Wednesday, December 24, 2014

ඔබටත් සැප සම්පත් යස ඉසුරු පිරුණු ජීවිතයක් හිමිවේද ?

මෙලොව ජීවත් වෙන සියලුම දෙනා ආශා කරන්නේ භෞතික සැප සම්පත් උපරිම ආකාරයෙන්ම වින්දනය කිරීමටය. එසේ නම්, ඒවා ගෙවල් දොරවල්, යාන-වාහන, ඉඩකඩම්, පිරිවර සැප සම්පත් එසේම පුරුෂයන්ට නම් ස්ත්‍රි සංගම්ද, ස්ත්‍රින්ට නම් පුරුෂ ආශ්‍ර ආදි එවැනි දේත් ඊට අදාල වේ.

වර්තමානයෙදි මෙම සැප සම්පත් උපරිම ආකාරයට විඳින්නේ අප රටේ දේශපාලකයන්ය. ඔවුන් කුමන තරාතිරමක කුමන පක්ෂයක සිටියත් මේවායින් අඩුවක් නම් නැත. ඔවුන් භාවිත කරන මෝටර් රථ 1කට වඩා තිබේ. ඒවායේ මිල දැක්වෙන්නෙ මිලියන ගණනිනි.
ඔවුන්ට රට පුරාම, සමහර ස්ථාන වල මහා මන්දිර ඇත. එසේම විවිධාකාරයට කම්සැප විඳිති. සමහර ව්‍යාපාරික අයටත් එවැනි විදියටම තිබේ. කෙසේ වෙතත් මෙවැනි තත්ව ඇතිවන්නේ, කිනම් ග්‍රහ බලයකින්දැයි සැකෙවින් විමසා බලමු.

* මෙම කේන්දරය දිහා බලන්න, ග්‍රහයන් බලවත් වෙලා තියෙන අයුර.

● යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයට අනුව චන්ද්‍රයා 5 සුභ දෘෂ්ඨි සහිතව සිටිම හදිසියේම ධනවත් වන පිහිටිමකි.
● ගුරු-සිකුරු යන ග්‍රහයන් ධනස්ථානයට බලවත්වීම,
එසේම ලග්නයට යෝගකාරක වී ධනස්ථානයේ බලවත්වීම ඉතාම ශුභ සෙත සලසන තත්වයකි.
● 5, 9 අධිපතියන් ශුභ ග්‍රහයන් වී කේන්ද්‍ර ගතවීම ලක්ෂ්මී යෝගය ලෙස හැදින්වේ. එවන් කේන්දර ඇති අයද ඉතාම බලවත් ආර්ථික තත්වයකට හිමිකම් කියයි.

● එසේම යම්කිසි කෙනෙකුගේ කේන්දර වල 4 වැන්නාධිපතියා, 11 වැන්නාධිපතියා සමග බලවත්වීම සුඛෝපභෝගී යාන වාහන ලැබෙන පිහිටිමකි.
එය විශේෂිතම තත්වයකි.
ඉහත කේන්දරය හිමි තැනැත්තා, එතරම් අධ්‍යාපන තත්වයක් ඇති කෙනෙකු නොවේ. ඔහුට පුද්ගලික ප්‍රවාහන ව්‍යාපාරයක් තිබුනි.

එය ඔහුට හිමිවූයේ, ඔහුගේ පියාගෙනි. එම කාලයෙදි ඉතාම අබලි වූ වාහනයක් තබාගෙන සිටිය ඔහු අද ප්‍රවාහන සමාගමක් පවත්වාගෙන යයි.
ඔහුගේ යටතේ සේවකයන් ඉතා විශාල ගණනක් සේවය කරයි. එසේ ඔහුට යාන වාහන ඉඩකඩම් සහ සියලුම භෞතික සැපසම්පත්ද වෙනත් ආර්ථික මාර්ගෝපායන්ද ඇත.
* එම කේන්දරයේ සිකුරු ග්‍රහයා, ගුරු ග්‍රහයා බලවත්වූ ආකාරය බලන්න.
එසේම කේන්දරයේ භූමි ලාභ ලබාදෙන අගහරුගේ බලවත්වීම බලන්න.

මීට අමතරව දුර්ලභවූ, වාසනාවන්ත වූ රාජ යෝග තත්වයන් ධන යෝග තත්වයන් ඇත. ඒවා ගැන අප ඉදිරියේදි සදහන් කරමු.

තෙරුවන් සරණයි !


No comments:

Post a Comment