙන් සිටිමට හැකි කාලයක්. අලංකාර යාන වාහන මෙන්ම සුවපහසු ජිවිතයට අවශ්‍ය සියලුම අංගෝපාංග ලැබේ. තමන්ගේ වැඩ කටයුතු ඉතාම යහපත්ව කෙරේ. විසේසයෙන්ම නව නිවාස ආදිය ලැබීමට හේතුය. සිත සතුටින් පිරේ, මංගල යෝග බහුල වන කාලයකි. නව පෙම් සබදතා ඇතිවේ.
විවාහ වූ අඹුසැමියන් අතර ඉතාම ප්‍රීතිය වැඩි දියුණු වන අතර, කාමාශාව වැඩියෙන් දැනෙන කාලයකි.

● සඳු මහ දසාවේ රවි අතුරු දසාව  - මාස 6
මේ කාලයෙදි සාමාන්‍ය පරිදි ගතවන අතර, තමාගේ පියාට සුභ කටයුතු ඇතිවේ. බලවත් තැනක රවි සිටියොත් එසේම වේ. තමාගේ කටයුතු සාමාන්‍ය පරිදි ගත කරගැනිමට පුලුවන් වන අතර, රවි කේන්දරස්ථානයක බලවත් නම් උසස් නිලතල ලැබේ.


No comments:

Post a Comment