Monday, December 29, 2014

සතියේ ලග්න පලාපලය (දෙසැ 30 සිට)

●  මේෂ
මේ සතිය ආරම්භ වන්නේ ඉතාම ශුභදායක සතියක් වශයෙනි.
ආර්ථික තත්වය ඉතාම යහපත් වේ. විශේෂයෙන්ම තමාගේ හොඳ නම නිසාත්, තමාගේ ප්‍රියමනාප භාවය නිසාත් බොහෝ වාසි ප්‍රයෝජන අත්වීමට පටන් ගනී. පිට පලාත් වල රැකියා කරන අයට ශුභයි.
අලුත් ලාභ ප්‍රයෝජන ඇතිවේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර, නිවසට නෑදෑ පිරිවර එයි. එසේම ප්‍රීති උත්සවයන්ගෙන් නිවස අලංකෘත වේ. එසේම නිවසට අලුත් බඩුබාහිරාදිය ලබාගැනිමට හොද කාලයකි.
තත්කාල ග්‍රහචාරයේ පිහිටිමේ හැටියට, ඔබට සෙම් අමාරු හැරුණු විට වෙනත් ගැටළු සහගත තත්වයක් නොපෙන්වයි.

● වෘෂභ
ඔබට මිශ්‍රඵලයි.
සතිය 30 වනදායින් දින 2-3කට ආර්ථික තත්වයේ කිසියම් චංචල භාවයක් තිබුනද පසුව එම තත්වය පාලනය වෙයි. ඒ කාලය තුල, ඇපයට අත්සන් කිරිම, මුදල් ණයට දිම්, ගැනීම් ආදියද නොකල යුතුය. එයින් පසුව ඔබට ආර්ථික වාසි බෙහෙවින්ම සැලසේ.
ගෘහ ජිවිතයට කිසිම අයහපත් බලපෑමක් නැත. විවාහ මංගල යෝග උදාවේ. එසේම ප්‍රේම සබදතා සඵල වේ. නිවසට නෑදෑ පිරිවර පැමිණීම සිදුවෙයි. අඹුසැමි ප්‍රේමය වැඩිවෙයි. කාමාශාව බලවත් වන කාලයකි.
රෝග පීඩා සම්බන්ධව ප්‍රබල ගැටළුවක් නොමැත.

● මිථුන
ඉතාම ශුභ සතියකි.
ඒ කෙසේද කියනවා නම්, නව වසර උදාවන්නේද ඔබට ධන යෝග උදා කරමින්ය. ධන ධාන්‍ය තත්වය වැඩිවි පවතින ආදායම් මාර්ග වැඩි දියුණු වේ. දියුණුවට අතහිත ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, තමා ජනප්‍රිය පුද්ගලයෙක් බවට සමාජයේ පත්වේ. ඔබගේ කීර්ති නාමය දසදෙස පැතිරී යයි. නව ඥාති සබදතා ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු සහගත තත්ව නොමැත.

● කටක
ඉතාම ශුභයි.
විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂෙත්‍රෙය් සහ ආනයන අපනයන, විදෙස් රැකියා, පුද්ගලික අංශයේ රැකියා කරන අයට ඉතා ශුභ සතියකි. කටක ලග්නයෙ දේශපාලනය කරන අයට මිලියන ගණන් මුදල් ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩුමුට්ටු මෙන්ම විදේශ ගමන් බිමන් යෙදේ. වැඩිහිටි අයට වන්දනා ගමන් යෙදේ. දන් පින් කිරීමට හේතු ඇතිවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැතත් පිත් සහ ආමාශ ගත රෝග ගැන සැලකිලිමත් වන්න.

● සිංහ
ඉතාම හොඳ සතියකි.
පෙර පින් බලය මතුවීම නිසා ආර්ථික වාසි ඉබේම වාගේ මතුවෙයි. එසේම මෙම සතිය ඇතුලත යහපත් ධනලාභ ඇතිවිමට බොහෝ ඉඩකඩ පවතී. එසේම වැඩිහිටියන්ගෙන්, පවුලේ අයගෙන් ආර්ථික ධන ලාභ ඇතිවේ. එසේම උරුමහරුමකම් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වේ. දානාමානාදී පින්කම් කිරිමටත්, භික්ෂූන් වහන්සේලා වඩම්මා පින්කම් කිරීමටත් සිත් පහල වේ. සිත ශාන්තභාවයකින් පිරී යයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල වෙනස්කම් නැත. උෂ්ණාධික රෝග ගැන බලන්න.

● කන්‍යා
මේ සතිය දැඩි අශුභකාරි සතියකි.
එසේම ඔබගේ සියලු ධනෝපායන මාර්ග වල දැවැන්ත බාධක මතුවේ. එසේම ඔබගේ ව්‍යාපාරික කටයුතු බිද වැටීමට ඉඩ ඇත. එසේම ඔබ ලග විශ්වාසයෙන් සිටි අය ඔබට ද්‍රෝහි විමට ඉඩ තිබේ. තවද කිසිම වැදගැම්මකට නැති දේවල් නිසා ඔබගේ අතිමහත් මුදල් වැයකිරිමට සිදුවේ. එසේම ඔබට රැකියාව අහිමිවී යාමේ පෙර නිමිති පහල වන නිසා එය රැක ගැනීමට උත්සහ ගන්න.
ගෘහ ජිවිතය තරමක අවුල්කාරි තත්වයක් ඇතිවේ. පවුලේ සාමාජිකයන් සමග වෙනදාමෙන් හිත හොද භාවයක් ඇති නොවේ. නිතරම මානසික ආතතිය ඇතිවේ. විටෙකදී දරුවන් සමග මෙන්ම සහෝදරයන් සමගද ආරවුල් ඇතිවිමට ඉඩ තිබේ.
ඔබට මේ කාලයේදී මෙම මානසික අසහනය දුරුවීමට මෛත්‍රි භාවනාව ප්‍රගුණ කිරීම හොදයි.
ලග්නයේ රාහු ගමන් කරන බැවිනුත්, චන්ද්‍රයා 8 බැවිනුත් මානසික තත්වය ගැන සැලකිලිමත් වන්න.

