Sunday, December 3, 2017

සතියේ ලග්න පලාපලය - දෙසැ 4 සිට



-
සඳු මෙම සතිය තුල වෘෂභ - මිථුන - කටක. යන රාශි වල ගෝචර වේ.

-
පොදු පලාපලයක් පමණි !

-

● මේෂ
ආදායම් මාර්ග වලට වෙනදාට වඩා සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත, ප්‍රවේසම්  විය යුතුය. නව ආදායම් මාර්ග වලට යොමු වීම නොකල යුතුය.
රැකියා  ස්ථානයේ බාධාකාරී සිදුවීම් තුලින් තම වැඩ කටයුතු එපා විමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. වෙනදාට තිබූ කලබලකාරී ස්වභාවයක් අඩු වීමට ඉඩ ඇත.


           -
● වෘෂභ
ආර්ථික වශයෙන් සුබ පල ගෙන දෙන සතියක් වීමට ඉඩ ඇත. හදිසි ධන ලාභ  ලැබිමට ඉඩ ඇත. යාන වාහන මිල දී ගැනීම් වලට සුබ සතියකි
රැකියා ස්ථානයේ තමාට පැවරෙන වැඩකටයුතු නිසි වෙලාවට කිරීමට ඉඩ ප්‍රස්ථාව උදා  විය හැකි කාලයක් වෙයි.
පවුලේ අය සමග සමගියෙන් වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ. සිතට සහනයක් උදා වේ. වෙනදාට වඩා පවුලේ අයගෙන් උපකාර ලැබේ.
   
        -

● මිථුන
  තම ව්‍යාපාර ආදායම් මාර්ග වල මූල්‍යමය කටයුතු පාලනයේ දී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතුය. ගැටලු ඇතිවීමට ඉඩ ඇත.
රැකියාවේ දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත. එම නිසා වෙනදාට වඩා තරමක් පීඩාකාරී විය හැක.
තම සහෝදරියන් සමඟ තරමක් ආරවුල් පෙන්නුම් කරන සතියකි. වැඩ කටයුතු කිරීමේදී  ප්‍රවේසම් විය යුතුය.


      -
● කටක
  තම බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටු වන කාලයකි. තම ආදායම් මාර්ගවලින් වෙනදාට වඩා සාර්ථක ප්‍රතිඵල ලඟා කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා වේ. රැකියා කරන අයට තිබු බාධා අඩුවේ.
මංගල යෝග ක්‍රියාත්මක වීමට ඉඩ ඇති සතියකි. ප්‍රමාද වී තිබූ මංගල යෝජනා ස්ථිර වෙයි. හිතට සහනයක් ගෙන දෙයි.

 
    -
● සිංහ
   මූල්‍යමය ව්‍යාපාර වල යෙදී සිටින අයට වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල උදාවිමට ඉඩ ඇති සතියකි. ආදායම් මාර්ග ද වෙනදාට වඩා යහපත් විය හැක.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගෙන් වෙනදාට වඩා පැසසුම් ලැබීමට ඉඩ ඇත. රැකියා සොයන අයට  නව රැකියා උදා වේ.
දෙමාපියන්  සමග වෙනදාට වඩා ගැවසීමට ඉඩ ලැබිය හැක. පවුලේ සමගිය වර්ධනය වේ.

     -
● කන්‍යා    
 වෙනදාට වඩා තම වැඩ කටයුතු වැඩ කටයුතු ඉක්මන් කිරීමට යාම තුළින් තරමක් ගැට‍ළු  නිර්මාණය වීමට ඉඩ ඇත.
රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට නව රැකියා ප්‍රමාද කිරීමට ඉඩ ඇත. රැකියා කරන අයට තරමක් සුබ සතියකි.
තම පවුල වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදු වන කාලයකි. අසල්වැසියන් සමග වෙනදාට වඩා සමීප ව කටයුතු  කිරීමට ඉඩ ලැබිමට හැකිය.

   -
● තුලා
   තම ආදායම් මාර්ග දියුණු කිරීම උදෙසා නව පියවරක් ගැනීමට සුදුසු කාලයකි. ඉදිරිය ගැන සිතා වැඩ කටයුතු කිරීමට ඉඩ ඇති කාලයකි.
රැකියාවේ උසස් වීම් තරග විභාග ආදියට මුහුණ දීමට ඉඩ ප්‍රස්තාව ලැබේ. රැකියා සොයන අයට නව රැකියා උදා වේ.
තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස වීමට සිදු විය හැක. ආදර සම්බන්ධතා වල තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබේ.

   
  -
● වෘශ්චික
   මුදල් පරිහරණයේ දී ප්‍රවේසම් විය යුතුය. නැතහොත් ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. තම ඉදිරි දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට සිදු වන සතියකි.
තම වැඩකටයුතු වලට ඇති සැලකිලිමත්භාවය අඩු වී යාම නිසා රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගෙන් දෝෂාරෝපණ එල්ල වේ.
තම අනාගත දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. මා පියන්ගේ ආශීර්වාදය හිමි වේ. පෙම් සබඳතා වලට ගැටලු ප්‍රශ්න ඇති වේ.

     -
● ධනු
    නව ආදායම් මාර්ගයක් හෝ  ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ කාලයක් වෙයි. වෙනදාට වඩා කැපවීමෙන් වැඩ කිරීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ වෙහෙසකාරී බව වැඩි වේ. දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට රැකියා ලැබිමට ඉඩ ඇත.
තම අසල්වාසීන් සමඟ සමග වෙනදාට වඩා සුහද ව වැඩ කිරීමට ඉඩකඩ ලැබිය හැකි කාලයකි. පවුලේ සමගියට තිබූ බාධා ඉවත් වේ.

    -
● මකර
ආදායම් මාර්ග වල පෙර තිබු කරදරකාරී බව අඩු වී  යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලට යොමු වීමට ඉඩ ලැබේ.
නව රැකියා සොයන අයට නව රැකියා  අවස්ථා ලැබිමට ඉඩ ඇත. රැකියාවේ තිබු කරදරකාරී බව අඩු වී යාමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඉගනීම් කටයුතු වලට වෙනදාට වඩා උනන්දුව වැඩි කාලයකි.
   
-
● කුම්භ
   තමන් ගනු ලබන තීරණ තමන්ට වාසි සහගත ලෙස ගැනීමට ඉඩ ලැබේ.  එම නිසා තම වැඩ කටයුතු ඉතා ලෙසින් කර ගැනීමට හැකි වේ.
රැකියා ස්ථානයේ සතුරු කරදර අඩු  වීමට ඉඩ ඇත ස්ථාන මාරු පෙන්නුම් කරන කාලයකි. රැකියා සොයන අයට නව රැකියා උදා වේ.
තම දරුවන්ගේ කටයුතු නිසා කාර්ය බහුල කාලයක් උදාවිමට  ඉඩ ඇත. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ.

   -
● මීන
  නිවාස ගේ දොර ඉඩකඩම් මිල දී ගැනීමට සුබ කාලයකි. ඉදිරි දියුණුව උදෙසා වැඩ  කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයකි.
තම රැකියාවේ ස්ථානය කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක. නව රැකියා ලැබේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් සහ තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබීමට ඉඩ ඇති සතියකි. ප්‍රේම සබඳතා  වල ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කලයුතුය.
  -

#ඉරු

No comments:

Post a Comment