● තුලා
ශුභ සතියකි.
මේ සතිය තුලදී, ආර්ථික වාසි ඉහලින්ම සැලසේ. එසේම ඔබට හොද තත්වයේ ආර්ථික ගනුදෙනු සිදුවීමට නියමිතය. හවුලේ කරන අයගෙන් උදව් උපකාර මෙන්ම විවාහ සහකරු/සහකාරියගෙන් උදව් උපකාර ලැබේ. ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. මංගල යෝග උදාවේ. අවිවාහක අයට මේ කාලය සුබයි. නිවසට අලුත් නෑදෑ හිත මිතුරන් පැමිණේ.
සතිය අගදී සෙම් රෝග සහ ආමාශගත රෝග ගැන සැලකිල්ලෙන් පසුවන්න.

● වෘශ්චික
සමඵලදායකයි.
සතිය මුලදී ණය ගනුදෙනු හා මුදල් ගැනීම නොකල යුතුය. සතිය මැදදි ඒ තත්වය පහව යයි. කොටස්කාර, හවුල්කාර අයගෙන් වාසි සහගත තත්ව ඇතිවේ.
ගෘහ ජිවිතය තුල නැන්දලා මාමලාගේ උදව් උපකාර නිසා දියුණු වේ. සතිය මැදදී අඹුසැමියන් අතර දැඩි ලෙංගතුකමක්, ප්‍රේමයක් වර්ධනය වේ. විවාහ වීමට හොද කාලයක් උදාවේ.
සෞඛ්‍ය තත්වය, මුලදී අයහපත් පසුව හොදයි.

● ධනු
කේන්ද්‍රයට අනුව හොද සතියකි.
සතිය මුලදී ලොතරැයි දිනුම්, හදිසි ධනලාභ ලැබේ. සතිය අගදී සතුරු කරදරයක් පැමිණීමට පුලුවන්. ධන ධාන්‍ය තත්වය විනාශ වීමට ආදියට පෙන්වයි. පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය හොදයි. දුවා දරුවන්ගේ කටයුතු නිසා සිතට සැනසිල්ල ඇතිවේ. එසේම ඔවුන් සමග ප්‍රීති වීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. සතිය අගදී අජීර්ණ රෝග ගැන සැලකිලිමත් වන්න.

● මකර
බෙහෙවින්ම හොද සතියකි.
තමාට ආදායම් මාර්ග උදාවන අතර, භූමි ලාභ ලැබේ. ජලාශ්‍රිත ව්‍යාපාර, රැකියා කරන අයට ඉතාම සුබයි. නව දේපල වාසි, නව ආදායම් මාර්ග ලැබේ. ගොවිතැන් කරන අයට සුබයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. අඹුසැමි ප්‍රෙමය වර්ධනය වේ. පිට පලාත් වල සංචාරයට අවස්ථාව ලැබේ. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි විමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත, පපුවේ සෙම රෝග ගැන සහ සෙම්ප්‍රතිශ්‍යාව ගැන සැලකිලිමත් වන්න.

● කුම්භ
ඉතාම ශුභ සතියකි.
තමාගේ උත්සහයේ උනන්දුවේ හැටියට ආදායම් තත්ව වැඩි වර්ධනය වේ. දියුණුවට සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. තමාගේ බලය කීර්තිය වැඩිවන කාලයකි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. සහෝදර-සහෝදරියන්ගෙන් දියුණුට අතහිත ලැබෙනු ඇත. එසේම සතිය මැදදී නිවසට වටිනා කියන දේ මිලදී ගැනීමට නියමිතයි. අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම් සෙම් ආශ්‍රිත රෝගයි. පරිස්සම් වන්න.

● මීන
ඉතාම ශුභ සතියකි.
ආර්ථික තත්වය වැඩි දියුණු වේ. මෙම සතියේදී විදේශ ගතව සිටින ඔබට සුභ සතියකි. සතිය අගදී තමාගේ හොද නම නිසා කිසියම් ආකාරයක වාසි සහගත තත්වයක් මතුවිමට පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. දුවා දරුවන්ට සුබයි. භූමි ලාභ සහ වෙනත් ලාබ ප්‍රයෝජන මතුවිමට ඉඩ ප්‍රස්ථාව ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. උෂ්ණාධික රෝග සහ අජීර්ණ තත්වයන් ගැන සැලකිලිමත් වන්න.

පොදුවේ ඔබට

මේෂ රැසේ සිට මීන රැස දක්වා උපන් අපගේ පාඨක ජනතාව වන දයාබර ඔබට ලග්න පලාපලය කෙසේ වෙතත් 2015 වසර ඉතාම ප්‍රීතිමත්ව ගත කිරිමට සෞභාග්‍යයෙන් සංතෘප්තව සිටිමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනය කරන්නෙමු !

තෙරුවන් සරණයි !






No comments:

Post a Comment